Sri Lanka Brodcasting Corporation

Sat12162017

Last updateFri, 15 Dec 2017 8pm

විශේෂාංග පුවත්

ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන හා යාපනය-කිලිනොච්චි ජලසම්පාදන ව්‍යාපෘතිය සදහා ආසියානු සංර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් කෝටි 27 ක්.

ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන හා යාපනය කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා ශ්‍රී ලංකා රජය ආසියානු සංවර්ධන බැංකුව සමග ඇමරිකානු ඩොලර් කෝටි 27 ක් වටිනා ණය ගිවිසුම් 3 කට අත්සන් තබයි. ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන දකුණ . මධ්‍යම . සබරගමුව . වයඹ . උතුරුමැද යන පලාත්වල හා බස්නාහිර පළාතේ කඵතර දිස්ත්‍රික්කයේ 2014 සිට ක්‍රියාත්මකයි.

Read more...

පළාත් පාලන ආයතන 93 ක් සදහා නාමයෝජනා භාරගැනිම හෙට මධ්‍යාහ්න 12.00 න් අවසන්.

පළාත් පාලන ආයතන 93 ක් සදහා නියෝජිතයන් තෝරා පත් කර ගැනිමට පැවැත්වෙන ඡන්ද විමසිම සදහා  ඇප මුදල් තැන්පත් කිරිමට ලබාදී තිබූ කාලසිමාව අද මධ්‍යාහ්න 12.00 න් අවසන් විය. ඇප මුදල් භාරගැනිම ආරම්භ කෙරුණේ පසුගිය මස  27 වැනිදායි.  එම පළාත් පාලන ආයතන  93 සදහා නාමයෝජනා භාරගැනිම හෙට මධ්‍යාහ්න  12.00 න් අවසන් වෙයි. දෙවන අදියර  යටතේ පළාත් පාලන  ආයතන 248 ක් සදහා ඇප මුදල් තැන්පත් කිරිම ලබන සදුදා ඇරඹෙයි.

Read more...

රාජ්‍ය සේවකයන් තුල ආකල්පමය වෙනසක් සිදුවිම අත්‍යාවශ්‍ය බව අවධාරණය කෙරේ

 

රාජ්‍ය සේවකයන් තුල ආකල්පමය වෙනසක් සිදුවීම අත්‍යාවශ්‍ය බව නාගරික සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහතා කියයි.  තමන් ජනතාවගෙන් වැටුප් ලබන ජනතා සේවකයන් බව ඔවුන් වටහාගත යුතුය.  සේවය ලබාගැනිමට ජනතාව තමා වෙත පැමිණෙන්නේ තමාට වැටුප් ගෙවිම සඳහා මුදල් ලබාදිමෙන් පසුව බවත් එම ජනතාව තම සේවකයන් නොව ස්වාමියන් බව රාජ්‍ය සේවකය්න වටහාගත යුතු බවත් ලේකම්වරයා පැවසුවේ ජාතික ගුවන් විදුලියේ ඇතුල්පැත්ත වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමිනි.  නීති රෙගුලාසි ඇත්තේ මහජන සේවය වඩාත් හොඳින් ඉටුකිරිමටයි.  ඇතැම් රාජ්‍ය නිලධාරින් චක්‍රලේඛ වල සිරවි ජනතා සේවය ඉටු කිරිම වෙනුවට ඉටුකිරිමෙන් වැලකීම සැබවින්ම කනගාටුවට කරුණක් බව ලේකම්වරයා පැවසිය.  ජනතා අවශ්‍යතා ඉටුකිරිමට නීතිය අවශ්‍ය පරිදි ගැලපීමට ඕනෑතරම් අවස්ථා පවතී.  නීතිය ඉටුකරන අතරම නම්‍යශීලීව කටයුතු කිරිමෙන් ඉහළ ජනතා සේවයක් ඉටුකළ හැකි බව සරත් චන්ද්‍රසිරි විතාන මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන්වල ගුණාත්මක භාවය පිළීබඳව පාර්ලිමේන්තුවේ ඇගයීමට

 

