Wed09192018

Last updateMon, 30 Jul 2018 10am

නවතම පුවත්

ආසියානු තරගාවලියට 8 ක් යති

ස්බකිස්තානයේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයන් අට දෙනකුගෙන් යුත් කණ්ඩායමක් හෙට (20) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. එළැඹෙන අගෝස්තු මස බ‍්‍රසීලයේ පැවැත්වෙන රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව හිමි වන තරගාවලියක් ලෙස මෙය සැලකේ.

තරගාවලිය මෙම 21 වැනිදා සිට 30 වැනිදා දක්වා ටෂ්කෙන්ට්හිදී පැවැත්වෙයි. පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ පදක්කම්ලාභී සුදේෂ් පීරිස් සහ චින්තන විදානගේ මෙම තරගාවලියට සහභාගිවන්නේ ජාත්‍යන්තර අත්දැකීම් සපිරි ක‍්‍රීඩකයන් දෙදෙනකු ලෙසනි.
කමල් එගොඩවත්ත හැරෙන්නට සෙසු ක‍්‍රීඩකයන් හත් දෙනාම නිමා වු ඇසෑම් හි පැවති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේ පදක්කම් ලාභීහු වෙති.

කිලෝග‍්‍රෑම් 62 බර පංතියෙන් තරග කරන සුදේෂ් පීරිස් ඔලිම්පික් පරිසාධන මට්ටමට ලබා ගැනීමට කිලෝග‍්‍රෑම් 280 ක බර ප‍්‍රමාණයක් එසවිය යුතුය. සුදේශ්ගේ උපරිම දස්කම වන්නේ කිලෝග‍්‍රෑම් 273 කි.
කිලෝග‍්‍රෑම් 77 බර පංතිය නියෝජනය කරන චින්තන ගීතාල් විදානගේට, මෙවර ඔලිම්පික් වරම් ලැබීම සදහා කිලෝග‍්‍රෑම් 310 ක බර ප‍්‍රමාණයක් එසවීමට සිදුවේ. චින්තන සිය බර පංතියෙන් මෙතෙක් දක්වා ඇති හොදම දස්කම වන්නේ කිලෝග‍්‍රෑම් 300 ක බර ප‍්‍රමාණයක් එසවීමයි. සාග් බර ඉසිලීමේ රිදී පදක්කම් ලාභීන් වන ඉන්දික දිසානායක සහ චතුරංග ලක්මාල් ද දස්කම් අතර සිටින ක‍්‍රීඩකයෝ වෙති.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම:
ජේ. ඒ. චතුරංග ලක්මාල් (කි.ග‍්‍රෑ. 56), කමල් එගොඩවත්ත (කි.ග‍්‍රෑ. 56), සුදේෂ් පීරිස් (කි.ග‍්‍රෑ. 62), තිලංක පලගසිංහ (කි.ග‍්‍රෑ. 62), ඉන්දික දිසානායක (කි.ග‍්‍රෑ.69), චින්තන විදානගේ (කි.ග‍්‍රෑ. 77), තුසිත අබේකෝන් (කි.ග‍්‍රෑ. 94), ෂානක පීටර්ස් (කි.ග‍්‍රෑ. 105), පී. කේ. එන්. දයාන් මහතා (පුහුණුකරු) සහ පී. ඒ. ආර්. බණ්ඩාර මහතා (කළමනාකරු)

- See more at: http://kelimandala.lankadeepa.lk/article/61441/%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-8-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BA%E0%B6%AD%E0%B7%92#sthash.SiUi3VcU.dpuf

II වැනි අදියරේ ජය බෙන්තොටට

බෙන්තොට වෙරළේ තීරයේ සිනමන් හෝටලය අසළදී පැවැති ‘රෙඞ් බුල් ලෙවල්ස්’ තරගාවලියේ II වැනි අදියර ජයගැනීමට බෙන්තොට කලාප කණ්ඩායම සමත් විය.

අවසන් පූර්ව වටයේදී ශාක්ස්, වන් සමර් සහ 2015 වසරේ පැවැති තරගාවලියේ ශුරයන් වූ ‘350’ යන කණ්ඩායම් සමග කරට කර සටනක නිරත වූ බෙන්තොට කලාප කණ්ඩායම, අවසන් තරගයේදී මිනිත්තු 5 යි ත්ත්පර 46.54 ක කාලයක් වාර්ථා කරමින් තරගය ජයග‍්‍රහණය කළේය.

