Fri12132019

Last updateThu, 12 Dec 2019 1pm

නවතම පුවත්

පළාත් හයකට නව ආණ්ඩුකාරවරු

පළාත් හයක් සදහා නව ආණ්ඩුකාරවරු හයදෙනෙක් පත් කෙරෙති.

ඒ අනුව ඌව පළාතේ නව ආණ්ඩුකාරයා වන්නේ රාජා කොල්ලුරේ මහතායි.

බස්නාහිර පළාතට වෛද්‍ය සීතා අරඹෙපොළ ,  මධ්‍යම පළාතට ලලිත් යූ . ගමගේ දකුණු පළාතට ආචාර්ය වීලි ගමගේ,  වයඹට ඒ.ජේ.එම් . මුසම්මිල් සහ සබරගමුව පළාතට ටිකිරි කොබ්බෑකඩුව යන මහත්ම මහත්මින් පත් කර තිබේ . ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ඔව්හු දිවුරුම් දුන්හ

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු 1 ට අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතතුමා ඉදිරියේදී අගමැතිවරයා දිවුරුම් දෙයි . අද පස්වරු 3 ට අග්‍රාමාත්‍ය නිල කාර්යාලයේදී සිය ධූරයේ වැඩ ඔහු භාර ගනී . අද පස්වරුවේ හෝ හෙට පෙරවරුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ අද පෙරවරු 11 ට පක්ෂ නායක රැස්වීමක් කැදවන ලෙස කථානායකවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාට උපදෙස් ලබා දී ඇති බවයි.

ජනාධිපති කාර්ය මණ්ඩලය 2500 සිට 250 දක්වා පහතට

ජනාධිපතිවරයාගේ දෙදහස් පන්සියයක් වූ පෞද්ගලික කාර්ය මණ්ඩලය දෙසිය පනහ ක් දක්වා අඩු කර පවත්වාගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයා වෙනුවෙන් ගමන් කරන රථ පෙළෙහි වාහන ගනනද සීමා කිරීමට ජනාධිපතිතුමා තීරණය කර ඇත. දැනට ජනාධිපතිවරයකු වෙනුවෙන් වාහන 15 ක් 20 ක් පමණ රථ පෙලෙහි ගමන් කරයි. ජනාධිපතිවරයා ගමන් කරද්දී මාර්ග වසා තැබීම ඉදිරියේදී සිදු නොකිරීමටද ජනාධිපතිතුමා තීරණය කර ඇත.

ජනාධිපතිතුමා ශ්‍රී දළඳා සමිදුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේය. එම අවස්ථාවට විශාල ජනකායක්ද එක්ව සිටි බව වාර්තා වෙයි. දළදා මාලිගාවට පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි. විශේෂ දළඳා දැක්මක් ද මෙහිදී පැවැත්වුනි. ජනාධිපතිතුමා මල්වතු අස්ගිරි මහානායක ස්වාමින් වහන්සේ බැහැදැකීමට ද නියමිතයි. අනතුරුව රාමඤ්ඤ මහා නිකායේ මහානායක ස්වාමින් වහන්සේ බැහැ දකින ජනාධිපතිතුමා අද පස්වරුවේදී ගැටඹේ රාජෝපවනාරාමාධිපති නායක ස්වාමින් වහන්සේ ද බැහැ දකිනු ලැබේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් හෙට

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් හෙට පෙරවරු 11.00 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙනු ඇත.

ඉන්දීය විදේශ ඇමති හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනය පිළිගෙන ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ මස 29 වෙනි දින ඉන්දියාවේ සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතයි. ජනාධිපතිවරණයේ ජයග්‍රහණයත් සමග ටිවිටර් පණිවුඩයක් නිකුත් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපතිවරයාට ඉන්දියාවේ සංචාරයකට ආරාධනා කළේය. එම පණිවිඩය රැගත් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා ඊයේ දිවයිනට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඉන්දු ශ්‍රී ලංකා සබඳතා ඉහළ මට්ටමකට වර්ධනය වනු ඇති බවත් දෙරටටම ප්‍රතිලාභ ගෙනෙමින් සාමය. සංවර්ධනය. සෞභාග්‍යය සහ ආරක්ෂාව වර්ධනය වනු ඇති බවත් සඳහන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පණිවුඩය ගෝඨාභය රාජපක්ෂ මහතාට එහිදී භාර දුන් බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් සඳහන් කරයි. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනය ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් බවද ටිව්ටර් පණිවුඩයෙහි දැක්වෙයි. ආචාර්ය ජයිසංකර් මහතා සහ ජනාධිපතිතුමා අතර පැවති සාකච්ඡාවට මෙරට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ද සහභාගි විය.

