Sun09222019

Last updateTue, 18 Jun 2019 8am

නවතම පුවත්

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපතිවරයා දිවයිනට

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උපසභාපති හාර්ට්විග් ශේෆර් මහතා තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණෙයි.  ඔහු ශ්‍රිී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.  ශ්‍රිී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ඔහුගේ සංචාරයේ අරමුණයි.  ශ්‍රීී ලංකාවේ ඉදිරි ප්‍රතිසංස්කරණ සැලසුම් සදහා ලෝක බැංකුව සහයෝගය ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් ද උප සභාපතිවරයා මෙරට නායකයින් සමග කරුණු සාකච්ඡා කරයි.

මාකදුරේ මදූෂ් . අමල් පෙරේරා සහ නාලක සිල්වා අතර පැවති සබදතා පිලිබද සෙවීමේ මෙහෙයුම් ඇරඹේ.

මාකදුරේ මදුෂ්ට ඩුබායිහිදී සාධාරණ දඩුවමක් ලැබීම උචිත බව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අවධාරණය කරයි . ශ්‍රී ලංකාවේ නිතියට අනුව දඩුවම් ලබාදීමට වඩා ඩුබායිහිදී දඩුවම් ලබාදීම සාධාරණ වනු ඇතැයිද මන්ත්‍රීවරයා කියයි. ශ්‍රී ලංකාවේ අපරාධකරුවන්ට දඩුවම් ලබාදීමේ සිදුවන දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා අදහස් පල කළේය

ඇමරිකානු ජනාධිපතිවරයාගේ රජයේ තවත් ඉහල පෙලේ ප්‍රධානියෙක් ඉල්ලා අස්වෙයි

ඇමරිකාවේ අත්‍යවශ්‍ය කටයුතු කළමනාකරණ ඒජන්සියේ ප්‍රධානී බ්‍රෝක් ලෝන් ඉල්ලා අස් වෙයි.  ඔහු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජයේ ප්‍රධාන වගකීමක් දැරූ නිලධාරියෙක් වෙයි.  2017 වසරේ ජුනි මාසයේ දී ඔහු එම ධුරයට පත් විය.  ඇමරිකාවට බලපෑ දරුණු ස්වභාවික ව්‍යසන කිහිපයක දී මනා කළමනාකරණයකින් යුක්තව ගැටඵ විසදීමට බ්‍රෝක් සමත් විය.  පුවාටෝරිකෝ රාජ්‍යයට බලපෑ සුළි කුණාටුව අවසානයේ සිදු කළ මානුෂීය මෙහෙයුම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා ද එල්ල වී තිබෙ.්  සිය පවුල සමග වැඩි කාලයක් ගත කිරීමේ අපේක්ෂාවෙන් ඉල්ලා අස්වන බව මාධ්‍යයට අදහස් දැක්වු බ්‍රෝක් කියා සිටියේය

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දකුණූ අප්‍රිකානු පලමු ඉණිම ලකුණු 235 කට සීමාවෙයි

ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි .ඊයේ දිනය නිමාවන විට පලමු ඉණිම සදහා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 49 ක් රැස් කළේය. ලහිරු තිරිමාන්න පළමු කඩුල්ල ලෙස ලකුණු නොලබා දැවී ගියේය. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල පන්දු රැකීමට තීරණය කළේය. මුලින්ම පන්දුවට පහර දුන් දකුනු අප්‍රිකා පිල සිය පලමු ඉණිමේදී සියඵ දෙනා දැවී ලකුනු 235 ක් රැස් කළේය. ක්වින්ටන් දි කොක් දකුණු අප්‍රිකා පිල වෙනුවෙන් ලකුණු අසූවක් රැස් කළේය. විශ්ව ප්‍රනාන්දු ලකුණු  62 කට කඩුඵ 4 ක්ද කසුන් රජිත ලකුණු 68 කට කඩුඵ 3 ක්ද බිද හෙලීය. මේ වන විට ශ්‍රී ලංකා කන්ඩායම පන්දුවට පහර දෙමින් සිටී.

