Mon06172019

Last updateMon, 17 Jun 2019 1pm

නවතම පුවත්

රුපියල් කෝටි 43 ක වියදමින් පොළොන්නරුවට ජලජිවි වගා මධ්‍යස්ථානයක්

 

පොළොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නව ජලජිවි වගා මධ්‍යස්ථානයක් ඉදිකෙරේ. අක්කර සියයක භූමිභාගයක ඉදිකෙරෙන එය සදහා රජය වැය කරන මුදල රුපියල් කෝටි හත්ලිස්තුනකි. මෙම ජලජිවි වගා මධ්‍යස්ථාන මගින් වසරකට බෝකරන මත්ස්‍ය පැටවුන් සංඛ්‍යාව කෝටියකි.

Read more...

ජනාධිපති කුසලාන මයිලෝ පාසල් රගර් තරගාවලියේ පළමු අවසන්පුර්ව තරගය අද පස්වරුවේ.


ශ්‍රී ලංකා පාසල් රගර් ක්‍රිඩා සංගමය මෙහෙයවන අවුරුදු 20 න් පහල ජනාධිපති කුසලාන මයිලෝ පාසල් රගර් තරගාවලියේ පළමු අවසන්පුර්ව තරගය කොළඹ රාජකීය විදුහල් ක්‍රිඩා පිටියේදි අද පස්වරු 400 ට පැවැත්වෙයි. මෙහිදී කොළඹ ඉසිපතන විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පිතර විද්‍යාලය තරගවදි. තරගාවලියේ දෙවන අවසන්පුර්ව තරගය හෙට පැවැත්වෙන අතර කොළඹ රාජකීය සහ ඉසිපතන විද්‍යාල එහිදී තරගවැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා-එංගලන්ත අවසන් එක්දින ක්‍රිකට් තරගය අදයි.

ශ්‍රී ලංකා-එංගලන්ත පස්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද කාඩිෆ්හිදී පැවැත්වේ.  මේ වනවිටත් තරගාවලියේ ජය එංගලන්තයට හිමිවී තිබේ.  ඉකුත් තරගයේදී පිටකොන්දේ ආබාධයකට ලක්ව සිටි එංගලන්ත  ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් ඊයේ පුහුණුවීම් සදහා එක්වු බව වාර්තා වෙයි.  ශ්‍රී ලංකා කණ්ඩායමේ එතරම් වෙනසක් නොවනු ඇතැයි වාර්තා වෙයි.

Read more...

ශ්‍රිී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉහල නැංවීමට ජපන් රජයේ සහාය.

ශ්‍රීි ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉහල නැංවීම සදහා ජපන් රජයේ සහාය පළ වෙයි.  ශ්‍රීී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගනුමා මහතා පසුගියදා ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා හමුවු අවස්ථාවේ ඒ බව සදහන් කර තිබේ.  ශ්‍රීී ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසා ජපන් රජය නිරතුරු සහාය දෙන බවද ඔහු සදහන් කළේය.  ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා එහිදී පැවසුවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විශාල මුදල් ප්‍රමාණයක් වැය වන්නේ ඖෂධ ආනයනයට බවයි.  අවශ්‍ය ඖෂධ නිපදවීම සදහා නිෂ්පාදනාගාරයක් ශ්‍රීි ලංකාවේ ආරම්භ කිරිමට අපේක්ෂා කෙරේ.

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යය ලබන අගහරුවාදා ඇරඹේ

ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යය ලබන අගහරුවාදා ඇරඹේ.  එදින සිට දිනපතා රාත්‍රි පෙරහර පැවැත්වෙන අතර අවසන් මහා පෙරහර වීදි සංචාරය කරන්නේ ලබන 19 වැනිදායි.  පසුදා මැණික් ගගේ දිය කැපීමෙන් මෙවර පෙරහර මංගල්‍යය නිමාවට පත් වෙයි.

Read more...

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී පසුබෑමට ලක්වුයේ ඇතැම් ක්‍රිඩකයන්ගේ වසරපුරා ඇති කාර්ය බහුලත්වය බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් පුහුණුකරු කියයි.

බටහිර ඉන්දිය කොදෙව් දුපත්හි පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගයේදී තම කණ්ඩායම පරාජයට පත්වුයේ ඇතැම් ක්‍රිඩකයන්ගේ වසරපුරා ඇති කාර්ය බහුලත්වය බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් පුහුණුකරු රසල් ඩොමින්ගෝ මහතා පවසයි.  විශේෂයෙන් ඒ බී ඩිවිලියස්. හෂිම් අම්ලා. ෆැෆ්ඩු ප්ලේසිස්. මෝනි මෝකල්. ජේ. පී. ඩුම්නි ඇතුඵ ක්‍රිඩකයෝ රැසක්ම ඉන්දිය. ඔස්ට්‍රෙිලියානු. බංග්ලාදේශ.

