ආරම්භයේ සිටම දශක
පහමාරක් වැනි දීර්ඝ කාලයක් අගනුවරට කේන්ද්‍රවී තිබුණු ගුවන් විදුලිය සැබෑ ලෙස
ජනතාකරණය වූයේ 1979 අප්‍රේල් 12 වෙනි දින රජරට සේවය පිහිටුවීමත් සමග බව කීම
අතිශයෝක්තියක් නොවේ. එවකට පැවති පොදු ජන මාධ්‍යයක අවශ්‍යතාවය සපුරමින් එමගින් ඉටු
කරනලද සේවාව විවිධාකාර වේ. ආර්ථික සංවර්ධනය කෙරෙහි සෘජු ලෙසම බැඳී පවත්නා
කෘෂිකාර්මික සංනිවේදනය ඒ අතර සුවිශේෂ සේවාවකි. සිය ශ්‍රවණ කලාපීය ජනයා සම්බන්ධ කොට
ගනිමින් සමාජයීය සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම රජරට සේවයේ මුඛ්‍ය අභිලාශයවී
තිබේ. එකී සමාජමය සංවර්ධනය උදෙසා රජරට සේවාව විවිධ සංවර්ධන ඉලක්කයන් ඔස්සේ ස්වකීය
වැඩසටහන් මෙහෙයවූ බවට ශාක්ෂි අපමණය. එකී ක්‍රියාවලියේ ප්‍රධානතම අතුරු ඵල මෙලෙස ත්‍රිවිධාකාර
ලෙස බෙදා දැක්විය හැක.
1.
යහපත්
ආකල්පමය විචාරශීලී ප්‍රතිශ්ඨාවක් කරා ශ්‍රාවකයා කැඳවීම.
2.
ශ්‍රාවකයා
තුල රස වින්දනාත්මක හා නිර්මාණාත්මක ශක්‍යතා ප්‍රවර්ධනය.
3. සංස්කෘතිකමය පුනර්ජීවනයක් උදෙසා ශ්‍රාවකයා මෙහෙයවීම.
රජරට වෙසෙන 40 ලක්ෂයක ජනතාව අතර බහුතරය ගැමියන් ය. ඔවුන් වෘත්තිමය,
ආදායම් හා අධ්‍යාපන
තත්වයන් අතින් විශිෂ්ඨ නොවූත් අඩු පහසුකම් මැද දිවි ගෙවන්නාවූත් තමන් විඳින
දුෂ්කරතාවම ජීවන පන්නරය කොට සිටිනු පෙනේ. නූතන තාක්ෂණය හා තදින් නොබැඳෙන,
සාම්ප්‍රදායික
ආකල්ප හා සංකල්ප ආදියෙන් යුක්තවූ ඔවුන් දෙස
දයාර්ද්‍ර විචාර පූර්වක දෘෂ්ඨියකින් බලන්නට රජරට සේවය සමත් විය.
විචාරශීලී ආකල්පමය
ප්‍රතිශ්ඨාව වූ කල්හි දියුණු සමාජයක් කෙරෙහි ලා ගමන් අරඹන ජනතාවක් සතුවිය යුතු අත්‍යවශ්‍ය
ජීවනාංගයකි. ජීවිතය, එහි අදාල විසඳුම් හා ක්‍රියාකාරකම් පිළිබඳ යථාර්තවත්
දෘෂ්ඨියක් මතු කෙරෙනුයේ එතුලින් වන බැවින් ඒ සඳහා 1979 දී රජරට සේවාව ආරම්භයේදීම ඊට සංක්‍රමණයවූ පළමු කාර්ය
මණ්ඩලය එහි සැබෑ නියමුවන් වීම එහි මූලික පදනමයි. ප්‍රථම අධ්‍යක්ෂවර සිරිල් රාජපක්ෂ,
ස්වර්ණ ශ්‍රී
බණ්ඩාර, විජයානන්ද ජයවීර,
ප්‍රේමකීර්ති ද
අල්විස්, සේන ගුණසේකර, සොමසිරි චන්ද්‍රසේන,
කුලසේන ෆොන්සේකා,
නිව්ටන් ගුණසේකර,
සිරිපාල රදම්පොල
ගමගේ, ඇන්තනි ජයමාන්න, කපිල රත්නායක, එඩ්වින් කුරුප්පු ආරච්චි,
සුනිල් විජේසිංහ,
හරිස්චන්ද්‍ර
පෙරේරා, කුමුදු සෙනෙවිරත්න.
තමරා ද සොයිසා ඇතු`ථ තවත් සහෘදයෝ
රැසක් එහි වූහ.
පසු කාලීනව කලින්
කලට රජරට සේවාව හා බැඳුණු ජී.ටී. වික්‍රමසිංහ,
තිලක සුධර්මන් ද
සිල්වා. හිල්ටන් පෙරේරා.
ශ්‍රීපාලි වයමන්.
ඩී.එස් දයාරත්න.
නිව්ටන් ගුණරත්න.
කිත්සිරි අ`ථත්ගේ වැනි ප්‍රවීණ මාධ්‍යවේදියෝ එකී සේවාව තහවුරු
කිරීමේ ලා අඩු වැඩි වශයෙන් දායකත්වය දැක්වූහ. ඒ වූකලි හුදෙක් තවත් එක් මාධ්‍ය
ආයතනයක් නොවේ ය යන්න සනාථ කරමින් පළමුව ශ්‍රාවක ආකර්ශණය දිනාගත් රජරට සේවය ශ්‍රවණ
කලාපීය ජනතාවගේ ජීවිත හා බැඳුණු දුක සැප බෙදාගත් ප්‍රධානතම මහජන සේවාවක් බවට
පත්වන්නට විය. යටත් විජිත මානසිකත්වයේ මුල් බැස ගත් නිලධාරි පැලැන්තිය තුල ගැමි
ගොවියා පිළිබඳව වූ මිථ්‍යා මත වාදයන් පුපුරවා නව සාංකල්පික ප්‍රවණතා ඇතිකිරීමෙහි
ලා රජරට සේවය පුරෝගාමී වූවාය.