බොදුබල සේනා සංවිධානය විසුරුවා හරිමේ සුදානමක

එළබෙන මහා මැතිවරණයෙන් පසු බොදුබල සේනා සංවිධානය විසුරුවා හරින බව එම සංවිධානයේ මහා ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. සංවිධානය ආරම්භ කළ වැඩපිළිවෙල ජයග්‍රහණයකින් අවසන් වු බව උන්වහන්සේ පෙන්වා දෙති. හත්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වු ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද කරන බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සඳහන් කලහ. රටේ නීතිය ක්‍රියාත්මක කිරීම පසුගිය වසර කිහිපයේදී ගැටඑවක් බවට පත්ව තිබිණි. නීතිය ක්‍රියාත්මක කළහොත් බිඳී ගිය ජාතික ඒකාග්‍රතාව යළි ඇතිවිය හැකි බව උන්වහන්සේ පවසති.

ජනාධිපතිවරණය සාමකාමීව විධිමත්ව පැවති බව පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පවසයි

ජනාධිපතිවරණය සාමකාමීව. විශ්වසනීයව හා විධිමත්ව පැවති බව පොදු රාජ්‍ය මණ්ඩලී යමැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පවසයි. එහිදී සාමකාමීව සහ විධිමත්ව සිය ඡන්දය ප්‍රකාශ කිරිම සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයෝ ශ්‍රි ලාංකීක ජනතාවට සිය ප්‍රසංසාව පලකරති. එමෙන්ම ඡන්ද විමසීම දිවයින පුරා කාර්යක්ෂමව සිදුකිරීම සම්බන්ධයෙන් එම නිරීක්ෂක කමිටුවේ ප්‍රධානී ප්‍රොස්පර් බානි මහතා මැතිවරණ කොමිසම ද ඇගයීමට ලක්කරයි. මෙම නිරීක්ෂණ ඇතුලත් මූලික වාර්තා එළි දැක්වීම පිණිස කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් බානි මහතා පෙන්වා දුන්නේ නීතිමය රාමුවක් ඔස්සේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය නියාමනය කළ යුතු බවයි. පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයන්ගේ වාර්තාව පොදුරාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයට. ශ්‍රි ලංකා රජයට සහ මැතිවරණ කොමිසමට භාරදෙන බව ද හෙතෙම එහිදී සඳහන් කලේය.

පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට කථානායකවරයා සැරසෙයි

රටේ පාලනය පිළිබඳ පැහැදිලි ජනමතයක් ප්‍රකාශ වි ඇති මේ මොහොතේ පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවසන් තීරණය ගැනිමට නියමිත බව කථානායක කරූ ජයසුරිය මහතා පවසයි. අභිනව ජනාධිපතිතුමා දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා. විපක්ෂ නායකවරයා. මෙන්ම පක්ෂ නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කථානායකවරයා සමග සාකච්ඡා කළ බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනමතයට අනුව ක්‍රියාකළ යුතුය යන්න බොහෝ දෙනෙකුගේ මතය විය. ප්‍රධාන ලෙස විකල්ප ක්‍රියාමාර්ග 03 ක් කෙරෙහි අවධානය යොමු වී තිබේ.. ව්‍යවස්ථානුකුලව ලබන වසරේ මාර්තු පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විමට අවකාශ සැලසිම. මන්ත්‍රිවරුන් තුනෙක් දෙකක බහුතරය ලබාදි පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මහ මැතිවරණයකට යොමුවිම සහ අගමැතිවරයා ප්‍රමුඛ රජය සිය කැමැත්තෙන් ඉවත්ව අභිනව ජනාධිපතිවරයාට මහ මැතිවරණයක් එළඹෙන තුරු භාරකාර කැබිනට් මණ්ඩලයක් පත් කිරිමට අවකාශ සැලසිම ඒ අතර වෙයි. එම ක්‍රියාමාර්ග පිළිබඳව මේ සතියේදි පක්ෂ නායක රැස්විමක් කැදවා අවසන් තීරණයකට එළඹිමට නියමිතයි. එම කරුණු පිළිබඳව අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා පක්ෂ නායකයින් සමග සාකච්ඡා කොට කතානායක දැනුවත් කළ වහාම අවසන් තීරණයක් ගැනිම සදහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයින්ගේ රැස්විමක් පැවැත්විමට කතානායකවරයා බලාපොරොත්තු වේ.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව අගමැතිතුමා හා විපක්ෂ නායකතුමා , කථානායකවරයා සමග සාකච්ඡාවක

නව ජනාධිපතිවරයෙකු දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව අගමැතිතුමා හා විපක්ෂ නායකතුමා කථානායකවරයා සමග සාකච්ඡා පවත්වති.