Read more...

එංගලන්ත ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද

එංගලන්ත ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් කෙනිංග්ටන්හි ඕවල් පිටියේදී අද පැවැත් වේ. දෙරට අතර ප්‍රථම තරගය ලකුණු සම වීමෙන් නිමාවට පත් වූ අතර දෙවන තරගය කඩුඑ 10 කින් ජයගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. වර්ෂාව හේතුවෙන් තුන්වැනි තරගය ශ්‍රී ලංකා ඉණිමට පමණක් සීමා විය.

Read more...

ටෙක්නෝ ශ්‍රී ලංකා 2016 ප්‍රදර්ශනය

ටෙක්නෝ ශ්‍රී ලංකා 2016 වැඩසටහනේ සමාරම්භක උත්සවය ඉකුත්දා කොළඹදී පැවැත්වුනි.  ඔක්තෝබර් 07 වැනිදා සිට 09 වැනිදා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී මෙය පැවැත්වේ.

Read more...

එංගලන්ත ශ්‍රී ලංකා තෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් විසඳීමකින් තොරව අවසන් කිරීමට විනිසුවරු තීරණය කළහ. කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම පළමුවෙන් ලකුණු රැස්කිරිමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 කට ලකුණු 248 ක් රැස් කලේය. ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් පිලිවෙලින් ලකුණු 56 ක් සහ 63 ක් බැගින් රැස් කලහ.

Read more...

ජනාධිපති කුසලාන මයිලෝ පාසල් රගර් තරගාවලිය අද සිට

.ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන ජනාධිපති කුසලාන මයිලෝ පාසල් රගර් තරගාවලිය අද සිට ඇරඹෙයි.  මෙවර තරගාවලියට පාසල් 8 ක් සහභාගී වෙයි.  පළමු අර්ධ අවසන්පුර්ව තරග කොළඹ රාජකීය විදුහල් පිටියේදී අද පස්වරු 4.00 ට පැවැත්වෙයි.  කොලඹ ඉසිපතන සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගය පැවැත්වේ.  බම්බලපිටිය ශාන්තපීතර විද්‍යාලය සහ ශාන්ත අන්තෝනී විද්‍යාලය අතර තරගය හෙට පැවැත්විීමට නියමිතයි.

දෙවන එක්දින තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ එංගලන්තය වාර්තාගත ජයක් ලබයි.

ශ්‍රී ලංකා-එංගලන්ත. දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් වාර්තාගත කඩුඵ 10 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.  මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 තුළදී රැස් කලේ කඩුඵ 07 කට 254 ක් පමණි.  එම ඉලක්කය කිසිවෙකු නොදැවී ඕවර 34 යි එක් පන්දුවකදී ඉක්මවා යාමට එංගලන්ත ආරම්භක පිතිකරුවෝ සමත්වුහ. ජේසන් රෝයි නොදැවී ලකුණු 112 ක් ද. ඇලෙක්ස්හෙල්ස් නොදැවී ලකුණු 133 ක් ද රැස් කළහ.

Read more...

එස්. එල්. ටී. ස්පීඩ් අප් විවෘත රේසිං පාපැදි සවාරිය ලබන මස 27

එස්. එල්. ටී. ස්පීඩ් අප් විවෘත රේසිං පාපැදි සවාරිය ලබන මස 27 වෙනිදා කොළඹ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය අසලින් ආරම්භ වෙයි. සවාරිය ජූලි 31 වෙනිදා මඩකලපුවෙන් අවසන් වීමට නියමිතය. සවාරියේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 785 යි දශම 5 කි. ජයග්‍රාහකයාට රුපියල් මිලියනයක මුදල් තිළිණයක් පිරිනැමේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පූර්ණ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මෙය සංවිධාන කරයි.

ගාල්ලට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පර්යේෂණ රසායනාගාරයක්.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පර්යේෂණ රසායනාගාරයක් ගාල්ල හැව්ලොක් පාර ප්‍රින්සස් සිනමාහල් උඩුමහලේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් හෙට පස්වරු 2.00 ට විවෘත කෙරේ.  

Read more...

මෙරට නිෂ්පාදිත බෝට්ටුවලට ජාත්‍යන්තරව ඉහල ඉල්ලුමක්.

