Thu06202019

Last updateTue, 18 Jun 2019 8am

නවතම පුවත්

තවුහිද් ජමාද් නායකයා මෙරටට ගෙන ඒමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ මෙහෙයුමක්

සෞදි පොලිස් අත්අඩංගුවේ සිටින තවුහිත් ජමාද් අන්තවාදී කල්ලියේ සන්නද්ධ අංශ නායකයා මෙරටට රැගෙන ඒමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Read more...

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවීම සියයට අසූ පහකින් අවසන්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබු ජනතාවට වන්දි පිරිනැමීමේ කටයුතු සියයට 85 කින් අවසන් බව හානි පූර්ණය සදහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතා පවසයි.  ඒ සඳහා රජය මේ වනවිට වැය කර ඇති මුදල රුපියල් මිලියන 210 ඉක්මවයි. 

Read more...

ක්‍රිකට් ලෝක කුසලානයේ ඊයේ ජය ඔස්ට්‍රේලියාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රි පැවති තරගයෙන් පකිස්ථානය පරදවා ලකුණු 41 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වෙයි.  ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49 කදී සියලු දෙනා දැවී ලකුණු 307 ක් රැස් කළේය. 

Read more...

ඉන්දියාවේ ගුජරාටයට සුළි කුණාටුවක අවදානමක්

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය හරහා හෙට අලුයම සුළි කුණාටුවක් හමා යාමේ අවදානමක් පවතින බව එරට කාලගුණ අංශ අනතුරු අගවා තිබේ. 

Read more...

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව හා පකිස්ථානය අතර තරගය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව හා පකිස්ථානය අතර තරගය එංගලන්තයේ ටවුන්ටන් හිදි අද පැවැත්වේ. ශ්‍රිී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට තරගය ඇරඹේ. ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මාර්ක් ස්ටොයිනිස් අද තරගයට සහභාගි නොවේ.

Read more...

පොසොන් සතිය අද සිට

පොසොන් සතිය අදින් ආරම්භ විය. අනුරාධපුර ජය ශ්‍රීමහා බෝසමිදුන් අභියස පැවැත්වෙන සති පිරිත් දේශනය අද රාත්‍රියේ ඇරඹේ. එය අවසන් වන්නේ ලබන 19 වැනිදායි. සති පිරිත් දේශනය මෙවර පැවැත්වෙන්නේ 40 වැනි වතාවටයි.

Read more...

අයවැයෙන් යෝජනා කළ නව වැටුප් ගැලපීම ලබන මස සිට විශ්‍රාම වැටුපට

නව වැටුප් ගැලපීම ලබන මස විශ්‍රාම වැටුපට එක් කළ හැකි බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතා කියයි. 2019 අයවැය යෝජනාවකට අනුව එම විශ්‍රාම වැටුප් ගැලපීම සිදු කෙරිණි.

Read more...

යැපුම් මානසිකත්වය තුරන් කර ඉපැයුම් මානසිකත්වයක් ගොඩනැංවීම සමෘද්ධි වැඩපිළිවෙලේ ඉලක්කය බව දයා ගමගේ ඇමතිවරයා කියයි

යැපුම් මානසිකත්වය තුරන් කර ඉපැයුම් මානසිකත්වයක් ගොඩනැංවීම සමෘද්ධි වැඩපිළිවලේ ඉලක්කය බව ඇමති දයා ගමගේ මහතා කියයි.  අලුතින් හිතමු-දිරියෙන් නැගිටිමු යන නව තේමාව ඊට හඳුන්වා දී ඇත්තේ එබැවිනි. 

Read more...

අපවත් වී වදාළ පුජ්‍ය පල්ලත්තර සුමනජෝති නායක ස්වාමින් වහන්සේගේ දේහයට ජනාධිපතිතුමා හා විපක්ෂ නායකවරයා අවසන් ගෞරව දක්වති

අපවත්වි වදාල දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක. රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති. අග්ග මහා පණ්ඩිත. මහෝපාධ්‍යාය පුජ්‍ය පල්ලත්තර ශ්‍රි සුමනජෝති නායක ස්වාමින් වහන්සේගේ ශ්‍රි දේහය පිලිබද ආදාහන පුජෝත්සවය අද පස්වරු 03.00 ට ගාල්ල සමනල ක්‍රිඩාංගනයේදි පැවැත් වේ. 