පක්ෂ නායකයෝ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ද එම සාකච්ඡාවට එක්වුහ. රටේ පාලනය පිළිබඳව පැහැදිලි ජනමතයක් ප්‍රකාශ වී ඇති බැවින් ඒ අනුව ක්‍රියා කළ යුතුය යන්න සාකච්ඡාවට සහභාගි වු බහුතරයකගේ අදහස විය.

ව්‍යවස්ථානුකූලව සිදුවිය යුතු පරිදි ලබන වසරේ මාර්තු මස පළමුවැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මාසයේ මහ මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි එහිදී අවධානය යොමු වු එක් විකල්ප ක්‍රියාමාර්ගයකි.

මන්ත්‍රීවරුන් ස්වෙච්ඡාවෙන් තුනෙන් දෙකක බහුතරය ලබාදී පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මහ මැතිවරණයකට යොමු වීම අවධානය යොමු වු තවත් විකල්පයකි.

අගමැතිවරයා ප්‍රමුඛ රජය සිය කැමැත්තෙන් ඉවත්ව අභිනව ජනාධිපතිතුමාට මහ මැතිවරණයකට එළැඹෙන තුරු භාරකාර ඇමති මණ්ඩලයක් පත් කිරීමට ඉඩ සලසා දීම අවධානය යොමු කළ අනෙක් විකල්පයයි.

අවධානය යොමු වු එම විකල්ප තුන පිළිබදව මේ සතිය තුල පක්ෂ නායක රැස්විීමක් පවත්වා අවසන් තීරණයකට එළැඹීමට නියමිතයි. එම කරුණු පිළිබදව අගමැතිතුමා හා විපක්ෂ නායකතුමා තම පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර තමන් දැනුවත් කළ වහාම අවසන් තීරණයක් ගැනීම සදහා කථානායකවරයා පක්ෂ නායක රැස්විමක් කැඳවනු ඇත.

නව ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා , මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා, ආරක්ෂක ලේකම් ධුරයට.

නව ජනාධිපති ලේකම් ධුරයට ආචාර්ය පී බී ජයසුන්දර මහතා .

මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා. – ආරක්ෂක ලේකම් ධුරයට.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ධුරයේ රාජකාරි අරඹයි.

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය..

ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිගත්තේ හිටපු ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතායි. ත්‍රිවිධ හමුදාවේ උත්තමාචාරයකින් අනතුරුව නව ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලය තුලට කැඳවාගෙන යනු ලැබීය.

මහා සංඝරත්නය සෙත් පිරිස් සජ්ජායනා කර නව ජනාධිපතිතුමාට ආශිර්වාද කළහ. ඉන් අනතුරුව සිය ධුරයේ වැඩ ආරම්භ කරමින් නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ පත්වීම් ලිපියට අත්සන් තැබු ජනාධිපතිතුමා එය ඔහුට පිළිගැන්වීය.

ආරක්ෂක ලේකම් ලෙස මේජර් ජනරල් කමල් ගුණරත්න මහතාත් මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස එස්. ආර් ආටිගල මහතාත් , විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඕෂධ සෙනෙවිරත්න මහතාත් ,  ජනාධිපතිතුමාගෙන් එහිදී පත්වීම් ලිපි ලැබුහ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ.

නව ජනාධිපතිවරයා පත්වීමත් සමග කොටස් වෙලදපොල වාර්තාගත වර්ධනයක්

මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දීමෙන් පසු ඊයේ දිනයේදී කොළෂ කොටස් වෙලදපොල වසර ඉහලම වර්ධනය පෙන්නුම් කර තිබේ. දිනය අවසානයේ සියඵ කොටස් මිල දර්ශකය ඒකක එකසිය හයයි දශම පහයි හතරකින් ඉහල ගොස් ඇත. ඒ අනුව සමස්ත ඒකක ගනන සටහන් වූයේ හයදහස් එකසිය විසි නමයයි දශම පහයි හයක් ලෙසිනි. මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියයට එකයි දශම හතයි හතක ඉහල යාමකි. මේ අතර එස් ඇන්ඩ් පී එස් එල් විස්ස දර්ශකය ද ඒකක හැට අටයි දශම පහයි හයක ඉහල යාමක් පෙන්නුම් කරයි. දිනය තුල රුපියල් බිලියන දෙකයි දශම හතරයි එකක දැවැන්ත පිරිවැටුමක් වාර්තා වී ඇත. 2019 වසර තුල මෙතෙක් වාර්තා වී තිබූ ඉහලම සියඵ කොටස් මිල දර්ශක අගය ඒකක හයදහස් හැට හතයි දශම හයයි හය සීමාව ඊයේ දිනයේදී ඉක්මවීම විශේෂත්වයයි

පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණෙන් පරස්පර විරෝධී මත

පාර්ලිමේන්තව විසුරුවා හැරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විවිධ අදහස් පල කරති. පාර්ලිමේන්තුවේ බලය සම්බන්ධයෙන් ඔවුහූ ඊයේ දිනයේදී මාධ්‍යට පරස්පර විරෝධී අදහස් පල කලහ.