මෙරට නිෂ්පාදිත බෝට්ටු සදහා ජාත්‍යන්තර වශයෙන් පවතින ඉල්ලුම ඉහල යමින් පවතී.  ධීවර බෝට්ටුවලට අමතරව සුඛෝපභෝගී යාත්‍රා . මගී ප්‍රවාහන යාත්‍රා  සහ මෙහෙයුම් සදහා යොදා ගන්නා අධිවේගී යාත්‍රා ආදි බෝට්ටු සදහා මෙන්ම ඒවා ආශ්‍රිත අමතර උපාංග නිෂ්පාදන සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර වෙලෙදපොලෙහි ඉහල ඉල්ලුමක් පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read more...

ඉන්දිය ක්‍රිකට් පුහුණුකරු තෝරා ගැනීමේ තීරණාත්මක සාකච්ඡා ඇරඹේ.

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් පුහුණුකරු අනිල් කුම්බ්ලේ ද රවි ශාස්ත්‍රී ද යන්න ඉදිරි දින කිහිපයේදී තීරණය වනු ඇතැයි ඉන්දිය ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.  නව පුහුණුකරු සොයා ගැනීමේ කමිටුව තම නිර්දේශ ඊයේ ඉන්දිය ක්‍රිකට් සභාපති අනුරග් තකුර් මහතා වෙත භාරදී ඇත.

Read more...

43 වැනි ශ්‍රීි ලංකා පාසල් වයස් සිමා පිහිනුම් හා දිය පිමි තරගාවලිය කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ දී හෙට සිට.

43 වැනි ශ්‍රීි ලංකා පාසල් වයස් සිමා පිහිනුම් හා දිය පිමි තරගාවලිය කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ දී හෙට ඇරඹේ.  එය අවසන් වන්නේ  ලබන ඉරිදායි.  වයස් සීමා 6 ක් යටතේ තරගාවලිය පැවැත්වෙ.්  ඊට ඇතුලත් තරග ඉසව් සංඛ්‍යාව 164 කි.  කේවල තරග 140 ක් හා සහාය තරග 24 ක් ඊට ඇතුලත් කර තිබේ.

Read more...

රුසියානු ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට රියෝ ඔලිම්පික් වරම්.

     රුසියානු  මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට   මේ වසරේ  රියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙළට සහභාගි විය හැකි බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සදහන් කරයි.

Read more...

මඩකලපුව අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය 2016

මඩකලපුව අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය 2016 සැප්තැම්බර් 30 වැනිදා සිට ඔක්තෝබර් 02 වැනිදා දක්වා මඩකලපුව ශිවනන්ද ක්‍රිඩාංගනයේදි පැවැත්වෙයි මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 3 වැනි වතාවටයි

Read more...

ශ්‍රී ලංකා එංගලන්ත එක්දින පළමු තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය නොටින්හැම් හි ටෙන්බ්‍රිජ් ක්‍රිඩාංගනයේදි

Read more...

කොස්ගම සාලාව හමුදා කඳවුරේ පිපිරීමෙන් සිදුවු දේපල හානි තක්සේරු කටයුතු අවසන්.

කොස්ගම සාලාව හමුදා කඳවුරේ පිපිරීමෙන් සිදුවු දේපල හානි පිළිබඳ තක්සේරු කටයුතු අවසන් වෙයි.

Read more...

ඩුබායි තාක්‍ෂණ එක්ස්පෝ 2016 වෙළෙඳ ප්‍රදර්ශනයේදි ලෝකයේ හොඳම රසකාරක තේ වර්ගය ලෙස සිලෝන් ටෙනී ටී සම්මානයට

ඩුබායි තාක්‍ෂණ එක්ස්පෝ 2016 වෙළෙඳ ප්‍රදර්ශනයේදි ලෝකයේ හොඳම රසකාරක තේ වර්ගය ලෙස මෙරට ප්‍රධාන පෙලේ තේ නිෂ්පාදනකරුවෙකු වන සිලෝන් ටෙනී ටී සම්මානයට පාත්‍රවේ.  මෙම ප්‍රදර්ශනය ඩුබායි ජාත්‍යන්තර සමුඵ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදි පසුගියදා පැවැත්විණි.  මෙහිදි කාණ්ඩ කිහිපයක් යටතේ තේ නිෂ්පාදන සම්මානයට නිර්දේශ වු අතර ඒ අතරින් බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් හොඳම රජය අඩංගු තේ නාමයට හිමි සහතිකය සිලෝන් ටෙනි ටී දිනා ගැනිීමද විශේෂත්වයකි.