රජයේ සංවර්ධන ව්‍යාපෘති සදහා ප්‍රජාවගේ සක්‍රිය දායකත්වය අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා පවසයි

රාජ්‍ය පරිපාලන ආකෘති හා අනිකුත් අභාවයට ගිය අංශ ප්‍රතිසංස්කරණයට ලක් කොට රටේ ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත කිරීමට හැකිවු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  ශ්‍රිී ලංකාවේ පළමු සමාජ නවෝත්පාදන පර්යේෂණගාරය වන සිට්ට්‍රා සමාජ නවෝත්පාදන පර්යේෂණගාරය නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට අද කොළඹ දී එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.  පසුගිය කාලය තුල සිදුව තිබු අඩුපාඩු රැසක් නිවැරදි කර ගැනීමට හැකි විය.  රජය ක්‍රියාත්මක කරන මෙවැනි ව්‍යාපෘති සදහා පුරවැසියන්ගේ සහයෝගය ප්‍රාදේශීය මට්ටමේ සිට ලැබිය යුතුය.  ඒ සදහා ප්‍රජාව සක්‍රීයව දායක විය යුතු බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.  එමෙන්ම ප්‍රාදේශීය මට්ටමේ පරිපාලන කටයුතු සදහා ඩිජිටල්කරණය හදුන්වා දීමේ අවශ්‍යතාව ද අග්‍රමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රටට අවශ්‍ය මානුෂිය ආධාර රැගෙන ඒමට වෙනිසියුලානු විපක්ෂ නායකයා සුදානම්

ජනාධිපති නිකලොස් මදුරෝ මහතාගේ විරෝධය නොතකා ලබන 23 වැනිදා රටට අවශ්‍ය මානුෂීය ආධාර රැගෙන එන බව වෙනිසියුලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ මහතා පවසයි.  ඔහු මේ බව පැවසුවේ සිය ආධාරකරුවන් පිරිසක් හමුවු අවස්ථාවේදීය.  මේ වන විට වෙනිසියුලාව සදහා ආධාර රැගත් ඇමරිකානු සහනාධාර කණ්ඩායම් කොලොම්බියා දේශසීමාවට පැමිණ තිබේ.   ජනාධිපති මදුරෝ මහතාගේ නියෝගයට අනුව එරට හමුදාව වෙනිසියුලාවට පැමිණෙන දේශසීමාව වසා දමා ඇත.

ශ්‍රි ලංකා - දකුණු අප්‍රිකා පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පලමු දිනය අදයි

  සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ඩර්බන් හිදි පැවැත්වෙන  පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ  ප්‍රථම ඉනිම ක්‍රිඩා කරන දකුණු අප්‍රිකානු අප්‍රිකානු කණ්ඩායම මිට ස්වල්ප වේලාවකට පෙර කඩුලු 7       ක් දැවි  ලකුණු  181    ක්  රැස්කරගෙන සිටියේය.   කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දු රැකිමට තිරණය කළේය.

ගස් කැපීමට යොදා ගන්නා සියලු යන්ත්‍ර සදහා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්යය කෙරේ