වජිර අබේවර්ධන අමාත්‍යවරයා පවසන්නේ ජන මථයට ගරු කරමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කල යුතු බවයි. ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් යුත් සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැත්විණ. ඊට සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

එස් එම් මරික්කාර් මන්ත්‍රිවරයා පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තුනෙන් දෙකක බලයක් ලබා දීමට තමා සූදානම් නොමැති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව වසර හතර හමාරයක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බව ඔහු කියයි.

මේ අතර කබීර් හසීම්. රුවන් විජේවර්ධන. පාඨලී චම්පික රණවක. මංගල සමරවීර. හරීන් ප්‍රනාන්දු . ඇතුඵ අමාත්‍යවරු පිරිසක් සිය කැබිනට් අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වීම නිවේදනය කළහ

ජනාධිපතිතුමා අද වැඩ භාර ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරු 10 යි 30 ට සිය ධුරයේ වැඩ භාර ගනී. ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ හත්වෙන විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වීම් ලබන්නේ ජනාධිපතිවරණයෙන් හැට නම ලක්ෂ විසි හතර දහස් දෙසිය පනස් පහක බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනි. එය සමස්ථ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පනස් දෙකයි දශම දෙකයි පහකි.

මේ අතර නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී බි ජයසුන්දර මහතාද අද පත්කිරීමට නියමිතයි. නව ආරක්ෂක ලේකම්ධූරයට පත් වන්නේ මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතායි.

මේ අතර ඊයේ රුවන්මැලි සෑ රදුන් අභියසදී ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසුවේ විධායක බලතල භාවිතා කිරීමට තමා කිසිසේත් පසුබට නොවන බවයි. ඵෙතිහාසික ජන වරම භාවිතා කරමින් සිය ප්‍රතිපත්ති අනුව කටයුතු කල හැකි නව රජයක් පිහිටුවන බවද ජනාධිපතිතුමා සදහන් කළේය. දුෂණයෙන් තොර රාජ්‍ය සේවයක් . නව දේශපාලන සංස්කෘතියක් මෙන්ම රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයක් ද ස්ථාපනය කරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

නීති විරෝධී රත්රන් කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 540 ක් අත්අඩංගුවට

 

නීති විරෝධී අන්දමින් රත්රන් කිලෝ ග්‍රෑම්  01 යි ග්‍රෑම් 540 ක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතික සැකකරුවන් තිදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. අවුරුදු 29. 32 සහ 34 යන වයස්වල පසුවන සැකකරුවන් ගුවන් තොටුපොල රේගු අංශයට ඉදිරිපත් කර ඇත.

මේ අතර දෝහා කටාර් සිට ඊයේ මෙරටට ආ ගුවන් යානයකින් පැමිණී කෙන්යානු ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ සගවා තිබු කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු ගුලි 30 ක් ගුවන් තොටුපොල රේගුව මගින් සොයාගෙන තිබේ. 34 හැවිරිදි සැකකාරිය ගුවන් තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ඉදිරිපත් කර ඇති අතර ඇගේ උදරයේ තවත් කොකේන් ගුලි ඇති බවට අනාවරණවීමෙන් පසු ඇයව මීගමුව රෝහලට ඇතුලත් කර ඇත. සිද්ධීය සම්බන්ධයෙන් මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කිරීමෙන් පසු සතියක කාලයක් සදහා රදවුම් නියෝග ලබාගෙන කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට යටතේ වැඩිදුර විමර්ශණ පැවැත්වීමට නියමිතයි.

නව ජනාධිපතිවරයාට දෙස් විදෙස් සුබපැතුම් .

