Tue10152019

Last updateTue, 18 Jun 2019 8am

නවතම පුවත්

ලෝකයේ බොහෝ ප්‍රදේශවලට එකීනෙකට වෙනස්වු අහිතකර කාලගුණ තත්ත්ව

මෙම මාසයේදී ලෝකයේ බොහෝ ප්‍රදේශවලට දැඩි ශිතල අහිතකර කාලගුණ තත්ත්වයක් බලපා තිබෙන බව ලෝක කාලගුණ සංවිධානය සදහන් කරයි.  මින් බලවත්ම හානිය සිදුව ඇත්තේ උතුරු ඇමෙරිකාවට සහ කැනඩාවටය.  එම රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘන 49 කට වඩා අඩුය.  ප්‍රධාන ගංගා සියල්ලක්ම අයිස් බවට පත්වී ඇති අතර නිරන්තරයෙන් හමායන ශිත සුළං කුනාටු හේතුවෙන් තත්ත්වය තවත් බරපතලවී තිබේ.  එම රටවලට අමතරව දකුණු ඇමෙරිකාව. යුරෝපයේ ඇල්ෆ්ස් කඳු සහ හිමාලයේ එවරට්ස් ඇතුඵ කඳුවලට දැඩි හිම තත්ත්වයක් බලපා ඇත.  ඔස්ට්‍රෙිලියාවේ පෙන්නුම් කරන්නේ ඊට වෙනස්වු තත්ත්වයක් වන අතර එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් තිබේ.  මේ නිසා දැඩි නියං තත්ත්වයක් බලපා ඇත. ඒ අතරම සෞදි අරාබියේ ප්‍රදේශ රැසකට ඉකුත් සතියපුරා ඇදැහැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවු ගංවතුරෙන් පුද්ගලයෝ 12 දෙනෙක් ජිවිතක්ෂයට පත්වුහ.  ගංවතුර තත්ත්වය කාන්තාර ප්‍රදේශවලට ද බලපා ඇත.

ක්‍රිකට් නිලවරණයට එන බව ඇමති අර්ජුන රණතුංග මහතා කියයි

ශ්‍රී ලංකා - ඔස්ට්‍රෙිලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.  ප්‍රථම ඉණීම සදහා පන්දුවට පහරදෙන ඔස්ට්‍රෙිලියානු පිල මීට ස්වල්ප වේලාවකට පෙර කඩුඵ 05 ක් දැවී ලකුණු 426 ක් රැස්කරගෙන සිටියේය.  අද දිනයේ පලමු කඩුල්ල ලෙස ලකුණු 180 ක් ලබා සිටි ජෝ බර්න්ස් දැවී ගියේය.  ට්‍රෙවිස්හෙඩ් ලකුණු 161 ක් රැස් කළේය.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මාධ්‍ය හමුවේ විවෘත සංවාදයකට එන්නැයි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයෙන් සියලු දේශපාලන පක්ෂවලට ඇරයුම්

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ විවෘත සංවාදයකට එළඹෙන්නැයි සාධාරණය සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී. එහි කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා පැවසුවේ ඇතැම් දේශපාලන නියෝජතයින් එම සංවාදය වර්ජනය කළ හැකි බැවින් ආණ්ඩුව එය සංවිධානය කිරිමට මැදිහත් වියයුතු බවයි. දින දෙකක් මෙය පැවැත්විය යුතුය. එමගින් යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධ ව්‍යාජ මතවාද සඳහා විසඳුම් ලැබෙනු ඇතැයි ඔහු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

මෙහිදී අදහස් දැක්වු එම ජාතික ව්‍යාපාරියේ ප්‍රධාන කමිටු සාමාජිකාවක වන ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය පැවසුවේ දැනට ක්‍රියාත්මක වන ඉතිරි පළාත්සභා තුන ද විසුරුවා හැරීමෙන් පසු පළාත්සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුල්කරගනිමින් මැතිවරණ කල්දැමීම නොකළ යුතු බව එම ජාතික ව්‍යාපාරයේ ලේකම් පාලිත ලිහිණියකුමාර මහතා පැවසීය.

