Sri Lanka Brodcasting Corporation

Thu05252017

Last updateWed, 24 May 2017 3pm

දේශීය පුවත්

ජගත් වෙසක් සමරුව හා රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව කුලදරුවන් දහසක් සසුන් ගතකිරීමේ වැඩපිළිවෙලේ ජාතික මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් හෙට අනුරාධපුරයේදී.

එක්සත් ජාතින්ගේ වෙසක් සමරු උළෙල හා රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව කුලදරුවන් දහසක් සසුන් ගතකිරීමේ වැඩපිළිවෙලේ ජාතික මහෝත්සවය අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහාසෑ රදුන් අභියසදී හෙට පැවැත්වේ. ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම පුණ්‍යා්ත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ද . කථානායක කරු ජයසුරිය හා ඇමති විජයදාස රාජපක්ෂ යන මහත්වරු සහභාගි වෙති.

එහිදී කුලදරුවන් 250 දෙනෙකු සසුන් ගතකිරීමට නියමිතයි. එක්සත් ජාතින්ගේ වෙසක් දින සමරු උළෙල හා රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව කුලදරුවන් දහසක් සසුන් ගතකිරීමේ වැඩපිළිවෙලේ පලමු අදියර ලෙස කුලදරුවන් 75 දෙනෙකු සසුන් ගතකිරීම හම්බන්තොය බෙලිඅත්ත දම්මුල්ල ශ්‍රී සුදම්ම විහාරස්ථානයේදී පසුගිය සෙනසුරාදා සිදුවිය. සසුන් ගතකෙරෙන සාමනේර ස්වාමින් වහන්සේට අධ්‍යාපනය ලබන කාලය තුළ කැපකරු සාමනේර ක්‍රමයක් ආරම්භ කිරීම.

අවශ්‍යතා සහිත සාමනේර ස්වාමින් වහන්සේගේ දෙමව්පියන්ට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සමග එක්ව බුදුපුත් මාපිය වැඩසටහන යටතේ නිවාස ලබාදීම. සාමනේර ස්වාමින් වහන්සේගේ දෙමව්පියන් සදහා නොමිලේ දඹදිව වන්දනා අවස්ථා සලසාදීම හා එම දෙමව්පියන්ට විශේෂ වරප්‍රසාද සහිත කාඩ්පතක් හදුන්වාදීම සිදු කෙරෙන බව බුද්ධශාසන අමාත්‍යංශය කියයි.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්