Sun05312020

Last updateSat, 22 Feb 2020 6pm

නවතම පුවත්

දෙවන එක්දින තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ එංගලන්තය වාර්තාගත ජයක් ලබයි.

ශ්‍රී ලංකා-එංගලන්ත. දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් වාර්තාගත කඩුඵ 10 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.  මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 තුළදී රැස් කලේ කඩුඵ 07 කට 254 ක් පමණි.  එම ඉලක්කය කිසිවෙකු නොදැවී ඕවර 34 යි එක් පන්දුවකදී ඉක්මවා යාමට එංගලන්ත ආරම්භක පිතිකරුවෝ සමත්වුහ. ජේසන් රෝයි නොදැවී ලකුණු 112 ක් ද. ඇලෙක්ස්හෙල්ස් නොදැවී ලකුණු 133 ක් ද රැස් කළහ.

Read more...

එස්. එල්. ටී. ස්පීඩ් අප් විවෘත රේසිං පාපැදි සවාරිය ලබන මස 27

එස්. එල්. ටී. ස්පීඩ් අප් විවෘත රේසිං පාපැදි සවාරිය ලබන මස 27 වෙනිදා කොළඹ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය අසලින් ආරම්භ වෙයි. සවාරිය ජූලි 31 වෙනිදා මඩකලපුවෙන් අවසන් වීමට නියමිතය. සවාරියේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 785 යි දශම 5 කි. ජයග්‍රාහකයාට රුපියල් මිලියනයක මුදල් තිළිණයක් පිරිනැමේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පූර්ණ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මෙය සංවිධාන කරයි.

ගාල්ලට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පර්යේෂණ රසායනාගාරයක්.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පර්යේෂණ රසායනාගාරයක් ගාල්ල හැව්ලොක් පාර ප්‍රින්සස් සිනමාහල් උඩුමහලේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් හෙට පස්වරු 2.00 ට විවෘත කෙරේ.  

Read more...

මෙරට නිෂ්පාදිත බෝට්ටුවලට ජාත්‍යන්තරව ඉහල ඉල්ලුමක්.

මෙරට නිෂ්පාදිත බෝට්ටු සදහා ජාත්‍යන්තර වශයෙන් පවතින ඉල්ලුම ඉහල යමින් පවතී.  ධීවර බෝට්ටුවලට අමතරව සුඛෝපභෝගී යාත්‍රා . මගී ප්‍රවාහන යාත්‍රා  සහ මෙහෙයුම් සදහා යොදා ගන්නා අධිවේගී යාත්‍රා ආදි බෝට්ටු සදහා මෙන්ම ඒවා ආශ්‍රිත අමතර උපාංග නිෂ්පාදන සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර වෙලෙදපොලෙහි ඉහල ඉල්ලුමක් පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read more...

ඉන්දිය ක්‍රිකට් පුහුණුකරු තෝරා ගැනීමේ තීරණාත්මක සාකච්ඡා ඇරඹේ.

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් පුහුණුකරු අනිල් කුම්බ්ලේ ද රවි ශාස්ත්‍රී ද යන්න ඉදිරි දින කිහිපයේදී තීරණය වනු ඇතැයි ඉන්දිය ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.  නව පුහුණුකරු සොයා ගැනීමේ කමිටුව තම නිර්දේශ ඊයේ ඉන්දිය ක්‍රිකට් සභාපති අනුරග් තකුර් මහතා වෙත භාරදී ඇත.

Read more...

43 වැනි ශ්‍රීි ලංකා පාසල් වයස් සිමා පිහිනුම් හා දිය පිමි තරගාවලිය කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ දී හෙට සිට.

43 වැනි ශ්‍රීි ලංකා පාසල් වයස් සිමා පිහිනුම් හා දිය පිමි තරගාවලිය කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ දී හෙට ඇරඹේ.  එය අවසන් වන්නේ  ලබන ඉරිදායි.  වයස් සීමා 6 ක් යටතේ තරගාවලිය පැවැත්වෙ.්  ඊට ඇතුලත් තරග ඉසව් සංඛ්‍යාව 164 කි.  කේවල තරග 140 ක් හා සහාය තරග 24 ක් ඊට ඇතුලත් කර තිබේ.

Read more...

රුසියානු ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට රියෝ ඔලිම්පික් වරම්.

     රුසියානු  මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට   මේ වසරේ  රියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙළට සහභාගි විය හැකි බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සදහන් කරයි.

Read more...

මඩකලපුව අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය 2016

මඩකලපුව අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය 2016 සැප්තැම්බර් 30 වැනිදා සිට ඔක්තෝබර් 02 වැනිදා දක්වා මඩකලපුව ශිවනන්ද ක්‍රිඩාංගනයේදි පැවැත්වෙයි මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 3 වැනි වතාවටයි

Read more...

ශ්‍රී ලංකා එංගලන්ත එක්දින පළමු තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය නොටින්හැම් හි ටෙන්බ්‍රිජ් ක්‍රිඩාංගනයේදි

Read more...