සඹරගමුව පලාතට ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරයක්

 

සඹරගමුව පලාත් සභාව පලාත් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරයක් අරඹයි. කැගල්ල රඹුක්කන. වල්ගම ආයුර්වේද රෝහල කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරෙන මෙම පලාත් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරයේ ඉදිකිරිම් මේ වන විට අවසන් වෙමින් පවති. රත්නපුර හා කැගල්ල දිස්ත්‍රික්කවල ආයුර්වේද රෝහල් සහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථ.ාන සදහා අවශ්‍ය සියලු ඔසු මෙහි නිෂ්පාදනය කිරිම අරමුණයි. දැනට රත්නපුර කැගල්ල . පුස්සැල්ල. කිතුල්ගල. ඇඹිලිපිටිය. වරකාපොල යන ආයුර්වේද රෝහල්වල ඔසු වර්ග කුඩා ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරේ. එය පලාතේ රජයේ ආයුර්වේද රෝහල් සදහා අවශ්‍ය සමස්ථ ඔසු ප්‍රමාණයෙන් සියයට විස්සක් පමණ නව ඔසු නිෂ්පාදනගාරයෙන් සඹරගමුවට අවශ්‍ය සමස්ථ ඔසු ප්‍රමාණයෙන් සියයට අසුවක් නිෂ්පාදනය කිරිමට අපේක්ෂා කෙරේ. දැනට සඹරගමුව පලාතට වාර්ෂිකව අවශ්‍ය ඔසු රුපියල් කෝටි 5 ක් පමණ වැය කර ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ නිතිගත සංස්ථාවෙන් මිලදි ගැනේ. නව ඔසු නිෂ්පාදනාගාරය ඉදිවිමත් සමග පලාතේ තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා ද උදාවෙයි.

රටකට සංචාරක ව්‍යාපාරය මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක්

රටකට සංචාරක ව්‍යාපාරය මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගලායන බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඒ නිසා යටිතල පහසුකම් දියුණු කිරීම ප්‍රධාන අවශ්‍යතාවක් වෙයි. එහි එක් කොටසක් ලෙස දුම්රිය සේවාවද විධිමත් කෙරේ. වර්තමානයේදි දුම්රිය මගින් විදේශ සංචාරකයින් දිවයිනේ සෑම ප්‍රදේශවලටම ගමන් කරයි. මේ නිසා මහනුවර. නානුඔය. පට්ටිපොල. අඹේවෙල. හපුතලේ. දියතලාව. බණ්ඩාරවෙල ඇල්ල හා බදුල්ල දුම්රිය ස්ථාන කඩිනමින් නවිකරණය කිරිමට තිරණය කර ඇත. ඒ සදහා රුපියල් කෝටි 19 ක් වැය කෙරේ.

මාතර දිස්ත්‍රික්කයේ කුරුඳු වගාවට ඉහල ඉල්ලුමක්

මාතර දිස්ත්‍රික්කයේ කුරුඳු වගාවට ඉහල ඉල්ලුමක් පවතින බව දිස්ත්‍රික් කෘෂිකර්ම කාර්යාලය පවසයි. මේ වනවිට වගාකරුවෝ 400 ක් පමණ අලුතින් වගාව සදහා එක්වී සිටිති. අකුරැස්ස කොටපොල . දෙයියන්දර අතුරලිය . පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුරු වගාව සාර්ථකව සිදු කෙරේ. හෙක්ටයාර 2 ක වගාවක් සදහා රජය සහනාධාරයක් ලෙස රුපියල් අටදහසක මුදලක් ලබා දෙයි.

ජාත්‍යන්තර ක්‍රිඩාංගනයක් කුරුණෑගල ඉදිකිරීමට පියවර

ජාත්‍යන්තර ක්‍රිඩාංගනයක් කුරුණෑගල ඉදිකිරිමට පියවර ගැනේ. ආසියානු මට්ටමේ ක්‍රිඩා උළෙලක් ඉදිරියේදී පැවැත්විය හැකි පරිදි මෙය ඉදිකෙරෙන බව සුසන්තිකා ජයසිංහ ඇකඩමියේ සභාපති සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය පැවසුවේ අක්කර විසි පහක භූමියක් මේ සදහා යොදා ගන්නා බවයි.