මෙම වර්ෂය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් කර ගැනීම සදහා එකට එක් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමස්ත රාජ්‍ය සේවයට ආරාධනා කරයි. මැතිවරණ වර්ෂයක් ලෙස දේශපාලනඥයන් සිය මැතිවරණ සටන්වල නිරතව සිටින අතරතුර රටක් ලෙස මේ වසරේ දී ඉටු කර ගත යුතු අරමුණක් වන්නේ මෙරට ආර්ථික වර්ධන වේගය ඉහල නංවා ගැනීමේ අභියෝගයට මුහුණදීම බව ජනාධිපතිතුමා සදහන් කරයි. එසේ නොවුනහොත් ආර්ථික වශයෙන් ඉතා කණගාටුදායක තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇතැයි ජනාධිපතිතුමා පවසයි. මැතිවරණ ව්‍යාපාර නිසා කිසිවිටකත් සංවර්ධන සහ මහජන සේවා අඩපණ නොවිය යුතු බවද එතුමා අවධාරණය කරයි. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවති විශේෂ හමුවකට එක් වෙමිනි. .
වන ඝණත්වය ඉහල නංවා ගනිමින් පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගෙන යන ජාතික වැඩසටහන පිළිබදව ද ජනාධිපතිතුමා පැමිණ සිටි පිරිස දැනුවත් කළේය. ගස් කැපීමට භාවිත කරන කුඩා ප්‍රමාණයේ චේන්සෝ යන්ත්‍රවල සිට විශාල ප්‍රමාණයේ යන්ත්‍ර දක්වා සියලු යන්ත්‍රවලට අනිවාර්යයෙන් බලපත්‍රයක් ලබා ගත යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කරන බවද ජනාධිපතිතුමා පැවසීය.
දිළිදුකම පිටුදැකීම සදහා ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක ග්‍රාමශක්ති ජාතික වැඩසටහන සහ ඒ ආශ්‍රිතව පොදුජනතා සුබසිද්ධිය උදෙසා ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාවට නංවා ඇති විශේෂ ව්‍යාපෘතිවලට අදාල 2019 ඉලක්ක පිළිබඳ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිම සදහා මෙම හමුව කැඳවා තිබුණි. ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මේ වනවිට සාර්ථකව දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ. නිෂ්පාදන ක්‍රියාවලිය තුලින් දුගී බව තුරන් කර ස්වශක්තියෙන් නැගී සිටින පුද්ගලයෙකු නිර්මාණය කිරීම වැඩසටහනේ විශේෂත්වයයි. එය තවදුරටත් පුඵල් කිරීමේ අරමුණින් ලබන 18 වැනිදා සිට 24 වැනිදා දක්වා සතිය ග්‍රාම ශක්ති ජාතික සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මෙම අවස්ථාවට එක්වු ඇමති වජිර අබේවර්ධන මහතා ග්‍රාමීය ජනතාව දිළිදු බවින් මුදාගෙන ස්වශක්තියෙන් නගාසිටුවීම සදහා විවිධ රජයන් යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතැයි කීවේය. මෙවැනි වැඩසටහන් සාර්ථක කර ගැනීමට නව නීති අවශ්‍ය වේ ඒ සදහා අගමැතිතුමාගේත් රජයේත් අවධානය යොමුවිී ඇතැයි ඔහු පැවසීය

එක්සත් ජාතික පක්ෂයට නව ආසන සංවිධායකවරු 6 දෙනෙක් පත් කෙරෙති.

ශ්‍රිී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන් දෙදෙනෙකු ඇතුඵ 6 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරු ලෙස පත් කෙරෙති.  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද පැවති උත්සවයක දී මෙම සංවිධායක ධුර පිරිනමා තිබේ.  ඒ අනුව හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු මෙන්ම ශ්‍රිී ලංකා නිදහස් පක්ෂයේ අරණායක ආසන සංවිධායක ලලිත් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ අරණායක ආසන සංවිධායකවරයා ලෙසත් පළාත් සභා හිටපු අමාත්‍යවරයෙකු සහ ශ්‍රිී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයේ පාතදුම්බර ආසන සංවිධායකවරයා ලෙසත් පත්කරනු ලැබ සිටිති.  පාර්ලිමේන්තු මන්ත්‍රි කාවි්න්ද ජයවර්ධන මහතා මිීගමුව ආසන සංවිධායකවරයායි.  ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා දඹදෙණිය ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත.  මංජුල බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ වාරියපොල ආසන සංවිධායකවරයා ලෙසත් උදය විජේනායක මහතා හිරියාල ආසන සංවිධායකවරයා ලෙසත් පත්කරනු ලැබ සිටිති.

තායිලන්තයේ අගමැතිධුරය සදහා එරට රජුගේ සොයුරිය නුසුදුසු බවට මැතිවරණ කොමිසම තීරණය කරයි

තායිලන්තයේ අගමැතිධුරය සදහා තරග වැදීමට සුදානමින් සිටි එරට මහා වජිරලෝන්කොන් රජුගේ සොයුරිය ඒ සදහා නුසුදුසු බවට මැතිවරණ කොමිසම තීරණය කරයි.   රජු ඇය මැතිවරණයට ඉදිරිපත් වීම  ප්‍රතික්ෂේප කළේය.   මැතිවරණ කොමිසම අද අගමැතිධුරය සදහා තරග වදින පක්ෂ අපේක්ෂකයන්ගේ නිල ලේඛනය නිකුත් කර තිබේ.  එහි රජ කුමරියගේ නම ඇතුළත් නොවිණ.  මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ රජ පවුලේ කිසිදු සාමාජිකයෙකුට දේශපාලන පත්වීම් දැරිය නොහැකි බවයි.

දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් ශ්‍රිී ලංකා කණ්ඩායමට ලකුණු ලකුණු 226 ක ඉලක්කයක්

අයි සී සී කාන්තා ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පොචෙෆ්ස්ටෘම් හි දී දැන් පැවැත්වේ.  කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඇරයුමෙන් මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඕවර 48  ක් අවසානයේ කඩුලු 7 ක් දැවී 225  ක් රැස් කළේය.  ඩේන් වෑන් ලකුණු 102 ක් රැස් කළාය.  පන්දු යැවීමේ දිී ඕෂධී රණසිංහ කඩුලු 3 ක්ද උදේශිකා ප්‍රබෝදනි කඩුලු 2 ක්ද දවාලීමට සමත් වුහ.

කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සදහා වැඩි අවධානයක්

කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සදහා වැඩි අවධානයක් මේ වසරේදී යොමුකරන බව පී හැරිසන් ඇමතිවරයා පවසයි.  පසු අස්වනු තාක්‍ෂණය ප්‍රවර්ධනය මුලික අරමුණයි.  සේනා දළඹු අර්බුදය අවම කරගැනිමට ජනතාවගෙන් උපරිම සහයෝගයක් අපේක්ෂා කරන බවද ඇමතිවරයා කියයි.

ඉදිරි මාස දෙක තුලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම

ජනපති ඝාතන කුමන්ත්‍රණයේ පරික්ෂණ වාර්තාව නිතිපති දෙපාර්තමේන්තුවට ඉදිරි සති දෙක තුලදී ලබා දීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද ජනාධිපතිතුමා සදහන් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගෙන් කරුණු ලබා ගැනීම දැන් අවසන් කර තිබේ.

ජනපති ඝාතන කුමන්ත්‍රණයේ පරික්ෂණ වාර්තාව ඉදිරි සති දෙක තුලදී නිීතිපතිවරයාට- මාකදුරේ මදූෂ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඩුබායි රජය සමග සාකච්ඡා

ජනපති ඝාතන කුමන්ත්‍රණයේ පරික්ෂණ වාර්තාව නිතිපති දෙපාර්තමේන්තුවට ඉදිරි සති දෙක තුලදී ලබා දීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද ජනාධිපතිතුමා සදහන් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගෙන් කරුණු ලබා ගැනීම දැන් අවසන් කර තිබේ.

අලි මිනිස් ගැටුම මර්ධනයට රජයේ ප්‍රමුඛතාව-අලිවැට කිලෝ මීටර් හත්දහසක් දක්වා දීර්ඝ කරන බව අගමැතිතුමා කියයි

අලි මිනිස් ගැටුම මර්ධනයට රජයේ ප්‍රමුඛතාව ලබා දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියයි. අලිවැට කිලෝ මීටර් හත්දහසක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු යොදා තිබේ. එහි නඩත්තුවද ඉදිරියේදී විධිමත් කෙරේ.

රටට විදේශ විනිමය අහිමිවන ගම්මිරිස් හා පුවක් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් පිලිබදව කඩිනමින් ජනතාව දැනුම්වත් කරන බව මංගල සමරවීර ඇමතිවරයා කියයි


රේගු වංචා සෙවීමට ඇමති මණ්ඩල කමිටුවක් පත් කරන බව මංගල සමරවීර ඇමතිවරයා පවසයි. මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේ නිෂ්චිත ඉලක්කවලට පැමින අපේක්ෂිත ලාභ අරමුණු ඉටුකර ගැනීමට රේගුව අසමත්ව ඇති බවයි. ඊට හේතුව නාස්තිය උපරිම වීමයි. රේගුවේ ක්‍රියාත්මක මාෆියාව රේගු වංචා දුෂණවලට ඍජුවම බලපාන බවද ඇමතිවරයා කියයි.
රටට විදේශ විනිමය අහිමිවන ගම්මිරිස් හා පුවක් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් පිලිබදව කඩිනමින් ජනතාව දැනුම්වත් කරන බව ද මංගල සමරවීර ඇමතිවරයා කියා සිටියේය .
මේ අතර රේගුවේ පැවති අර්බුධය සාමාන්‍ය අතට පත්ව ඇතැයි අප වාර්තාකරු කියයි. මේ වන විට රේගු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ.