කොස්ගම සාලාව හමුදා කඳවුරේ පිපිරීමෙන් සිදුවු දේපල හානි තක්සේරු කටයුතු අවසන්.

කොස්ගම සාලාව හමුදා කඳවුරේ පිපිරීමෙන් සිදුවු දේපල හානි පිළිබඳ තක්සේරු කටයුතු අවසන් වෙයි.

Read more...

ඩුබායි තාක්‍ෂණ එක්ස්පෝ 2016 වෙළෙඳ ප්‍රදර්ශනයේදි ලෝකයේ හොඳම රසකාරක තේ වර්ගය ලෙස සිලෝන් ටෙනී ටී සම්මානයට

ඩුබායි තාක්‍ෂණ එක්ස්පෝ 2016 වෙළෙඳ ප්‍රදර්ශනයේදි ලෝකයේ හොඳම රසකාරක තේ වර්ගය ලෙස මෙරට ප්‍රධාන පෙලේ තේ නිෂ්පාදනකරුවෙකු වන සිලෝන් ටෙනී ටී සම්මානයට පාත්‍රවේ.  මෙම ප්‍රදර්ශනය ඩුබායි ජාත්‍යන්තර සමුඵ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදි පසුගියදා පැවැත්විණි.  මෙහිදි කාණ්ඩ කිහිපයක් යටතේ තේ නිෂ්පාදන සම්මානයට නිර්දේශ වු අතර ඒ අතරින් බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් හොඳම රජය අඩංගු තේ නාමයට හිමි සහතිකය සිලෝන් ටෙනි ටී දිනා ගැනිීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව රියෝ ඔලිම්පික් රගර් තරගවලට සහභාගීවීමේ සුදුසුකම් තරගයක

ලබන අගෝස්තු මාසයේදි බ්‍රසිීලයේ පැවැත්වෙන රියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන රගර් කණ්ඩායම තේරීමේ විශේෂ සත් සාමාජික රගර් තරගාවලියක් මොනාකෝ හිදි අද සහ හෙට පැවැත්වේ.  මෙම තරගාවලියට රටවල් 16 ක් සහභාගී වෙයි.  ශ්‍රී ලංකාවද ඒ සදහා සුදුසුකම් ලබා සිටී.  ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී ජර්මනිය සහ උරුගුවේ සමග අද තරගවැදිීමට නියමිතයි.

කොළඹ ඉසිපතන සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර රග්බි තරගය හෙට කොළඹ සී ආර් පිටියේ දී

2016 අන්තර් පාසල් රග්බි තරගාවලියේ පෙරමුන ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමත් වෙයි.  අපරාජිත මෙම කණ්ඩායම් දෙක හෙට කොළඹ සී ආර් පිටියේ දී තරග වැදීමට නියමිතයි.  තරගය ජය ගන්නා කණ්ඩායමට 2016 පාසල් රග්බි ශුරතාව හිමි වෙයි.  තරගාවලියේ තුන්වන ස්ථානයේ පසු වන්නේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයයි.  සිව් වන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයට හිමි වී තිබේ.  මෙම සති අන්තයේ දී තරග 4 ක් කොළඹ දි හා මහනුවර දී පැවැත්වීමට නියමිතයි.

අයර්ලන්තයට එරෙහි පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

  ඩබ්ලින්ග් හිදී ඊයේ පැවති අයර්ලන්තයට එරෙහි පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 76 කින් ජය ගැනීමට ශ්‍රී කණ්ඩායම සමත් වෙයිකාසියේ වාසිය දිනු අයර්ලන්ත කණ්ඩායමේ ඇරයුමින් මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 303 ක් රැස් කළේය දිනේෂ් චන්දිමාල් නොදැවි ශතකයක් රැස් කිරීමට සමත්විය කුසල් මෙන්ඩිස් ලකුණු 51 යි අයහපත් කාලගුණය නිසා අයර්ලන්ත ඉනීම පන්දුවාර 47 කට සීමා කෙරින ඒ අනුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 40 යි පන්දු 04 කදී සියලුදෙනා දැවී රැස් කලේ ලකුණු 216 ක් පමණි පන්දු යැවිමේදී දසුන් ශානක කඩුඵ 05 ක් බිඳ හෙලීය

නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය එහි අන්තර්ජාතික විනිසුරු මඩුල්ලෙන් බිලීි බවුඩන් ඉවත් කරයි.

