Sri Lanka Brodcasting Corporation

Wed07182018

Last updateWed, 11 Jul 2018 10am

දේශීය පුවත්

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය අතර දේශපාලන. වෙළෙඳ සහ ආයෝජන අවස්ථා

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයේඩ් අල් නයන් මහතා සිය ආසියානු සංචාරයේ එක් පියවරක් ලෙස ඊයේ දිවයිනට පැමිණියේය.  ඔහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවු අතර විදේශ කටයුතු ඇමති තිලක් මාරපන මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විය.  ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය අතර දේශපාලන. වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳව එහිදී සාකච්ඡාවට බදුන්විය.  එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ආයෝජකයන්ට මෙරට ආයෝජනය සදහා එක්වන ලෙස එහිදී ශ්‍රී ලංකාව ඇරයුම් කළේය.  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික ගෘහසේවක සේවිකාවන් සම්බන්ධ ගැටඵවලට  විසදුම් සෙවීමේ සංසදයක් වන ශ්‍රී ලංකා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඒකාබද්ධ කොමිසමේ දෙවන වටය ලබන වසරේදී කොළඹදී පැවැත්විමට ඇමතිවරු දෙපල එකගවුහ  කොන්සියුලර් කටයුතු සදහා ඒකාබද්ධ කමිටුවක් ස්ථාපිත කිරීම සහ රේගු කටයුතු සම්බන්ධ සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහයෝගය සම්බන්ධයෙන් වන ගිවිසුම් දෙකකටද ඇමතිවරු දෙපල අත්සන් තැබුහ.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්