ලබන සතිය වන විට ඉරාකය සහ සිරියාව අයි එස් ත්‍රස්තවාදීන්ගෙන් සම්පුර්ණයෙන්ම මුදා ගන්නා බව ඇමරිකානු ජනාධිපතිවරයා කියයි.

ලබන සතිය වන විට ඉරාකය සහ සිරියාව අයි එස් ත්‍රස්තවාදීන්ගෙන් සම්පුර්ණයෙන්ම මුදා ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි . මේ වන විට සිරියාවේ සහ ඉරාකයේ ඒකාබද්ධ හමුදා මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මක වේ. එම මෙහෙයුම්වලදී සෑම ස්ථානයකින්ම අයිඑස් සටන්කාමීන් වටලා ප්‍රහාර එල්ල කිරීමට ආසන්න බවද ඇමරිකානු ජනාධිපතිවරයා කියයි. මෙම මෙහෙයුම් අවසන් වූ වහාම එම රටවල  රදවා සිටින ඇමරිකානු සියඵ භටයින් යලි සිය රටට ගෙන්වන බවද ජනාධිපතිවරයා කියයි.

ටෙස්ට් තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිඩකයින් දකුණු අප්‍රිකාවට

ටෙස්ට් තරගාවලියට සහභාගීවීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයෝ කිහිප දෙනෙක් දකුණු අප්‍රිකාව බලා අද අලුයම පිටත්ව ගියහ. මිලින්ද සිරිවර්ධන. කෞෂාල් සිල්වා. ඔසඳ ප්‍රනාන්දු. මොහොමඩ් ශිරාස් එම ක්‍රිඩකයෝ වෙති. ඇන්ජලෝ පෙරේරා සහ ලසිත් ඇඹුල්දෙනියද ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට කණ්ඩායමට එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ජෝන් ලුවිස් මහතද ඩර්බන් හිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වෙයි.

පකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කිරිමට පකිස්තාන කණ්ඩායම සමත්වෙයි.

වැලිගම සමුද්‍රිය සංචාරක සැලැස්ම

 

දේශිය සංචාරක ව්‍යාපාරය නගාසිටුවීමට නිල් ආර්ථිකයේ සමුද්‍රිය සංචාරක වැඩපිළිවෙල යටතේ ගාල්ල වැලිගම සමුද්‍රිය සංචාරක සැලැස්ම රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා අමාත්‍ය ජෝන් අමරතුංග මහතා වෙත භාරදෙනු ලැබීය. මිරිස්ස ධිවර වරායෙන් ක්‍රියාත්මක තල්මසුන් නැරඹිමේ සංචාරක ව්‍යාපාරය විධිමත් කිරීමෙන් එය ඇරඹුනි.  මේ වනවිට සමුද්‍රිය සංචාරක ව්‍යාපාරය කෙරෙහි විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් හිමිවී තිබේ.  එමගින් වැඩි විදේශ ආදායමක්ද ලබාගත හැකි බව වෙදආරච්චි මහතා කියයි.

පළාත් සභා ක්‍රමය ආරම්භයේ සිටම අධ්‍යයනයක් කළ යුතු බව ජනපති කියයි

පළාත් සභා ක්‍රමයේ අඩුපාඩු මෙන්ම සාර්ථක සහ අසාර්ථක තත්ව හදුනා ගනිමින් ශක්තිමත් පළාත් සභාවක් ගොඩනැගීම සදහා අධ්‍යයනයක් කළයුතුබව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මුදල් කොමිසන් සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.
එම උත්සවය ඇමතු කථානායක කරු ජයසුරිය මහතා පැවසුවේ ජාතික ධනය ඉපැයීමේදී දුෂණය සහ වංචාව පිටුදැකිය යුතු බවයි. ඒ සදහා ජනාධිපතිතුමාගෙන් විශාල සහයක් ලැබෙන බවද හෙතෙම සදහන් කළේය.

ජාතික ආණ්ඩුවක් බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක්

පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ඇති පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් බිහිකිරිමේ යෝජනාවක් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායකවරයා වෙත යොමුකරනු ලැබ තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතලිස්හය හතර ව්‍යවස්ථාවට අනුව ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත්  කිරිමට ක්‍රියාකරන ලෙස ඇමතිවරයා පාර්ලිමේන්තු මහාලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලිමක් ද කර තිබේ.