පාසල්වල මුදල් එක්රැස් කිරිම සම්බන්ධයෙන් නිකුත්කර තිබූ චක්‍රලේඛය අවලංගු කෙරේ

පාසල්වල මුදල් එක්රැස්කිරීම සම්බන්ධයෙන් ඉකුත් වසරේ ජුනි මාසයේ හිටපු අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා නිකුත්කර තිබූ චක්‍රලේඛය වහාම අවලංගු කරන්නැයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා බලධාරින්ට උපදෙස් දි තිබේ.  අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයකින් තොරව අවිධිමත් ලෙස මුදල් එක්රැස් කිරිමේ අවස්ථා තවදුරටත් පවතින බව අනාවරණය විමත් සමග ඇමතිවරයා මෙම තීරණය ගෙන ඇත.  ඒ අනුව අදාල චක්‍රලේඛය අද සිට අවලංගු කර ඇත.  පාසල් පාදක ගුණාත්මක ප්‍රමානාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය ලෙස මෙම චක්‍රලේඛය නිකුත්කර තිබුනි.  ඇතැම් අවස්ථාවලදි නිසි කරුණු සොයාබැලීම්වලින් තොරව නිකුත් කරන මෙවැනි චක්‍ර ලේඛ හේතුවෙන්  අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුදෙනා අපහසුතාවයට පත්වන බව ඇමතිවරයා කීවේය.

වරාය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් දින 51 රජය ගත් තීන්දු ක්‍රියාත්මක කිරිම කල්තැබේ

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ සේවාවන්ගේ සහ සීමා සහිත ජයබහාලු පර්යන්ත සමාගමේ ගාස්තු සංශෝධනය කිරිමට  දින 51 රජයේ වරාය අමාත්‍යවරයා ගත් තිරණ ක්‍රියාත්මක කිරීම මාර්තු තෙක් කල්දැමීමට අමාත්‍ය සාගල රත්නායක මහතා තීරණය කරයි.  වරාය අධිකාරියේ සහ එම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශව නියෝජනය වන පරිදි පත්කළ කමිටුවකින් මෙම ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් නිර්දේශ ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනේ.  වරාය ගාස්තු සංශෝධනය පිළිබඳ තිරණය දින 51 ක රජයේ කැබිනට්ටුව ගත්තද ඊට බොහෝ පාර්ශවයන්ගෙන් විරෝධය එල්ල විය.  එබැවින් ලබන 15 වැනිදා දක්වා කල්තැබීමට අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපත් කළ සංදේශයට ඇමති මණ්ඩල අනුමැතිය අද ලැබුනි.

සෞදිඅරාබිය ජාතික සංවර්ධන වැඩසටහනක් දියත් කරයි

සෞදිඅරාබිය ජාතික සංවර්ධන වැඩසටහන් දියත් කරයි.  ඒ යටතේ ඉදිරි වසර දහයේදී ඩොලර් බිලියන 427 ක ආයෝජන රටට ලබාගැනිම අපේක්ෂාවයි.  මේ යටතේ නව රැකියා අවස්ථා මිලිය 1 යි දශම 6 ක් බිහිකිරිමට නියමිතයි.  වසර 2030 වන විට ඉන්ධනවලින් තොරව වෙනත් ද්‍රව්‍ය අපනයනයෙන් ඩොලර් බිලියන 267 ක් උපයාගැනීමට ද බලාපොරොත්තු වෙයි.

