What's New

SRI LANKA BRODCASTING CORPORATION

Ministry of Mass Media

Background

SLBC

SLBC



ගුවන්විදුලිය සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. ජර්මන් ජාතික හෙන්රික් හර්ට්ස් විසින් හර්ට්ස් (Hertz) හෙවත් සංඛ්‍යාතය සොයා ගැනීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල් ගුවන්විදුලිය සම්බන්ධ පර්යේෂණවල නිරත විය. ඉතාලි ජාතික ගුග්ලියෙල්මෝ මාකෝනි මෙන්ම ඉංග්‍රීසි ජාතික ඔලිවර් ලොජ්, ප්‍රංස ජාතික එඩ්වඩ් බ්‍රැන්ලි, රුසියන් ජාතික ඒ. එස්. පොපොෆ්, ඉතාලි ජාතික ගියුසෙප් රිගි ගුවන්විදුලිය සම්බන්ධ අළුත්දේ සොයා ගත්හ. 1902 වර්ෂයේදී ඩෙන්මාර්ක් ජාතික වැල්ඩිමාර් පවුල්සන් විසින් ස්ථීර ලෙස තරංග යැවීමේ ක්‍රමයක් සොයා ගත්තේය. පීටර්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ සේවය කළ ඇමරිකන් ජාතික ආර්. ඒ. පෙන්ඩසන් සැතැපුමක් පමණ දුරට මිනිස් කටහඬක් යැවීමට සමත් විය. 1919 වර්ෂයේදී ලෝකයේ පළමුවන ගුවන්විදුලි ප්‍රචාරක මධ්‍යස්ථානය මාකෝනි සමාගම විසින් චෙම්ස්ෆර්ඩ් වල පිහිටුවන ලදී. 1920 ජූනි 15වන දින එකල ලොව ප්‍රකට ගායිකාවක වන නෙලී මෙල්බා මැතිනිය මෙහි සිට ගීතයක් ගායනා කළාය. යුරෝපයේ බොහෝ රටවලට ඇගේ ගායනය ශ්‍රවණය කිරීමට හැකිවිය. 1922 ජනවාරි 14 වන දින බ්‍රිතාන්‍යයේ චෙම්ස්ෆර්ඩ් නගරයට මදක් ඈතින් පිහිටි රිට්ල් ස්ථානයේ සිට නිල වශයෙන් පළමු ගුවන්විදුලි වැඩසටහන ප්‍රචාරය කරන ලදී. ඉන් වසර දෙකක් ගතවී මාස කිහිපයක් තුළ බ්‍රිතාන්‍යයේ කිරීටයට යටත් දකුණු ආසියාවේ රාජ්‍යයන් අතර පළමුවරට ගුවන්විදුලි සේවයක් ආරම්භ කළ රට වන්නේ ශ්‍රී ලංකාවයි.


SLBC

SLBC