What's New

SRI LANKA BRODCASTING CORPORATION

Ministry of Mass Media

Overview

Vision

"To become Leading Sri Lankan Radio Communicator"

" ප්‍රමුඛ ශ්‍රී ලාංකික ගුවන්විදුලි සන්නිවේදකයා වීම."

Mission

"Continuing in to the future, the excellent role played in nurturing the needs, strengthening and building of nationalism of the people of Sri Lanka as well as maintaining at an exalted level the economic, social, political, educational, cultural and moral well-being of all communities and Implementing the mission of nurturing knowledge, attitudes and skills to enhance the communication needs and living standards of all communities in fulfilling the role of the government for the prosperity of the country and the general public."
" ශ්‍රී ලාංකීය ජන කොට්ඨාශයන්හි අවශ්‍යතා පෝෂණය කිරීම, ශක්තිමත් කිරීම හා ජාතිකත්වය ගොඩනැංවීම උදෙසා ඉටුකරනු ලැබූ විශිෂ්ට කාර්යභාරය අනාගතයේදි ද ඉටුකරමින් සෑම ජන කොට්ඨාශයකගේම ආර්ථික, සමාජීය, දේශපාලනික, අධ්‍යාපනික, සංස්කෘතික හා සදාචාරාත්මක තත්ත්වයන් උසස් මට්ටමකින් පවත්වාගනිමින් රටේත්, පොදු මහජනතාවගෙත් සෞභාග්‍ය වෙනුවෙන් වූ රජයේ කාර්යභාරය ඉටු කිරීමට සියලු ජන කොටස්වල සන්නිවේදන අවශ්‍යතාවය හා ජීවන තත්ත්වය උසස් කරනු පිණිස දැනුම, ආකල්ප, කුසලතා පෝෂණය කරන සන්නිවේදන මෙහෙවර ක්‍රියාත්මක කිරීම."


Objectives
Short Term Objectives
  • Provide accurate information responsibly and accountably and expeditiously update the listener community with up-to-date information.
    නිරවද්‍ය තොරතුරු වගකීමෙන් හා වගවීමෙන් යුතුව කඩිනමින් ලබාදීම හා තත්කාලීන තොරතුරුවලින් ග්‍රාහක ප්‍රජාව යාවත්කාලීන කිරීම.

  • Conducting classical programs, scholarly discussions, seminars and workshops to preserve cultural identities, explore new creative aspects for national betterment, and to communicate a high level of enjoyment to the subscriber community.
    සංස්කෘතික අනන්‍යතවයන් සුරක්ෂිත කරමින්, ජාතික අභිවෘද්ධිය උදෙසා නව නිර්මාණාත්මක පැතිකඩ සොයා යමින්, උසස් රසවින්දනයක් ග්‍රාහක ප්‍රජාවට සන්නිවේදනය කිරීම සඳහා සුභාවිත ගීතය, කාලීන වැඩසටහන්, ශ්‍රාස්ත්‍රීය සාකච්ඡා, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම.

  • To act as a pioneering communications body for the protection of media traditions and ethics, as well as to adhere to a system of media ethics that must be safeguarded as the communications industry becomes a business with financial benefits as the technology space for communication expands.
    සන්නිවේදනයෙහි තාක්ෂණික අවකාශය පුළුල්වීමත් සමඟ මුල්‍ය ප්‍රතිලාභ පෙරදැරි වූ ව්‍යාපාරයක් බවට සන්නිවේදන කර්මාන්තය පත්වීම හේතුවෙන් සුරක්ෂිත වියයුතු මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියකට අනුකූලව කටයුතු කිරීම මෙන්ම, මාධ්‍ය සම්ප්‍රදාය හා ආචාර ධර්ම ආරක්ෂා කරන පුරෝගාමී සන්නිවේදන ආයතනය ලෙස කටයුතු කිරීම.

  • Maintaining a good financial and human resource management process as an institution full of communication talents .
    සන්නිවේදන කුසලතාවයන්ගෙන් පිරිපුන් ආයතනයක් ලෙස යහපත් මුල්‍ය හා මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම.

  • To function as an institution that maintains a network of radio channels that accurately and clearly identifies the ethnic, religious and cultural identities of the Sri Lankan communities and addresses those identities with equality.
    ශ්‍රී ලාංකීය ජන ප්‍රජාවන්ගේ අනන්‍යතාවයන්ට අයත් වාර්ගික, ආගමික, සංස්කෘතික යන අන්‍යතාවයන් නිවැරදිව සහ පැහැදිලිව හඳුනාගනිමින්, එකී අන්‍යතාවයන් සඳහා සමානාත්මතාවයෙන් ආමන්ත්‍රණය කරන ගුවන්විදුලි නාලිකා ජාලයක් පවත්වාගෙන යන ආයතනයක් ලෙස කටයුතු කිරීම.