අයර්ලන්තය හමුවේ උපුල් තරංග සහ අසිත ප්‍රනාන්දුගෙන් ශතක

ශ්‍රි ලංකා ඒ කණ්ඩායම සහ අයර්ලන්ත ඒ කන්ඩායම අතර පස්වැනි එක්දින තරගය දැන් කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදි පැවැත්වේ.  මුලින් පන්දුවට පහර දුන් ශ්‍රි ලංකාව නියමිත ඕවර් පනහ අවසානයේ කඩුලු 7 කට ලකුණු 403 ක් රැස්කලේය.  පළමු කඩුල්ල වෙනුවෙන් ඕවර් 29 කදී ලකුණු 206 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට උපුල් තරංග සහ අසිත ප්‍රනාන්දු සමත්වුහ.  එහිදී උපුල් තරංග ලකුණු 120 ක් ද අසිත ප්‍රනාන්දු ලකුණු 112 ක් ද රැස්කලහ. පිළිතුරු ඉනිම ක්‍රිඩා කරන අයර්ලන්ත කන්ඩායම මිට ස්වල්ප වේලාවකට පෙර ඕවර්    ක් අවසානයේ කඩුලු    ක් දැවී ලකුණු    ක් රැස්කරගෙන සිටියේය.

ශ්‍රිී ලංකාවේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක සියලු වැඩසටහන් සදහා පිලිපීන පාර්ලිමේන්තුවේ උපරිම සහාය දෙන බව එරට කථානායකවරිය පවසයි

ශ්‍රීී ලංකාවට සහාය පළ කිරීමට පිලිපීන ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් ඉදිරියේ දී එරට රජය ක්‍රියාවට නංවන සියලු වැඩසටහන්වලට පිලිපීන පාර්ලිමේන්තුවේ එකගතාව එකහෙලා ප්‍රකාශ කරන බව පිලිපීන කථානායක ග්ලෝරියා මැකපාගල් අරෝයෝ මහත්මිය පවසයි. පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ පිලිපීන කථානායිකාව අතර හමුවක් මැනිලා නුවරදී ඊයේ පස්වරුවේ පැවැත්විණ. එහිදී කථානායකවරිය මේ බව ප්‍රකාශ කළාය. පිලිපීන ජනාධිපතිවරයා සහ තමා අතර පැවති සාකච්ඡාවලදි දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට සිදු කෙරුනු මැදිහත් වීම සිහිපත් කළ ජනාධිපතිතුමා එම කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමට පිලිපීන පාර්ලිමේන්තුවේ සහාය අපේක්ෂා කරන බව පැවසීය.

දෙරටේ සබඳතා වඩාත් පුඵල් ලෙස ඉදිරියට ගෙන යාමට පිලිපීන තානාපති කාර්යාලයක් කොළඹ ස්ථාපිත කිරීමට ද ජනාධිපතිවරුන් අතර පැවති සාකච්ඡාවේ දී එකගතාවට පැමිණ ඇත. ඒ සදහා අවශ්‍ය ඉඩමක් කොළඹ නගරයෙන් ලබා දෙන බව ජනාධිපතිතුමා කථානායකවරිය හමුවේ පැවසීය. පිලිපීන රජය නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට සිදු කරන කැපවිීම අගය කළ ජනාධිපතිතුමා ඒ සදහා ශ්‍රීී ලංකාව ගෙන යන වැඩපිළිවෙලට පිලිපීන රජයේ සහාය ඉල්ලා සිටියේය. දෙරට අතර කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ සහයෝගිතාව ඉහල නංවා ගැනීමට රාජ්‍ය නායක හමුවේ දී එකග වු කරුණු පිළිබදවද සතුට පළ කළ කථානායකවරිය එම අරමුණු ඉටු කර ගැනීමට පාර්ලිමේන්තුවේ පුර්ණ සහාය ලබා දෙන බව කීවාය. මෙම හමුවෙන් අනතුරුව පිලිපීන පාර්ලිමේන්තු සෙනෙට් සභාවේ සභාපතිනිය ද ජනාධිපතිතුමා සමග සාකච්ඡාවකට එක්වුවාය.

සියලු රැදවියන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කරන බව තලතා අතුකෝරල ඇමතිවරිය කියයි

ජාත්‍යන්තර ප්‍රඥප්ති සමග ඇති එකගතා මත මෙරට බන්ධනාගාරවල සිටින සියලු රැදවියන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කරන බව ඇමති තලතා අතුකෝරල මහත්මිය පවසයි.  කොළඹ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී  ඇමතිවරිය මේ බව කීවාය.  අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදිමේ සිද්ධිය ඉකුත් නොවැම්බර් මස 22 වැනිදා සිදුවුවක් බවත්. එවැනි සිදුවිම් අවම කිරීමට කටයුතු කරන බවත් ඇය පැවසුවාය.