Read more...

එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ සමාරම්භක උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්

සාරවත් දේශයක වාපි සංග්‍රාමය එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල බටහිර පඩුවස්නුවර පිහිටි කොටකිඹුලාකඩ අමුණ අසලදී අද පස්වරු 03.00 ට පැවැත් වේ.

Read more...

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක කටයුතුවලට මැදිහත්වීමේ හැකියාවක් අමාත්‍ය මණ්ඩලය සතු නොවන බව අගමැති කියයි

අමාත්‍ය මණ්ඩල රැස්විම් නොපැවැත්වු පමණින් අමාත්‍ය මණ්ඩලය අහෝසි නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  තේරීම් කාරක සභාව පත්කර ඇත්තේ පාර්ලිමේන්තුව විසිනි. 

Read more...

ලොව මුස්ලිම් ජනතාවගේ ප්‍රධානතම සතුරා අන්තවාදි ත්‍රස්තවාදය බවට විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක්

ලොව මුස්ලිම් ජනතාවගේ ප්‍රධානතම සතුරා අන්තවාදි ත්‍රස්තවාදය බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය බැතිමතුන් සදහා අද සිට යලි විවෘතයි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානියට පත් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය පිළිසකර කිරිමෙන් පසුව අද පස්වරු  05.00 ට බැතිමතුන් සදහා යලි විවෘත කෙරේ.

Read more...

ග්‍රිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

ග්‍රීක ජනාධිපති ප්‍රකොපිස් පවුලෝපවුලස් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර ජූලි මස 7 වෙනි දිනට මහ මැතිවරණයක් කැඳවයි.

Read more...

අද සිදුවු පිපිරීම් වලින් තුවාල ලැබු පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින්

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය. කොළඹ ෂැන්ග්‍රිලා . සිනමන්ග්‍රූන්ඩ් සහ කිංස්බරී හෝටල් පරිශ්‍රවල ද අද පෙරවරුවේ සිදුවු පිපිරීම්වලින් තුවාල ලැබු අය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.

මේ අතර මීගමුව කටුවපිටිය දේවස්ථානයේ පිපිරීමකින් තුවාල ලැබු පිරිස මීගමුව රෝහලට ඇතුලත් කරනු ලැබ සිටිති. මඩකලපුව ෂියෝන් දේවස්ථානයේ සිදුවු පිපිරීමෙන් තුවාල ලැබු පුද්ගලයෝ මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබති.

මෙම පිපිරීම්වලින් තුවාල ලැබු සියඵ දෙනාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. කොළඹ මහ රෝහල. කඵබෝවිල. ගම්පහ. මීගමුව. මඩකලපුව ඇතුඵ සියඵ රෝහල් ඒ වෙනුවෙන් සුදානම් කර තිබේ.

රජයේ රෝහල්වලට අමතරව කිසිදු ගාස්තුවක් අය නොකර පෞද්ගලික රෝහල් මගින්ද තුවාල ලැබුවන්ට ප්‍රතිකාර සේවා සිදුකිරීමට පියවර ගෙන ඇතැයි ඇමතිවරයා පවසයි.

මේ අතර මීගමුව සහ මඩකලපුව රෝහල් සදහා රුධිරය පරිත්‍යාග කරන ලෙස පරිත්‍යාගශිලීන්ගෙන් ඉල්ලීමක් කෙරේ. මඩකලපුව රෝහල සදහා ලබාදෙන රුධිරය පොලොන්නරුව. අම්පාර. සහ ත්‍රිකුණාමලය යන රෝහල්වලට ලබාදිය හැකිය.

මඩකලපුව රෝහලේ ඇතිවන තදබදය අවම කිරීමට එම ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අංශ මහජනතාගෙන් ඉල්ලීමක් කරයි. මීගමුව රෝහලට අවශ්‍ය රුධීරය හලාවත සහ පුත්තලම රෝහල්වලට ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ දැණුම් දෙයි.