අලුත් අවුරුද්ද නිමිත්තෙන් අමතර දුම්රිය සේවා

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම් බිම් බලා යන ජනතාවගේ සහ පාසල් නිවාඩු සමයේ විනෝද ගමන්වල යෙදෙන ජනතාවගේ පහසුව උදෙසා අමතර දුම්රිය ධාවනයට එක් කර ඇතැයි දුම්රිය වාණිජ අධිකාරි ඒ ඩී ජී සෙනෙවිරත්න මහතා කියයි. ප්‍රධාන මාර්ගයේ මෙන්ම මුහුදුබඩ මාර්ගයේ ද එම දුම්රිය ධාවනය කෙරේ. ලබන 12 වැනිදා කොළඹ කොටුවේ සිට යාපනය දක්වා අමතර දුම්රියක් යොදවා තිබේ. එම දුම්රිය ලබන 17 වැනිදා යලි කොළඹ කොටුව බලා ධාවනය කෙරේ. සති අන්තයේ පමණක් කොළඹ කොටුව හා මහනුවර අතර ධාවනය වන වායු සමනය කළ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ලබන 11 . 12 හා 20 යන දිනවල ද ධාවනය කිරීමට විධිවිධාන යොදා තිබේ. සති අන්තයේ පමණක් මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන වායු සමනය කළ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ලබන 12 . 13 හා 21 යන දිනවල මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය කෙරේ. කොළඹ කොටුව හා වව්නියාව අතර ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට හා කොළඹ කොටුව හා මඩකලපුව අතර ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට ලබන 8 වැනිදා සිට 17 වැනිදා දක්වා දෙවන පන්තියේ අමතර මැදිරිය බැගින් එක් කරන බව ද දුම්රිය වාණිජ අධිකාරිවරයා කියයි. කොළඹ කොටුව හා ත්‍රීකුණාමලය අතර ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියට තුන්වන පන්තියේ අමතර මැදිරියක් එක් කර තිබේ. මාතර හා වව්නියාව අතර ධාවනය වන රජරට රැජින සීඝ්‍රගාමී දුම්රියට ද දෙවන හා තුන්වන පන්තියේ අමතර මැදිරි එක් කෙරේ.

ශ්‍රී ලංකා - ස්විඩන් විදේශ ඇමතිවරුන් අතර හමුවක්

ස්විඩන විදේශ අමාත්‍ය මාගොට් වොල්ස්ට්‍රොම් මහත්මිය විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවෙයි. කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශයේදී අද පෙරවරුවේ එම සිදුවිය. ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අමාත්‍යවරුන් සාකච්ඡා පැවැත්වු බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි. තෙදින නිල සංචාරයක් සදහා ස්විඩන් විදේශ අමාත්‍යවරිය මෙරටට පැමිණ සිටි. ඇය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත්. කථානායක කරු ජයසුරිය මහතාත් හමුවෙයි. දෙරට අතර ද්වීපාර්ශ්වික සහ වෙළෙඳ සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි මෙම චාරිකාවේදී මුලික අවධානය යොමු කෙරේ.
ලංකා වාණිජ මණ්ඩලයේ සහාය ඇතිව විදේශ කටයුතු අමාත්‍යංශය සංවිධාන කළ ඉහල පෙලේ ව්‍යාපාරික වටමේස සාකච්ඡාවක් කොළඹ සිනමන් ග්‍රුන්ඩ් හෝටලයේදී අද පස්වරුවේ පැවැත්වේ. ස්විඩනයේ ප්‍රමුඛ පෙලේ සමාගම් 07 ක නියෝජිතයෝ ඊට සහභාගි වෙති. එරික්සන් වෝල්වෝ ඒ බී ඩී. එස් ඒ ඩී බී. ස්කානියා. ඇක්සිස් කොමියුනිකේෂන්. අයිකොමරියා එම සමාගම් වෙයි. නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා හා ස්විඩනයේ විදේශ කටයුතු ඇමතිනි මාගොට් එලිසබෙත් වෝල්ස්ට්ටෝම් මහත්මිය සමුඵව ඇමතීමට නියමිතයි. ස්විඩන් විදේශ ඇමතිනි අද සවස කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් අන්තර්ජාතික සබඳතා හා ක්‍රමෝපාය අධ්‍යයන ආයතනයේදී විශේෂ දේශනයක් පවත්නීය. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින ක්‍රියාකාරිනියක වන ඇය පවත්වන දේශනයේ මාතෘකාව වන්නේ විදේශ ප්‍රතිපත්තියේ කාන්තා කාර්ය භාරය - ස්විඩනයේ කාන්තාවන්ට අදාල විදේශ ප්‍රතිපත්තිය යන්නයි. හෙට ඇය යාපනයේ චාරිකාවක යෙදෙන්නීය.

නිදහස් දිනය අභිමානවත් අයුරින් සැමරිමට සියලු කටයුතු සූදානම්

ලංකාවේ  68 නිදහස් දින සැමරුම  අභිමානවත් අන්දමින් සිදුකිරිමට සියලු කටයුතු සූදානම් බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා කියයි.  සියවස් දෙකකට අධික කාලයක් යටත්විජිත ආධිපත්‍යයට නතුව තිබු   ලංකාවට නිදහස දිනා ගැනිම සදහා දිවිහිමියෙන් කටයුතු කළ ජාතික නායකයන් මෙන්ම

Read more...