What's New

SRI LANKA BRODCASTING CORPORATION

Ministry of Mass Media

Kandurata FM

 

 Listen to the Kandurata FM
 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය මධ්‍යම, ඌව, සබරගමුව සහ වයඹ පළාත් ආවරණය වන පරිදි FM 90.1, 107.3, 107.5 තරංග මාලා ඔස්සේත්, SLBC Mobile App සහ Radio Garden ජංගම දුරකථන යෙදවුම් ඔස්සේ ලොව පුරා සිටින සියලු ජනතාවටත් ශ්‍රවණය කළ හැකි වන පරිදි වැඩසටහන් විකාශය කරන කන්ද උඩරට පිහිටි එකම විද්‍යුත් ගුවන් විදුලි නාලිකාවයි. 1983 අප්‍රේල් මස 13 වන දින එවකට ගුවන් විදුලි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතාගේ කාලසීමාව තුළ දී මහනුවර පුෂ්පදාන මාවතේ පිහිටි එවකට මහනුවර කලාගාර ගොඩනැගිල්ල තුළ ස්ථාපිත කළ ගුවන් විදුලි සංස්ථාවේ තුන්වන  ප්‍රාදේශීය සේවය කඳුරට සේවයයි. ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කරගත් කන්ද උඩරට ආගමික හා සංස්කෘතික පසුබිම පිළිබඳ ගවේෂණාත්මක දැනුම් සම්භාරයක් ශ්‍රාවකයා වෙත පිරිනැමීම මූලික කරගනිමින් උඩරට තේ, එළවළු සහ කුළුබඩු ගොවීන්ට අවශ්‍ය තොරතුරු සම්පාදනයත්, මධ්‍යම කඳුකරයේ කලාකරුවන්ගේ නිර්මාණ එක්රැස් කරන තෝතැන්න වීමත්, අපගේ සෙසු අරමුණයි. සිංහල, දෙමළ භාෂා දෙකෙන්ම ජනතාවට ආමන්ත්‍රණය කරන එකම ප්‍රාදේශීය නාලිකාව වන්නේ ද කඳුරට සේවයයි. දිනපතා පෙ.ව.5.30 සිට රාත්‍රී 9.30 දක්වා අඛණ්ඩව සජීවී විකාශනයක් ක්‍රියාත්මක කෙරේ. කඳුකරයේ නැවුම් තොරතුරු උණුසුම්ව පිරිනමන “කඳුරට පුවත්” ඇතුළු ආකර්ෂණීය කාලීන වැඩසටහන් රැසකින් සමන්විත කඳුරට සේවය අනාගත සන්නිවේදක පරපුර බිහි කිරීම උදෙසා “ SLBC මාධ්‍ය ඇකඩමිය “ නමින් කොත්මලේ පුහුණු ආයතනයක් ද පවත්වාගෙන යන ප්‍රාදේශීය සේවාව ද වේ.