ලසන්ත අලගියවන්න මහතා අදහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතන මගින් ඉටුවිය යුතු වගකීම් ඉටුවෙමින් පවතින බව පැවසීය.  රටතුළ ගුවන් විදුලි නාලිකා 55 ක්ද රූපවාහිනි නාලිකා 22 ක්ද පුවත්පත් 199 ක්ද . පුවත් වෙබ් අඩවි 142 ක්ද තිබේ.  රටේ දියුණුව වෙනුවෙන් මාධ්‍ය ආයතනවල වගකීම තේරුම්ගෙන කටයුතු කළ යුතුය.  එසේ නොමැති නම් එය රටේ ඉදිරි ගමනට බාධාවකි.  සැලකිය යුතු ජයග්‍රහණ රැසක් මාධ්‍ය තුළ හිමිකර ගැනීමට හැකිවී ඇත.  මාධ්‍ය නිදහස උපරිම ලෙස ලබාදී තිබේ.  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ගුණාත්මක බවින් යුත් ්වැඩසටහන් ඉදිරිපත් කරමින් සිටින බවද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.  රටට අවශ්‍ය දැණුමෙන් පිරිපුන් මාධ්‍යවේදීන් විධිමත්ව පුහුණු කිරීමේ පාඨමාලා ඇති කිරීමට කටයුතු කරන බවද හෙතෙම කීය.

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින අපේක්ෂකයන්ට උපදෙස් මාලාවක්.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන අගහරුවාදා ඇරඹේ. නව හා පැරණි විෂය නිර්දේශ යටතේ ලබන 21 වැනිදා දක්වා විභාගය පැවැත්වේ. විභාගයේ අපේක්ෂකයන්ට. විදුහල්පතිවරුන්ට හා දෙමව්පියන්ට විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත මහතා උපදෙස් මාලාවක් නිකුත්කර තිබේ. විභාගය පෙරවරු 8.30 ට ආරම්භ වන අතර පෙරවරු 8.10 වනවිට සියලු අයදුම්කරුවන් ප්‍රවේශ පත්‍රයේ සදහන් නියමිත විභාග මධ්‍යස්ථාවනයට පැමිණිය යුතුය.

Read more...

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින අපේක්ෂකයන්ගේ පොදු විභාග ගැටඑ සාකච්ඡා කරන සජිවී දුරකථන සංවාදයක් ජාතික ගුවන් විදුලියේ අධ්‍යාපන සේවයෙන්

ලබන 12 වැනිදා ඇරඹෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින අපේක්ෂකයන්ගේ පොදු විභාග ගැටඑ සාකච්ඡා කරන සජිවී දුරකථන සංවාදයක් ජාතික ගුවන් විදුලියේ අධ්‍යාපන සේවය සංවිධාන කර තිබේ. සිංහල හා දෙමළ මාධ්‍යවලින් එම සංවාදය පැවැත්වීමට නියමිතයි. සිංහල මාධ්‍ය වැඩසටහන අද පස්වරු 03.00 සිට පස්වරු 04.30 දක්වා සිංහල ස්වදේශිය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ. විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන එච් එම් සරත් චන්ද්‍රසිරි හා ඒ එම් ආර් අබේරත්න යන මහත්වරු ඊට සහභාගි වෙති. දෙමළ මාධ්‍ය වැඩසටහන එම වේලාවටම දෙමළ ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය වේ. නියෝජ්‍ය විභාග කොමසාරිස් එම් ජීවරානි සුනිලා මහත්මිය ඊට සහභාගි වෙයි. දිවයින පුරා අපොස සාමාන්‍ය පෙල අපේක්ෂක අපේක්ෂිකාවන්ට මෙම සජිීවි දුරකථන සංවාදයට සහභාගි වී තම විභාග ගැටඑවලට විසඳුම් ලබාගත හැකිය.

ලබන වසරේ අලි සංගණනයක් .

මෙරට අලි ගහනය පිළිබඳව සංගණනයක් පැවැත්වේ.  ලබන වසරේ ජුනි හා අගෝස්තු මාසවලදී එය පැවැත්වීමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.  මෙරට අලි සංගණනයක් අවසන් වරට පවත්වා ඇත්තේ 2011 දීය.  මෙරට අලි ගහනය නිශ්චිතව හදුනා ගැනීම අවශ්‍ය බැවින් යලි සංගණනයක් සිදුකිරීමට තීරණය කළ බව වනජිවි අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න මහතා කියයි.

