දැක්ම
පොදු ශ්‍රාවකයාගේ ඉටු නොවු අභිලාෂයන් ඉටුකරගැනීම සඳහා සම්බන්ධීකරණයෙහි නියැලී කටයුතු කිරීම.
මෙහෙවර
දේශීය සංස්කෘතියෙහි චිරස්ථිතිය සඳහා වැඩසටහන් නිර්මාණය කිරීම. සහභාගීත්වය , සංවර්ධනය සහ සංවර්ධනාත්මක සන්නිවේදනය ප්‍රවර්ධනය සඳහා ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනය කර ඉදිරිපත් කිරීමට බිම් මට්ටමේ ජීවත්වන ප්‍රජාවට ඉඩ ප්‍රස්ථාව ලබාදීම.
1970, 1990 ද්විත්ව දශකය ගුවන්විදුලිය පරිවර්තනීය යුගයක් විය. 1972 වසරේ දී ජාතික ගුවන් විදුලියේ "ස්වදේශීය සේවය" සිංහල පළමු සේවය ලෙස නාමකරණය විය .මේ වකවානුවේදී සිංහල ස්වදේශීය සේවය යටතේ සංගීත අංශය ඉතා වටිනා කාර්යභාරයක් ඉටු කළේය .පර්යේෂණ ගී ,ජන ගී, ජන කවි සී. ද එස් කුලතිලක ,ඩබ්ලිව් බී. මකුලොලුව වැනි වියතුන්ගේ මග පෙන්වීම යටතේ පෝෂණය වන්නට විය. ස්වදේශීය සේවයේ ජේ.එච් ජයවර්ධන, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා වැනි ප්‍රවීණ නිර්මාණකරුවන් නාට්‍ය වැඩසටහන් පෝෂණය කළ අතර පණ්ඩිත් අමරදේව, මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස්, එදිරිවීර සරත්චන්ද්‍ර යන වියතුන් සම්භාව්‍ය වැඩසටහන් නිර්මාණය කළේය. නිදහස් නොවන පරිපූර්ණ ජාතියකට පරිපූර්ණ වූ සංස්කෘතියක් ද තිබේ. ඒ සංස්කෘතිය ගොඩ නැගීම් ගෞරවය හිමිවන්නේ ගුවන්විදුලියේ, සිංහල ස්වදේශීය සේවයටයි. අතීතයේ පැවති සංගීත කලාව යළි කාලානුරූපව බිහි කිරීමටත් , එමගින් ජනතාව නිර්මාණශීලී බවට හා විචාර පූර්ණව විචාරශීලි රසික ජනතාවක් බවට පත් පත්කිරීමටත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ක්‍රියාත්මක වු ආකාරය බොහෝ දෙනෙක් දනිති. එදා අපේ සංගීත ක්ෂේත්‍රෙය් බිහි වූ සැවොම බිහි වුයේ ගුවන්විදුලියෙනි.
සිනමාව, රූපවාහිනිය, කැසට් පට සිසාරා සීඩී තැටිය දක්වා බොහෝ ගායන ශිල්පීන්, සංගීතඥයින්, ගීත රචකයින් වැඩි දෙනා ගුවන්විදුලි දොරටුවෙන් ඇතුළු වී ඉන් පිට මංව ආ අයයි. ගුවන් විදුලියේ ස්වදේශීය සේවය ඔස්සේ එවකට සේවයේ යෙදුණු සංගීතයට ඇලුම් කළ බොහෝ දෙනා තම ශක්ති ප්‍රමාණයෙන් විවිධ නිර්මාණ ඉදිරිපත් කිරීමට පෙළඹුණහ. ඩී එස් පට්ටිආරච්චි මහතාගේ "ගීතමාලා "අමරදේවයන්ගේ "ජනතා ගායනා "මහගම සේකරයන් හා අමර දේවයන් එක්ව ඉදිරිපත් කළ "මධුවන්ති " "රස මියුරු " ස්වර වර්න" ඩෝල්ටන් අල්විස් මහතාගේ "විජය ගීත" ජි.එස් .බි රාණි පෙරේරා මහත්මියගේ "ගීත තරංග" වැනි වැඩසටහන් පනහ දශකයේ ආරම්භ වු වැඩසටහන්ය.
1950 න් පසු ඇරඹි ගුවන්විදුලිය පරිවර්තන යුගයේ දී නැවුම් වැඩසටහනක් හා සම්භාව්‍ය අසන්නන් පිරිසක් ගුවන්විදුලිය වටා ඒකරාශී කර ගැනීමට සමත් විය. 1951.624 දා ගුවන්විදුලිය ශාස්ත්‍රීය සේවය ආරම්භ වීමත් සමඟ ශාස්ත්‍රීය ගායන වාදන සාකච්ඡා විද්‍යා තොරතුරු වැඩසටහන්වලට ඇතුළත් වේ. මේ සියලු වැඩසටහන් ආරම්භ කළේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රය. පියවරෙන් පියවර වේගවත් වර්ධනිය කාලයකට අවතීර්ණ වූ සිංහල ස්වදේශීය සේවය 1969 අප්‍රේල් මාසයේදී ග්‍රාමීය සේවය නමින් වෙනම සේවාවක්ද ආරම්භ කළේය. මේ කාල වකවානුව පසුකරමින් වසරින් වසර විවිධ කෝණ ඔස්සේ විවිධ මාතෘකා ඔස්සේ සංගීත වැඩසටහන්, ආගමික වැඩසටහන්, නාට්‍ය වැඩසටහ, වාචික වැඩසටහන්, අධ්‍යාපනික හා ක්‍රීඩා වැඩසටහන් රාශියක් විවිධ ආකෘති ඔස්සේ ජනතාවට ආකර්ෂණය දිනා ගන්නා අයුරින් ප්‍රචාරය කරන්නේ ස්වදේශිය සේවයයි. බස, විනය, සත්‍ය අදටත් රැදී රැකී පවත්නේ පෙර වැඩසටහන් නිෂ්පාදනය කළා වූ විද්වතුන්, බුද්ධිමතුන් විසින් දෙනු ලැබූ ශක්තිමත් අඩිතාලම මතය.-