Sri Lanka Brodcasting Corporation

Sat12162017

Last updateFri, 15 Dec 2017 8pm

දේශීය පුවත්

ජාතික හා ජාත්‍යන්තර ගැටුම් නිරාකරණයට බෞද්ධ දර්ශනය වැදගත් වන බව ජනපති කියයි

ජාතික හා ජාත්‍යන්තර ගැටුම් නිරාකරණයට හා සාමකාමි සමාජයක් ගොඩනැගීමට 7 වැනි ලෝක බෞද්ධ සමුඵවමහත් පිටිවහලක් වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. එම සමුඵව අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ඇරඹුණි. තවදුරටත් අදහස් දැක්වු ජනාධිපතිතුමා පැවසුවේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව යමින් යහපත් සමාජයක් ගොඩනැගීම සදහා ශ්‍රීි ලංකා රජය ගෙන යන වැඩපිළිවෙලට මෙම සමුඵව ද විශේෂ දායකත්වයක් සපයන බවයි. විවිධ ගැටුම් හා අර්බුද නිරාකරණය කර ගැනීමට ආගමික නායකයන් අදාල රටවල ප්‍රජාවට අවබෝධයක් . දැනුවත් භාවයක් ලබාදීම වැදගත් බවද එතුමා පෙන්වා දුන්නේය. බෞද්ධ දර්ශනය පදනම් කර ගනිමින් මෙරටේ සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගා යහපාලනය ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි එතුමා කියා සිටී.

සියලු ජනකොටස්වලට . ආගමිකයන්ට ගරු කොට සැලකීම මගින් සහජීවනය තහවුරු වන බව අගමැති පෙන්වා දෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථා කරමින් සාමකාමී සහජීවනයෙන් දිවි ගෙවීම සදහා මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇතැයි පැවසීය. ශ්‍රිී ලංකාව බුදු දහම . සංඝරත්නය . සහ පුජනීය ස්ථාන ආරක්ෂා කරයි. බුදු දහමට නිසි තැන හිමිවී ඇති අතර සෙසු ආගම්වලට ද ගරු කෙරේ. සියලු ජනකොටස්වලට . ආගමිකයන්ට ගරු කොට සැලකීම මගින් සාමකාමී සහජීවනය තහවුරු වන බවද අග්‍රාමාත්‍යතුමා කීවේය.
ලබන 7 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සමුඵවට රටවල් 47 ක නියෝජිතයෝ 800 කට වැඩි පිරිසක් සහභාගි වෙති.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්