 

මෙරට අභිනව ජනාධිපතිවරයා ලෙස තේරි පත්වු ගෝඨාභය රාජපක්ෂ මහතාට තවදුරටත් දෙස් විදෙස් සුබපැතුම් ලැබෙමින් පවති. ප්‍රජාතන්ත්‍රවාදි මාර්ගයෙන් ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගත් ශ්‍රි ලාංකික ජනතාවට සුබපතන මෙරට අමෙරිකානු තානාපති ඇලෙයිනා බි ටෙප්ලිට්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ශක්තිමත් හා ස්වෛරී ශ්‍රි ලංකාවක් උදෙසා කටයුතු කිරිමට අපේක්ෂා කරන බව සදහන් කරයි.
ඊට අමතරව පකිස්ථාන ජනාධිපති අරිීෆ් අල්වි සහ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි යන මහත්වරු ද ට්විටර් පණිවිඩ නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කරති. කලාපයේ සාමය . සෞභාග්‍ය සහ ස්ථාවරත්වය සදහාත් දෙරටේ ජනතාවගේ සුබසිද්ධිය සදහාත් ශ්‍රී ලංකාව සමග ඉදිරියට ද සමිපව කටයුතු කරන පකිස්ථාන ජනාධිපතිවරයා සදහන් කරයි. මාලදිවයින ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ නව රජය සමග සමිපව කටයුතු කරන බවයි.

නිදහස් හා සාමකාමි ජනාධිපතිවරණයකට සහාය දැක් වු සැමට මැතිවරණ කොමිසම සිය ස්තුතිය පළ කරයි.

 

ජනාධිපතිවරණය නිදහස්ව හා සාමකාමිව පැවැත්වීමට දායකවු සැමට සහ ආයතනවලට මැතිවරණ කොමිසමේ ස්තුතිය හිමිවන බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි..  මැතිවරණ නීති උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කළ රජයේ මාධ්‍ය ආයතනවල අදාල නිලධාරින්ට එරෙහිව ආයතන සංග්‍රහයේ සහ මැතිවරණ කොමිසමේ විධිවිධාන වලට අනුව කටයුතු කෙරේ. පෞද්ගලික මාධ්‍ය පාලනය කිරීමට නීති පැනවීමේ අවශ්‍යතාව ද සභාපතිවරයා එහිදී අවධාරණය කළේය. ප්‍රජාතන්ත්‍රවාදි ඡන්ද විමසිම්වල හරය රදා පවතින්නේ ඡන්ද විමසිමේ නීති ශක්තිමත් වුවහොත් පමණි. ඡන්දය විමසිම් විශ්වාසවන්ත හා සාධාරණ අයුරින් පැවැත්වීමෙන් රට තුල ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය හැකි බව මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ ඊයේ පස්වරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති හමුවේදි ය. .මෙතෙක් පැවැත්විමට  ප්‍රමාද වී ඇති පළාත් සභා ඡන්ද විමසිම් කඩිනමින් පවත්වන ලෙසට ඔහු නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.

ජනතාව තමා වෙත පැවරූ විශ්වාසය සුරකින බවට අභිනව ජනපති සහතික වෙයි.

නතාව තමා වෙත පැවරු විශ්වාසය ඒ අයුරින්ම සුරකින බවට මෙරට නව ජනාධිපතිවරයා වශයෙන් තේරීපත් වී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වෙයි.  ජනතාව වෙත ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් සියලු කරුණු ධුර කාලය තුළ ඉටුකරන බවද ඔහු අවධාරණය කරයි.   ආගම් ජාති පක්ෂ භේදයකින් තොරව සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සේවය කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටි. මැතිවරණ මහලේකම් කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති  හමුවේදි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේය. .

පොදුජන අපේක්ෂාවේ නායක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ඵෙතිහාසික රුවන්වැලි මහ සෑ මඵවේදී අද දිවුරුම් දෙයි.

 

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ හත්වන  විධායක ජනාධිපතිවරයා වශයෙන් තේ්රි පත්වු ගෝඨාභය රාජපක්ෂ මහතා ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහා සෑ මඵවේදී අද පෙරවරු 11.00 ට දිවුරුම් දෙයි. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.  මෙම අවස්ථාවට විපක්ෂ නායක . ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක  මහින්ද රාජපක්ෂ මහතා ඇතුඵ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු විශාලපිරිසක් සහභාගි වෙති.

පොදුජන අපේක්ෂාවේ නායක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ඵෙතිහාසික රුවන්වැලි මහ සෑ මඵවේදී අද දිවුරුම් දෙයි.

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ හත්වන  විධායක ජනාධිපතිවරයා වශයෙන් තේ්රි පත්වු ගෝඨාභය රාජපක්ෂ මහතා ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහා සෑ මඵවේදී අද පෙරවරු 11.00 ට දිවුරුම් දෙයි. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.  මෙම අවස්ථාවට විපක්ෂ නායක . ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක  මහින්ද රාජපක්ෂ මහතා ඇතුඵ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු විශාලපිරිසක් සහභාගි වෙති.