2018 වසරේ ඇගලුම් කර්මාන්තයේ සියයට 4 ක වර්ධනයක්

2018 වසරේ ඇගලුම් කර්මාන්තය සියයට 4 ක වර්ධනයක් ලබා ගෙන ඇතැයි ඒකාබද්ධ ඇගලුම් සංසදය පවසයි.  එම වසරේ ඇගලුම් අපනයනයෙන් ලැබු ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 කි.  මෙම වසර ඇගලුම් කර්මාන්තයට අභියෝගාත්මක වසරක් බව පෙන්වා දෙන එම සංසදය එම අභියෝග ජය ගනිමින් වර්ධන වේගය තවදුරටත් ඉහල නැංවීම අපේක්ෂාව බව සදහන් කරයි.  චීනය සහ ඉන්දියාව තුල ඇගලුම් වෙලෙදපොලේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබේ. මෙම තත්ත්වය ශ්‍රීී ලංකාවට හිතකර තත්ත්වයකි.  එම රටවල වෙලෙදපොල මෙරට ඇගලුම් කර්මාන්තයට විවෘත කර දෙන ලෙස රජයට යෝජනා ඉදිරිපත් කර ඇතැයි එම සංසදය සදහන් කරයි.

උතුරු කොරියාවේ විශේෂ නියෝජිතවරයෙක් ඇමරිකාව බලා පිටත්ව යයි

උතුරු කොරියාවේ විශේෂ නියෝජිතවරයෙක් ඇමරිකාව බලා පිටත්ව යයි.  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් යන මහත්වරුන් අතර පැවැත්වීමට නියමිත සමුථව සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීම මෙම සංචාරයේ අරමුණයි.  උතුරු කොරියානු නායකයාගේ සමීපතම හිතවතෙකු වන කිම් යොන් චොල් මහතා මෙම සංචාරය සදහා සහභාගී වී සිටින අතර ඔහු ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද හමුවීමට නියමිතයි.

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තෛපොන්ගල් උත්සවය සංස්ථා පරිශ්‍රයේදී

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තෛපොන්ගල් උත්සවය සංස්ථා පරිශ්‍රයේදී  පෙරවරු 10.00 ට පැවැත්වේ.  සංස්ථාවේ සභාපති සිද්ධි එම් ෆාරුක්. අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුඑ අමුත්තන් රැසක් ඊට සහභාගි වීමට නියමිතයි.  කොළඹ 07 ටොරින්ටන් ශ්‍රි මුරුගන් දේවාලයේ පුජක බ්‍රහ්ම ශ්‍රි කන්නන් කුරුක්කල්තුමා ආගමික වතාවත් පවත්වයි.  ගොවීන් තමන්ගේ අස්වැන්න සඳහා සුර්‍යය දෙවියන්ට ස්තුතිය පුද කිරිමේ උත්සවයක් ලෙස තෛපොන්ගල් දිනය හඳුන්වනු ලැබේ

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කළ අති පාරිශූද්ධ ථේරවාදි ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය.

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද සමස්ත ලෝකවාසි බෞද්ධ ජනතාවගේ උරුමයක් වු අතිපාරිශුද්ධ ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ අරමුණීන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.  ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරිමේ ජාතික මහෝත්සවය ඉකුත් 05 වැනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඵෙතිහාසික මාතලේ අලුවිහාරේදී පැවැත්විණි.

  ථේරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස පත්කලා සේ එය ලෝක උරුමයක් බවට පත්කිරීමට ඉදිරියේදි මැදිහත් වන බව ජනාධිපතිතුමා එම උත්සවයේදි කිවේය.  කැබිනට් අනුමැතිය හිමිවු යෝජනාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කර ගැනේ.  මේ පිලිබඳව විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරිමට ද ක්‍රියා කෙරුණි.  ඒ සඳහා ථේරවාදි බෞද්ධ ආගමික රටවල තානාපති කාර්යාල 14 ක රාජ්‍ය තාන්ත්‍රිකයෝ එක්ව සිටියහ.

