Sri Lanka Brodcasting Corporation

Sat12162017

Last updateFri, 15 Dec 2017 8pm

දේශීය පුවත්

ඉදිරි මාස කිහිපය තුල විදේශ ගමන් බලපත්‍රයට නවීන තාක්ෂණය එක් කෙරෙන බව අගමැතිවරයා කියයි.

ඉදිරි මාස කිහිපය තුළ විදේශ ගමන් බලපත්‍රය සදහා මයික්‍රෝ චිප් තාක්ෂණය  ඇතුළත් කෙරෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.  තම ඇගිලි සලකුණ . ඡායාරූපය හා තවත් තොරතුරු රැසක් ඊට ඇතුළත් කෙරේ.   බියගම ආයෝජන කලාපයේ පිහිටි තෝමස් ඩිලාරු ආයතනයේ නිරික්ෂණ  චාරිකාවකට  ඊයේ එක් වු  අගමැතිවරයා ඉන් අනතුරුව මාධ්‍ය අමතමින් මේ බව  සදහන් කළේය. 

Read more...

නිල ඇඳුම් වවුචර දරුවන්ට නොදී ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග.

නොමිලේ ලබා දෙන නිල ඇඳුම් වව්චර පාසල් දරුවන්ට නොදී ඒ වෙනුවට රෙදි ලබාදීම හෝ වෙනත් මැදිහත් වීම් සිදු කරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නැයි ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.  අද පළවී ඇති මාධ්‍ය වාර්තා කිහිපයක් පිළිබදව අවධානය යොමු කරමින් ඇමතිවරයා එම උපදෙස් ලබාදී තිබෙ.

Read more...

පළාත් පාලන ඡන්ද විමසීමේ දී ඥාති සංග්‍රහයට අනුව අපේක්ෂකයන් පත් කිරීමට ඉඩ නොදෙන බව ෆයිසර් මුස්තාපා ඇමතිවරයා අවධාරණය කරයි.

දේශපාලනයේ දී එක් පවුලකින් එක් අයෙකු යන සංකල්පය අහෝසි කරමින් ඥාති සංග්‍රහයට අපේක්ෂකයන් පත් කිරීම කිසිසේත් ඉඩ නොදෙන බව ඇමති ෆයිසර් මුස්තාපා මහතා අවධාරණය කරයි.  කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු ඒ බව සදහන් කළේය.

ව්‍යාජ වෛද්‍යවරුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට සෞඛ්‍ය ඇමතිවරයා පොලිසියේ සහාය පතයි.

ව්‍යාජ වෛද්‍යවරුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා පොලිසියේ සහාය ලබා ගන්නා බව ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.  දැනට දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් තිස් දහසක් පමණ සිටින බවට තොරතුරු ලැබී තිබේ.  පෞද්ගලික වෛද්‍ය සේවාවල නිරත වීමට පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි විය යුතුය. 

Read more...

පොල්ගහවෙල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් තිදෙනෙකු අල්ලස් චෝදනා යටතේ අත්අඩංගුවට.

පොල්ගහවෙල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරිහු තිදෙනෙක් අල්ලස් චෝදනා යටතේ අත්අඩංගුවට ගැනෙති.  රථවාහන අනතුරක් සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රයක් නිදහස් කිරීමට රථවාහන අංශයේ උසාවි රාජකාරි භාර නිලධාරියා රුපියල් පන් දහසක මුදලක් ඉල්ලා ඉන් රුපියල් 2000 ක් ලබා ගෙන තිබෙ.

Read more...

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඉදිරියේදි පොලිතින් භාවිතය තහනම්

