Sri Lanka Brodcasting Corporation

Fri11242017

Last updateThu, 23 Nov 2017 6pm

විශේෂාංග පුවත්

නිදහස් දිනය අභිමානවත් අයුරින් සැමරිමට සියලු කටයුතු සූදානම්

ලංකාවේ  68 නිදහස් දින සැමරුම  අභිමානවත් අන්දමින් සිදුකිරිමට සියලු කටයුතු සූදානම් බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා කියයි.  සියවස් දෙකකට අධික කාලයක් යටත්විජිත ආධිපත්‍යයට නතුව තිබු   ලංකාවට නිදහස දිනා ගැනිම සදහා දිවිහිමියෙන් කටයුතු කළ ජාතික නායකයන් මෙන්ම

රුදුරු ත්‍රස්තවාදයෙන් රට බේරාගැනිම සදහා තම ජිවිත කැප කළ විරෝදාර රණවිරුවන් එහිදි ගෞරවයෙන්  සිහිපත් කෙරෙනු ඇත. සම්මුතිවාදි රජය යටතේ පවත්වන  ප්‍රථම නිදහස් සැමරුමද මෙයයි  එමනිසා මෙවර නිදහස් දින සැමරුම ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද වැදගත් වන බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදි ස්වදේශ කටයුතු ඇමතිවරයා පැවසිය.  සම්මුතිවාදි රජයක් යටතේ  සියලු  ජාතින් අතර සංහිදියාව ගොඩනැගී ඇති මේ අවස්ථාවේ සියලු ජාතින්ගේ එකමුතුවෙන් මෙවර නිදහස් දිනය සැමරේ .  නිදහස් දින පස්වරුවේ කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන නිදහසේ හදගැස්ම සංස්කෘතික ප්‍රසංගයද සියලු ජාතිනගේ අනන්‍යතාව  විදහා දැක්වෙන අන්දමින් සකස් කර ඇතැයි ඇමතිවරයා පැවසිය 

ශ්‍රි ලංකාවේ 68 වන නිදහස් දින සමරුව නිමිත්තෙන් පැවැත්වෙන ආගමික වතාවත් හෙට ඇරඹේ. ඒ අනුව කොළඹ නිදහස් මන්දිරයේදි හෙට රටටත් ජනතාවටත් සෙත්පතා සර්ව රාත්‍රික පිරිත් දේශනයකි . මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමින් වහන්සේ හා කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති පුජ්‍ය ගලබඩ ඥාණිස්සර ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වේ අගමැති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුද එම අවස්ථාවට සහභාගි වෙති. පසුදා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදි සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ
නිදහස් දින බෞද්ධාගමික වතාවත් පැවැත්වෙන්නේ කොළඹ පොල්වත්ත ධර්මකිර්ත්‍යාරාම විහාරස්ථානයේදිය . එදින පෙරවරු 6.30 සිට 7.00 දක්වා පැවැත්වෙන එම ආගමික වතාවත් ජාතික ගුවන්විදුලියේ ස්වදේශිය සේවය ඔස්සේ සජිවිව ප්‍රචාරය කෙරේ නිදහස් දින හින්දු ආගමික වතාවත් කොටහේන ශ්‍රි පොන්නම්බලම් වාානේශ්වර කෝවිලේදි පැවැත්වේ. පෙරවරු 6.30 සිට 7.00 දක්වා එයද ජාතික ගුවන්විදුලියේ දෙමළ සේවය ඔස්සේ සජිවිව ප්‍රචාරය කෙරේ. කතෝලික ආගමික වතාවත් පැවැත්වෙන්නේ කොළඹ බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේදිය . ක්‍රිස්තියානි ආගමික වතාවත් කොළඹ 12 ආදුරුප්පු විදියේ ක්‍රිස්තියානි රෙපරමාදු දේවස්ථානයේදි පැවැත්වෙන අතර ඉස්ලාමි් ආගමික වතාවත් පැවැත්වෙන්නේ කොළඹ මරදාන ජුම්මා දේවස්ථානයේදිය .

දේශීය පුවත්

 

විදෙස් පුවත්