අඩු ආදායම්ලාභි පවුල් 660 කට රුපියල් ලක්ෂ 1300 ක නිවාස ණය

ඉඩම් හා නිවාස නොමැති දිළිඳු ජනතාවට එම පහසුකම් ලබාදෙමින් විශාල ආර්ථික හා සමාජීය පරිවර්තනයක් සිදුකිරීමට නිවාස අමාත්‍යාංශයට හැකිවී තිබෙන බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හම්බන්තොට මෝදරවාන ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
ජංගම සේවා වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් 660 කට රුපියල් ලක්ෂ 1300 ක නිවාස ණය ලබාදිම සිදුකෙරෙන බව ඔහු සඳහන් කලේය. විහාරස්ථාන 17 කට කෞතුකාගාර ප්‍රකාශන පොත්කට්ටල ප්‍රදානය ද මෙහිදී සිදුකෙරුණි.

ඩොලර් මිලියන දහසක විදේශ ණය වාරිකයක් ගෙවා දැමේ

අමෙරිකානු ඩොලර් මිලියන දහසක විදේශ ණය වාරිකයක් අද ගෙවා දැමු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.  2014 වසරේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ලබාගත් ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවෙන් මෙම විදේශ ණය වාරිකය ගෙවා ඇත.  මහා භාණ්ඩාගාරයෙන් මහා බැංකුව වෙත නිකුත්කළ විදේශ මුදල් වලින් එම ගෙවීම සිදුකළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 

අප්‍රේල් 15 වැනිදා තවත් ඩොලර් මිලියන 500 ක මුදලක් ගෙවිමට නියමිතව තිබේ.  ඉතිහාසයේ වැඩිම විදේශ ණය මුදල් ප්‍රමානය මෙම වසරේදි ගෙවිමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.  ඩොලර් බිලියන 5 යි දශම 9 ක් ගෙවිමට නියමිතව ඇත.  මේ අතර අමාත්‍ය මංගල සමරවිර මහතා දැන් අමෙරිකාවට ගොස් සිටී.  ඔහු හෙට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරින් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.  එම අරමුදල ලබාදිමට නියමිතව තිබී නතර කර ඇති ණය මුදල ආපසු ලබාගැනිම සාකච්ඡාවල අරමුණයි.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පුඑල් ජනමතයක් ගොඩනැගීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම් වෙයි

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පුඑල් ජනමතයක් ගොඩනගන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසයි.  හිටපු පාලකයින් හා වාර්තාමාන පාලකයින් එය අහෝසි කරන බවට පොරොන්දු ලබා දුන්නත් එය ඉටු නොවු බව ඔහු කියා සිටි.  විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති සිවිල් සංවිධාන එක්ව කොටුව දුම්රිය පල ඉදිරිපිට පැවැත්වු උද්ඝෝෂණයට එක්වෙමින් ඔහු ඒ බව කීවේය.

ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති තනතුර සඳහා සිව්කොන් සටනක්

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා සිව්කොන් සටනක් පවතී.  ඒ සඳහා නාමයෝජනා භාරදුන් සිව්දෙනාගේම නාමයෝජනා පිළිගෙන ඇත.  මොහාන් ද සිල්වා. ජයන්ත ධර්මදාස. කේ මතිවානන්. හා ෂම්මි සිල්වා ඒ සඳහා ඉදිරිපත්වී සිටිති.  ලේකම් ධූරයට ද සිව්දෙනෙකු තරග වදින අතර මොහාන් ද සිල්වා. බන්දුල දිසානායක. නිශාන්ත රණතුංග. ෂම්මි සිල්වා ඔවුහු වෙති.