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඉදිරියේදි පොලිතින් භාවිතා කිරීම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මධ්‍යම පරිසර අධිකාරිය වෙත උපදෙස් දෙයි.  එහිදි පොලිතින් භාවිත කලහොත් අදාල පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.  මේ පිළිබඳ ඉදිරියේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා අදාල පාර්ශවයන් දැනුවත් කරන ලෙසද එතුමා මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන්නේය.  ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදුන්නේ පළාත් පාලන ආයතනයන්හි කසල කළමනාකරණය විධිමත් කිරිම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවේදීය.  කසල ගැටඑවට විසඳුම් සෙවීම කිසිඳු අයුරකින් ප්‍රමාද කළ නොහැකිය.  ගැටඑ ඇත්නම් ඒවා තමා වෙත කඩිනමින් යොමු කරන ලෙස ද ජනාධිපතිතුමා අදලා අංශ වලට උපදෙස් දුන්නේය.  දැනට ආරම්භ කර ඇති කසල කළමනාකරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය ද එහිදි සාකච්ඡා කෙරිණ.  සියලු පළාත් පාලන ආයතන සඳහා ට්‍රුක්ටර් මිලදී ගැනිමේ ප්‍රගතිය. කසල කළමනාකරණ මාර්ගොපදේශ අනුව කටයුතු කිරීම. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජාතික මට්ටමේ ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව ද සමාලෝචනයට ලක්කෙරිණ.  පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය කළමනාකරණය සඳහා වන අමාත්‍ය මණ්ඩල තිරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව වර්තමාන තත්ත්වය සහ  ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද එහිදි සාකච්ඡා විය.

ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් ශක්තිමත් කිරිම රජයේ අරමුණ බව අගමැතිවරයා කියයි

. නව විදේශ අයෝජන ගෙනඒමටත් දැනට තිබෙන ව්‍යාපාර වෙළඳපල තරගකාරිත්වයට මුහුණදිමට හැකි ආකාරයට හැඩගස්වා එම නිෂ්පාදන අපනයනය කිරිමටත් වත්මන් රජය කටයුතු කරමින් සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  ඉදිරි වසර කිහිපය තුලදී මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් ශක්තිමත් කිරිම රජයේ අරමුණ බව අගමැතිවරයා කියයි.  ඉදිරියේදි විශාල ආයෝජන කළාප පිහිටුවිමට නියමිතයි.  මහනුවර බිංගිරිය. මාවතගම. කලුතර. ගාල්ල. හම්බන්තොට හා මොණරාගල වැනි ප්‍රදේශවල එම ආයෝජන කලාප ස්ථාපිත කෙරේ.   එමගින් එම ප්‍රදේශ දියුණු කිරිම අරමුණ බව අගමැතිවරයා පැවසුවේ බියගම ආයෝජන කලාපයේ පිහිටි තෝමස් ඩිලාරූ ආයතනයේ නිරික්ෂණ චාරිකාවක ඊයේ නිරතවු අවස්ථාවේදිය.  ශ්‍රි ලංකාවට අවශ්‍ය මුදල් නෝට්ටු ප්‍රමානයෙන් සියයට 25 ක් පමණක් මෙහිදි මුද්‍රණය කෙරේ.   ඉදිරියේදි ඉතිරි සියයට 75 ද මෙහි මුද්‍රණය කිරිමට නියමිත බව අගමැතිවරයා පැවසිය.   ඉදිරි මාස කිහිපය තුල ශ්‍රි ලංකාවේ නව විදේශ ගමන් බලපත්‍රයද මෙම ආයතනයේදි මුද්‍රණය කිරිමට නියමිතයි.  අනාගතයේදි වෙනත් රටවල විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කිරිමේ ඇනවුම් ද මෙම ආයතනයට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව අගමැතිවරයා පැවසිය.