 

නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය එහි අන්තර්ජාතික විනිසුරු මඩුල්ලෙන් බිලීි බවුඩන් ඉවත් කරයි.  53 වන වියෙහි පසුවන බවුඩන් සිය වසර 21 ක විනිසුරු දිවියේදිී ටෙස්ට් තරග 84කදී සහ එක්දින තරග 200 කදී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇත

එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයන්ට ලගදීම ඉලෙක්ට්‍රොනික සාමාජික කාඩ් පතක්

 එක්සත් ජාතික පක්‍ෂය සිය සාමාජිකයන්ට ඉලෙක්ට්‍රොනික සාමාජික කාඩ්පතක් ලබාදීමට සැලසුම් කරයි ලබන 23 වැනිදා පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මුලස්ථානයේ පැවැත්වෙන උත්සවයකින් එම වැඩපිළිවෙල ආරම්භ කෙරේ  මෙවැනි ඉලෙක්ට්‍රොනික සාමාජික කාඩ්පතක් මෙරට දේශපාලන පක්‍ෂයක් හදුන්වා දෙන ප්‍රථම අවස්ථාව මෙය බව සිරිකොත පක්‍ෂ මුලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදිී රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය  එමගින් මෙරට හෝ විදේශයක සිටින ඕනෑම අයෙකුට පක්‍ෂ මුලස්ථානය සමග ක්‍ෂණිකව සම්බන්ධ විය හැකිය පසුගිය මහ මැතිවරණයේදි එක්සත් ජාතික පක්‍ෂය ජනතාවට ලබාදුන් රැකියා දසලක්‍ෂයේ ප්‍රතිඥාව පිළිබඳව එහිදි සිහිපත් කළ පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය ඇමතිවරයා එම ප්‍රතිඥාව ඉටුකිරීම සදහා රටේ ඵලදායිතාව හා නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි සදහන් කළේය  ඒ සදහා වෘත්තීය පුහුණු අංශය පුඵල් කිරීම දැන් ආරමිභ කර තිබේ  ඒ අනුව ජර්මන් තාක්‍ෂණික විද්‍යාලයක් කිලිනොච්චියේදි ලබන මස 15 වැනිදා විවෘත කිරීමට නියමිතයි

ලෝක වෙළෙඳපලේ තෙල් මිල ඉහළ ගියද ඉන්ධන සහනය ඉවත් නොකරන බවට චන්දිම විීරක්කොඩි ඇමතිවරයාගෙන් සහතිකයක්

 ලෝක වෙළෙඳපොල් ඛණිජ තෙල් මිල ඉහළ ගියද මෙරට පාරිභෝගිකයන්ට රජය ලබාදි ඇති ඉන්ධන සහනය ඉවත් නොකරන බවට ඇමති චන්දිම වීරක්කොඩි මහතා සහතික වෙයි.ඩ්€ඤු ලිහිසි තෙල් නිෂ්පාදන කම්හලක ඉදිකිරීම් ලබන මාසයේ ආරම්භ කරන බවද ඇමතිවරයා පැවසිීයඩ්€ඤු වසරක් තුළ ඉදිකිරිම් නිම කර නිෂ්පාදන රටට ලබාදීමට අපේක්ෂා කෙරේඩ්€ඤු 2008 දි අත්හිටවු නැව්වලට ලිහිසි තෙල් සැපයීම යළි ආරම්භ කර තිබේ එහි පළමු අදියර ලෙස තෙල් මෙට්‍රික්ටොන් 17 දහසක් අලෙවි කළ බව ඇමතිවරයා පැවසිය මෙරට ඛණීජ තෙල් කැණිම් කටයුතු සදහා ප්‍රංශ සමාගමක් ඇතුඵ විදේශීය සමාගම් කිහිපයක්ම ඉදිරිපත්ව ඇතැයිද චන්දිම වීරක්කොඩි ඇමතිවරයා පැවසිය

ශ්‍රී ලංකා පිලේ එංගලන්ත සංචාරයේ එක්දින තරගාවලියේ ආරම්භය අද අයර්ලන්තයේදී.

 

 

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර තරග දෙකකින් යුත් එක්දින තරගාවලිය අද ඩබ්ලින් හිදී ඇරඹේ.  

Read more...

ශ්‍රී ලංකා එංගලන්ත අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

ශ්‍රී ලංකා එංගලන්ත තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ අවසන් විය. තරගයට වරින් වර වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිය.

Read more...

වී මෙට්ට්‍රික් ටොන් හැත්තැපන් දහසක් අලෙවි කෙරේ

වී මෙට්ට්‍රික් ටොන් හැත්තැපන් දහසක් ලබන සතියේ විවෘත වෙළෙදපොලට අලෙවි කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි. ඒ සදහා ටෙන්ඩර් කැඳවේ.

Read more...

අතුරුදහන්වූවන් පිළිබඳව ජනාධිපති කොමිසමේ තුන්වන වාර්තාව ලබන මස 15 වෙනිදා ජනපතිට භාර දෙයි

යුද සමයේ අතුරුදහන්වූවන් පිළිබඳව සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ තුන්වන වාර්තාව ලබන මස 15 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට බාර දෙන බව කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා පවසයි. ඉන් අනතුරුව කොමිසම විසුරුවා හැරේ. අතුරුදහන්වුවවන් පිළිබඳව සෙවීමට නව කාර්යාලයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත

Read more...