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ බෝම්බ පිපිරීමක්

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ මීට ස්වල්ප වේලාවකට පෙර බෝම්බ පිපිරීමක් සිදුවී ඇතැයි වාර්තා වේ. අද පෙරවරුවේ පැවති දේව මෙහෙය අතුරතුරදී මෙම පිපිරීම සිදුවී ඇත.

සිද්ධියෙන් තුවාල ලැබු විශාල පිරිසක් රෝහල් කරා රැගෙන යමින් සිටින බව අප වාර්තාකරු පවසයි.

මේ අතර මීගමුව කටුවපිටිය දේවස්ථානයේ දී ද අද පෙරවරුවේ තවත් පිපිරීමක් සිදුවී ඇති බව එඩ්මන් තිලකරත්න පියතුමා පවසයි.

ලසිත් මාලිංගගෙන් විශිෂ්ට දස්කමක්

පැය 24 ක් තුළ කඩුඵ 10 ක් දවා ගනිමින් විශිෂ්ට දස්කමක් දැක්වීමට ලසිත් මාලිංග සමත් වෙයි.

Read more...

ඉන්දීය ධීවරයෝ 18 දෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මුහුදේ නීති විරෝධී අන්දමින් ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවරයෝ 18 දෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට පත් වෙති.

Read more...

සංචාරකයින්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට දෙකයි දශම දෙකකින් වර්ධනයට


මේ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට දෙකයි දශම දෙකකින් වර්ධනය වී තිබේ. ජනවාරි මාසයේදී සංචාරකයෝ දෙලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණ්ියහ. එය පැහැදිලි වර්ධනයක් බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඉන් වැඩි පිරිස ඉන්දියානුවෝ වෙති.

තේ කර්මාන්තය ආශ්‍රිත ගැටඵ විසදීමට ජනාධිපතිතුමාගෙන් කමිටුවක්

තේ කර්මාන්තය ආශ්‍රිත ගැටඵ සොයා බලා විසදුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කමිටුවක් පත් කරයි. තේ කර්මාන්ත ශ්‍රමිකයින්ගේ වැටුප් ගැටඵව සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම තීරණය ගෙන ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච් එම් පී හිටිසේකර. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ ඒ රංජිත් . කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ආර් පී ආර් රාජපක්ෂ . භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග . තේ මණ්ඩලයේ සභාපති ඩබ්ලිව් එල් පී විජේවර්ධන යන මහත්වරු ඇතුඵ පිරිසක් මෙම කමිටුවට ඇතුලත් වෙති. තේ අපනයනයේදී මතුව ඇති ගැටඵ සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණූ සාකච්ඡා කෙරිණ.

යාපනයේ සංවර්ධන කටයුතු රැසක් ජනසතු කිරීම අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්

යාපනයේ සංවර්ධන කටයුතු රැසක් ජනසතු කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවේ. වලිකාමම් කෝපායි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම අද පෙරවරුවේ සිදුවේ. නිවාස . නැවත පදිංචි කිරීම් සහ සංවර්ධන කටයුතු පිලිබද ප්‍රගති සමාලෝචන  රැස්වීම යාපනය දිසා ලේකම් කාර්යාලයේදී පෙරවරු 10 ට අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකය විවෘත කිරීම ද අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ සිදුවේ. අගමැතිතුමා පලාලි ගුවන් තොටුපලේ සහ කන්කසන්තුරේ වරාය නිරික්ෂණ චාරිකාවලට එක්වන අතර මයිලඩි ගම්මානයේ නැවත පදිංචි කිරීමේ නිවාස ව්‍යාපෘතිය සදහා මුල්ගල තැබීමට එක්වෙයි. අනිද්දා දිනයේදීද අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන කටයුතු කිහිපයක් ආරම්භ වේ. කිලිනොච්චි රෝහලේ හදිසි අනතුරු ඒකකයට මුල්ගල තැබීම . පල්ලිමුනෙයි නැවත පදිංචි කිරීමේ ගම්මානයට මුල්ගල තැබීම. ඒ අතර වේ. මන්නාරම . කිලිනොච්චිය සහ මුලතිව් හිදී ප්‍රගති සමාලෝචන රැස්වීම් තුනකටද අගමැතිතුමා හෙට සහ අනිද්දා එක්වෙයි.