What's New

SRI LANKA BRODCASTING CORPORATION

Ministry of Mass Media

Thamil Sevai

 Listen to the Radio Thamil SevaI

 

දැක්ම

සියලු ශ‍්‍රාවකයන්ගේ උසස් රසවින්දනය උදෙසා විශිෂ්ඨ නිර්මාණයන්ගෙන් පිරිපුන් සන්නිවේදන කටයුතු සිදුකිරීම 

මෙහෙවර 

සමාජ සංස්කෘතික වටිනාකමි ඉස්මතු කරමින් ශ‍්‍රාවකයන්ගේ උසස් රසවින්දනයට උචිත ලෙස විවිධ ක්ෂේත‍්‍ර ඔස්සේ වැඩසටහන් නිෂ්පාදනය කොට විකාශය කිරීම 

 
 

දමිළ ස්වදේශීය සේවය තම ප්‍රථම වැඩසටහන ප්‍රචාරය සනිටුහන් කරන්නේ විද්‍යා විනෝද සභාව විසින් වේදිකා ගත කළ ‘‘රාම වනවාසම්” යන නාට්‍ය 1936 10 09 දින විසුරුවා හැරීමෙනි. 1936 වසරේ ‘‘පාට්ටි” නමින් දමිළ ළමා වැඩසටහන් ප්‍රචාරය ආරම්භ විය. ග්‍රාමීය වැඩසටහන් 1940-04-01 දින ආරම්භ වූ අතර දමිළ අසන්නන් සඳහා අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල පස්වරු 5.00 සිට 5.30 දක්වා ගුවන් කාලය වෙන් කරන ලදී.  1950-01-01 දින සිට ක්‍රියාත්මක වූ ද්විවිධ විකාශන ක්‍රමය ආරම්භය සමඟ දමිළ වැඩසටහන් සඳහා පැය හතරක ගුවන් කාලයක් වෙන් කොට තිබිණි.  1951-04-01 දින දෙමළ ස්වදේශීය සහ දෙමළ වෙළෙඳ සේවය ආරම්භ කරන ලදී.

1976-12-16 දින යාපනය විකාශනාගාරය ආරම්භ කරන ලදී. 1984 දෙසැම්බර් මස සිට දෙමළ ස්වදේශීය සේවය සහ දෙමළ වෙළද සේවය ඒකාබද්ධ කරන ලදී.  1987 වසරේ සිව්වන ප්‍රාදේශීය ගුවන්විදුලි සේවය ලෙස යාපනය දිස්ත්‍රික්කයේ  “යාපා පටුන සේවය” ආරම්භ කරන අතර 1991-01-05 දින එය “පලාලි සේවය”  ලෙස නම් කරන  ලදී.  එසේම දමිළ සේවයේ විකාශන කටයුතු සඳහා දායකත්වය ලබා දුන් වන්නි ප්‍රාදේශීය සේවය 1993-02-04 දින ආරම්භ විය.  1995 වසරේදී පළමු වරට දකුණු ඉන්දියාවේ සිට එහි පැවති ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනය පිළිබද වැඩසටහන් 09ක් ප්‍රචාරය කරන ලදී. 1996-01-09 දින සිට දෙමළ වෙළද සේවය වෙනම ස්වාධීන සේවාවක් ලෙස තම විකාශන කටයුතු ආරම්භ කරන ලදී.

පලාලි / යාපා පටුන සේවය 1997-01-02 දින සිට යාපනය සේවය ලෙස නම් කරන ලදී.  1997-08-16 දින සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ බී.බී.සී. ආයතනය ඒකාබද්ධ වී දෙමළ ස්වදේශීය සේවය ඔස්සේ වැඩසටහන් ප්‍රචාරය සිදු කිරීම ආරම්භ කළේය. 2001-01-14 දින සිට තෙන්ඩ්‍රල් FM ආරම්භය සනිටුහන් විය. ප්‍රාදේශීය දමිළ ගුවන්විදුලි සේවාවක් වන පිරෛ FM 2005-11-04 දින තම විකාශන කටයුතු ආරම්භ කරන ලදී. 2009-07-04 දින ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟයේ විස්තර සජීවීව පන්දුවෙන් පන්දුව දෙමළ බසින් ප්‍රචාරය කරන ලදී. 2010-01-06 දින පලාලි සම්ප්‍රේෂණාගාරය විවෘත කිරීම සහ මෙම ස්ථානයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියලුම දෙමළ සේවා විසුරුවා හරින ලදී.

 

 2010-04-15 දින සිට සිංහල ස්වදේශීය සහ දෙමළ සේවා ඔස්සේ බී.බී.සී.  සංදේශය වැඩසටහන නැවත ප්‍රචාරය ආරම්භ කරන ලදී. ක්‍රිස්තියානි සිතුවිලි දිනපතා ප්‍රචාරය වන අතර ඉරිදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල කතෝලික සහ ක්‍රිස්තියානි වැඩසටහන් මෙන්ම ගීත ප්‍රචාරය කිරීම සිදු කෙරේ. මඩු මාතා සහ තලවිල පුත්තලම් මංගල්‍යයන්වල විශේෂ නත්තල් වැඩසටහන් ප්‍රචාරය කිරීම සහ අලුත් අවුරුදු විශේෂ දේව මෙහෙයන් ද දෙමළ ස්වදේශීය සේවය හරහා ප්‍රචාරය සිදු කරයි.  ජාතික ඒකාබද්ධතාවය සහ සංහිඳියාව සම්බන්ධ වැඩසටහන් ජාතික උත්සව මෙන්ම අධ්‍යාපනික, සමාජීය, සංස්කෘතික, ආර්ථික, දේශපාලනික, වෛද්‍ය ක්‍රීඩා, සංගීත යනා දී ක්ෂ්‍රේත්‍ර සියල්ල ආවරණය කරමින් හරවත් වැඩසටහන් දෙමළ ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය වේ.