මෙවර මහකන්නයේ .සමස්ත වී අස්වැන්න මෙට්‍රික්ටොන් ලක්‍ෂ 30

මෙවර මහකන්නයේ .සමස්ත වී අස්වැන්න මෙට්‍රික්ටොන් ලක්‍ෂ 30 ඉක්මවනු ඇතැයි හෙක්ටර්කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ පුහුණු ආයතනය පවසයි.  මෙවර කුඹුරු හෙක්ටයාර ලක්‍ෂ 8 ඉක්මවා වගාකර ඇති අතර පුරන් කුඹුරු අක්කර 27 දහසක්ද යළි වගාවට එක්කර තිබේ.  මෙරට සමස්ත කුඹුරු ප්‍රමාණයෙන් සියයට 99 කට ආසන්න ප්‍රමාණයක් මෙවර මහ කන්නයේදී වගාකර ඇතැයි එම ආයතනය පෙන්වා දෙයි.

නව කැලණිපාලමේ පිවිසුමේ සිට කැලණිතිස්ස වටරවුම දක්වා දැනට භාවිත කරන මාර්ගය හෙට පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා වසා තැබේ


.නව කැලණිපාලමේ පිවිසුමේ සිට කැලණිතිස්ස වටරවුම දක්වා දැනට භාවිත කරන මාර්ගය හෙට පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා වසා තැබේ. නව පාලමේ ඉදිකිරීම් කටයුතු සදහා අධිබලැති විදුලි රැහැන් විතැන් කිරීම හේතුවෙන් මෙම කොටස වසා තැබෙන බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂවරයා දැනුම් දී ඇතැයි පොලිසිය කියයි. එබැවින් එම කාලය තුළදී අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වන සියඵ බරවාහන පිටවීම සදහා පෑලියගොඩ අන්තර් හුවමාරුව භාවිතා කරන ලෙසත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය සදහා එක්සත් ජාතික පක්‍ෂයේ යෝජනා සකස් කිරීමට ඉදිරියේදී කමිටුවක්

ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියට එක්සත් ජාතික පක්ෂය යෝජනා ඉදිරිපත් කර නැතැයි සංචාරක හා වනජීවි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.  ඒ පිළිබදව මෙතෙක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡාවක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් වී නැතැයි ඇමතිවරයා සදහන් කරයි..  වනජීවී උද්‍යාන නැරඹීම සදහා විද්යුත් අවසරපත් නිකුත් කිරීම ආරම්භ කිරීම නිමිත්තෙන් අද පැවැති උත්සවයකට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් පල කළේය.  කුමණ යෝජනාවක් ගෙන ආවද ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් හිමිවිය යුතුය.  ඇතැමුන් මෙම යෝජනා රට බෙදන යෝජනා බවට චෝදනා කරන්නේ පටු දේශපාලන වාසි අපේක්ෂාවෙනි. ව්‍යවස්ථා සංශෝධන යොජනාවලිය සකස් කලේ  විවිධ පාර්ශව සාකච්ඡා කිරීමෙන් පසුවයි. සියඵ ජාතීන්ගේ අයිතීන් ආරක්‍ෂාවන යෝජනාවලියක් රටට අවශ්‍ය වෙයි.  මේ සදහා එක්සත් ජාතික පක්‍ෂයේ යෝජනා සකස් කිරීම සදහා ඉදිරියේදී කමිටුවක් පත්කරන බව ඇමතිවරයා පැවසීය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකල නඩුවක් මාර්තු මස 27 වැනිදා කැදවීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව ගොනුකල නඩුවක් මාර්තු මස 27 වැනිදා කැදවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීිප් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළේය.  වසර 6 ක කාලයක් තුළ සිය ආදායම මෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 ක් පමණ වටිනා මුදල් සහ දේපල අයථා ආකාරයට උපයා ගෙන ඇති බව පවසමින් මෙම නඩුව පවරා තිබුණි.  නඩුවට අදාළ හැටන් නැෂනල් බැංකුවේ ගිණුම් අංකයට අදාළව බැංකුවේ පරිගණක පද්ධතිය වෙත ප්‍රවේශයට අධිකරණය අද විත්ති පාර්ශයවට අවසර දුන්නේය.