Read more...

බොරැල්ල සිට මරදාන දක්වා බස් ප්‍රමුඛතා මංතීරුව ලබන 15 වැනිදා සිට

කොළඹ බොරැල්ල මංසන්ධියේ සිට  මරදාන  .  ටෙක්නිකල්  හන්දිය හරහා පිටකොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතීරුව   ලබන 15 වැනිදා විවෘත කෙරේ.   එය පසුගිය  බ්‍රහස්පතින්දා විවෘත කිරිමට නියමිතව තිබුණද අයහපත් කාලගුණය  හේතුවෙන් එහි ඉදිකිරිම් පමාවු බව බස් ප්‍රමුඛතා මංතිරු වැඩපිළිවෙලේ  උපදේශක  මහාචාර්ය  අමල් කුමාරගේ මහතා අප කළ  විමසුමකදි පැවසිය. 

Read more...

පාසල් සිසුන් සදහා නිල ඇදුම් වව්චර්පත් මෙම සතිය තුළ

පාසල් සිසුන් සදහා නිල ඇදුම් වව්චර්පත් මෙම සතිය තුළ පාසල් සිසුන් අතට පත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.  එම වව්චර්පත් මේ වනවිට සියඵම පළාත්වලට බෙදා අවසන් කර තිබේ.  පාසල් දරුවන් හතලිස් දෙලක්‍ෂයකට ආසන්න පිරිසක් සදහා රුපියල් මිලියන 2370 ක වටිනාකමින් යුත් වව්චර්පත් නිකුත් කර ඇති අතර පිරිවෙන් සිසුන් සදහා නිකුත් කර ඇති වවුචර්පත්වල වටිනාකම රුපියල් මිලියන 75 කි.

2020 නායකයා කවුදැයි කොළඹ විශ්ව විද්‍යාලය සමීක්ෂණයකින් හෙලි කරයි ලෙස අද මව්බිම පුවත්පතේ පළ කර ඇති ප්‍රවෘත්තිය සාවද්‍ය බව එම විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ ප්‍රධානියා අවධාරණය කරයි

2020 නායකයා කවුද කොළඹ විශ්ව විද්‍යාලය සමීක්ෂණයකින් හෙලි කරයි. ලෙස අද ඉරිදා මව්බිම පුවත්පතේ පළ කර ඇති ප්‍රවෘත්තිය සාවද්‍ය බව එම විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ ප්‍රධානි මහාචාර්ය සමන්ත හේරත් මහතා කියයි. ඊට විශ්ව විද්‍යාලය හෝ ජනමාධ්‍ය අංශය කවරාකාර හෝ සම්බන්ධතාවක් නොමැත. එහි අන්තර්ගතය පිළිබදව විශ්ව විද්‍යාලය හෝ ජනමාධ්‍ය අංශයේ කිසිදු වගකීමක් නැති බව සදහන් කරන ඔහු අදාල පුවත නිවැරදි කිරිම සදහා දිනපතා මව්බිම හා ඉරිදා මව්බිම පුවත්පත් වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. මෙබදු සමීක්ෂණයක් පිළිබදව ජනමාධ්‍ය අධ්‍යයන අංශය . ශාස්ත්‍ර පීඨය හෝ විශ්ව විද්‍යාලය නිල වශයෙන් දැනුවත් කොට නොමැත. මෙ ප්‍රවෘත්තිය මගින් ප්‍රකාශයට පත් කර ඇති තොරතුරු සම්බන්ධව ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ හෝ විශ්ව විද්‍යාලයේ කිසිදු වගකීමක් නොමැති බව මහාචාර්යවරයා අවධාරණය කරයි. මෙවැනි පුවතක් පළ කිරිම පාඨකයා නොමග යැවීමක් බව ඔහු කියා සිටී.
මෙම ප්‍රවෘත්තිය පිළිබදව අප මව්බිම පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයාගෙන් තොරතුරු විමසා සිටියත් ඔහු ඊට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේය

දේශීය පුවත්

 

විදෙස් පුවත්