නාම යෝජනා ලැයිස්තු 23 ක් ප්‍රතික්ෂේපයි වෙයි

පළාත් පාලන මැතිවරණයේ පළමු අදියරේ නාමයෝජනා ලයිස්තු 23 ක් ප්‍රතික්ෂේප වී තිබෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා පවසයි  එහිදී දේශපාලන පක්‍ෂවල 19 ක් සහ ස්වාධීන කණ්ඩායම් 4 ක නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 6 කට ඉදිරිපත් කර ඇති නාම යෝජනා විවිධ හේතුමත ප්‍රතික්ෂේප වී ඇත.  කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම. කඵතර දිස්ත්‍රික්කයේ පානදුර. මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගර සභාව සහ බදුල්ල. මහියංගනය. අගලවත්ත. ප්‍රාදේශීය සභාවල නාමයෝජනා මෙලෙස ප්‍රතික්ෂේප වි ඇත.  මේ අතර දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව ප්‍රාදේශීය සභා සදහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නාම යෝජනා ලැයිස්තු දෙකක්ද. ප්‍රතික්ෂේප වී තිබේ.  ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂය සමන්තුරේයි සහ ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභා සදහා ඉදිරි පත් කළ නාමයෝජනා දෙක ප්‍රතික්ෂේප වී ඇත.  ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ කෝරළෙයිපත්තු ප්‍රාදේශීය සභාව සහ ත්‍රිකුණාමලය නගර සහ කඩවත් ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.  අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය අක්කරෙයිපත්තු මහ නගර සභාව සදහාත්. ජාතික කොංග්‍රසය සමන්තුරෙයි ප්‍රාදේශීය සභාව සදහාත් එක්සත් වාමාංශික පෙරමුණ නිවිතිගල ප්‍රාදේශීය සභාව සදහාත් එක්සත් ජාතික නිදහස් පෙරමුණ කින්නියා ප්‍රාදේශීය සභාව සදහාත් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත.  එමෙන්ම අකිල ඉලංගෙයි තමිල්අරසු කොංග්‍රසය ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය සභාව සදහාත් අකිල ඉලංගෙයි මහා සභාව ත්‍රිකුණාමලය නගර සහ කඩවත් ප්‍රාදේශීය සභාව සදහාත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ මොණරාගල ප්‍රාදේශීය සභාව සදහාත් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.  ඊට අමතරව ස්වාධීන කණ්ඩායම් 4 කද නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇත.

රුපියල් 75 කට වඩා වැඩියෙන් පොල් ගෙඩියක් අලෙවි කරන වෙළෙදුන් වැටලීමේ මෙහෙයුම් පුඵල් කෙරේ

උපරිම සිල්ලර මිලක් නියමකර ඇති බැවින් වෙළෙඳපලේ රුපියල් 75 කට වඩා වැඩියෙන්  පොල් ගෙඩියක් අලෙවි කළ නොහැකි බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා අවධාරණය කරයි.  වැඩි මිලට පොල් අලෙවි කරන වෙළෙඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා වැටලීම් සිදු කරන්නැයි පාරිභෝගික අධිකාරියට උපදෙස්දී තිබේ.  පොල් ගෙඩියක තොග මිල මේ වනවිට රුපියල් 40 ත් 45 ත් අතර මට්ටමක පවති.  ව්‍යාපාරිකයන් අසිමිත ලාභයක් ලැබීම පොල් මිල ඉහලයාමට හේතුවී ඇතැයි සභාපතිවරයා කියයි.  පොල් ගෙඩියක් රුපියල් 75 ට වඩා වැඩියෙන් අලෙවි කළ ව්‍යාපාරිකයන් 200 දෙනෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට සිදුකළ වැටලීම්වලදී හැකිවු බව පාරිභෝගික අධිකාරිය පවසයි.  එම වැටලීම් අඛණ්ඩව සිදු කෙරේ.

ශ්‍රි ලංකාව පුද්ගල නාශක බෝම්බ තහනම් කිරිමේ සම්මුතියට අත්සන් තැබූ 163 වැනි රට බවට පත්වෙයි

ශ්‍රි ලංකාව පුද්ගල නාශක බෝම්බ තහනම් කිරිමේ සම්මුතියට අත්සන් තැබූ 163 වැනි රට බවට පත්වෙයි.  බිම්බෝම්බ ඉවත් කිරිමේ වැඩසටහන සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට සහාය වීමේ ඉකුත් වසරේ ලබාදුන් පොරොන්දුවක් ඉටුකරමින් ශ්‍රි ලංකාව මෙම සම්මුතියට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.  එක්සත් ජාතින්ගේ ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත රොහාන් පෙරේරා මහතා මේ සඳහා අත්සන් තබා ඇත.  මෙම ගිවිසුමට අනුව පුද්ගල නාශක බෝම්බ භාවිතය. ගබඩා කිරීම. නිෂ්පාදනය සහ ප්‍රවාහනය තහනම් වෙයි.

විශේෂාංග පුවත්

 

විදෙස් පුවත්