නවතම පුවත්
බංග්ලාදේශයේ හිටපු අගමැතිනියට මහා මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වෙයි.
- Details
- Published on Tuesday, 27 November 2018 19:39
- Written by slbc news
ලබන මස 30 වැනිදා බංග්ලාදේශයේ පැවැත්වෙන මහ මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව හිටපු අගමැතිනි බෙගම් කලිදා ෂියාට අහිමි වෙයි. එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුවක් දෙමින් පැවසුවේ ඇයට තිබෙන චෝදනා සහ ලබාදී ඇති දඩුවම් හේතුවෙන් මැතිවරණයට තරග කිරීමට සුදුසුකම් නොලබන බවයි
කථානායකවරයා ස්ථාවර නියෝගවලට පටහැනිව ක්‍රියා කරන බැවින් අද දිනයේ ද පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි නොවු බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා කියයි
- Details
- Published on Tuesday, 27 November 2018 19:37
- Written by slbc news
කථානායකවරයා ස්ථාවර නියෝගවලට පටහැනිව ක්‍රියාකරන බැවින් අද දිනයේ ද පාර්ලිමේන්තුවේ සභාවාරයට සහභාගි නොවු බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා පැවසීය. අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව රැස්කිරිම ව්‍යවස්ථාවට පටහැනි බවයි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හා න්‍යාය පත්‍රයට අනුකූලව පාර්ලිමේන්තුව රැස්කර නොමැත. පාර්ලිමේන්තුව සිරිකොත මන්දිරය ලෙස කටයුතු කිරිම පිළිගත නොහැකි බව ද ඔහු කිවේය. පවතින තත්ත්වය හමුවේ කථානායකවරයා අවලංගුවී ඇතැයි දිනේෂ් ගුනවර්ධන මහතා කියයි.
වත්මන් කථානායකවරයා පාර්ලිමේන්තු සම්ප්රදාය විනාශ කොට ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය. කථානායකවරයාගේ සැගවුනු න්‍යාය පත්‍රයේ කොටස් කරුවන් වීමට තමන් සූදානම් නොමැති බව ද ඔහු කිවේය. කථානායකවරයා හැන්සාඩ් වාර්තාව විකෘති කර ඇත.
පාර්ලිමේන්තුව රැස්වීම නීතිවිරෝධි බව ඇමති එස් බී දිසානායක මහතා පැවසීය. මීට පෙර සිටි කථානායකවරුන් ආදර්ශයට ගෙන වත්මන් කථානායකවරයා ක්‍රියා කල යුතුයි ඔහු කියයි.
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මස 04 වන දින නවසිලන්තයට
- Details
- Published on Tuesday, 27 November 2018 13:58
- Written by slbc news
තරග සංචාරයකට සහභාගි විම සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මස 04 වන දින නවසිලන්තය බලා පිටත්ව ය යි. දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් . එක්දින තරග 03 ක් සහ පන්දුවාර විස්සයි විස්ස තරගයක් පැවැත්වෙ.
ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන මස 15 වැනිදා වෙලින්ටන්හිදි ඇරඹේ. දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙසැම්බර් මස 26 වැනි දින ආරම්භ වෙයි.
ථේරවාද බුදුදහම පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංගමයේ පස්වන සමුඵව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
- Details
- Published on Tuesday, 27 November 2018 13:35
- Written by slbc news
ථේරවාද බුදුදහස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංගමයේ පස්වන සමුඵව ශ්‍රි ලංකා බෞද්ධ හා පාළි විශ්ව විද්‍යාලයේදි හෙට පැවැත්වෙ. එහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේදි අද පෙරවරුවේ පැවැත්වෙ.
එහිදි අදහස් දැක් වු ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා මහනුවරදි පැවති ජාත්‍යන්තර බොදු සමුඵවේදි ප්‍රකාශයට පත් කළ මහනුවර ප්රකාශනයට ථේරවාද බුදුදහම ලොවට ගෙනයාමේ විශාල වගකිමක් පැවරී ඇතැයි පැවසිය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේ අනුශාසනාවක් කරමින් ථේරවාද බුදුදහම ලොවට ගෙනයාමට මෙම සමුඵව බෙහෙවින් ඉවහල් වනු ඇතැයි පැවසුහ.
පාර්ලිමේන්තුව අද පස්වරු 1.00 ට රැස්වෙයි
- Details
- Published on Tuesday, 27 November 2018 13:17
- Written by slbc news
පාර්ලිමේන්තුව අද පස්වරු 1.00 ට රැස්වෙයි. අද දිනයේ ද මහජන ගැලරිය හා ප්‍රධාන ආරාධිත ගැලරිය වසා දමා තිබෙ.
කඩිනම් මහ මැතිවරණයක අවශ්‍යතාව කලාකරුවෝ අවධාරණය කරති
- Details
- Published on Tuesday, 27 November 2018 13:13
- Written by slbc news
වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් රට බේරා ගැනිම සදහා කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව කලාකරුවෝ අවධාරණය කරති . කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදි ඔව්හු ඒ බව සදහන් කළහ. නිදහස් කලා සන්ධානයේ සභාපති සුදත් රෝහණ මහතා එහිදි පැවසුවේ ලබන බ්‍රහස්පතින්දා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක් සංවිධාන කර ඇතැයි පැවසිය . කතානායකවරයාගේ හැසිරිම හා විපක්ෂයේ දේශද්‍රෝහි පිළිවෙතට විරෝධය පළකිරිම එහි අරමුනයි.
පැවති රනිල් වික්‍රමසිංහ රජය කලා ක්ෂේත්රයට හානිදායක ක්‍රියා පිළිවෙතක පසු වු බව නිදහස් කලා සන්ධානයේ ලේකම් ඩග්ලස් සිරිවර්ධන මහතා පැවසිය .පසුගිය වසරවල පැවති මහවිරු සමරුව මෙවර තහනම් කිරිමත් නිතිය නිසිලෙස ක්‍රියාත්මක කිරිමත් සැබවින්ම අගය කළ යුතු බව ගායක මධුමාධව අරවින්ද මහතා සදහන් කළේය.
2015 ජනවාරි 08 වැනිදා සිදු වු වරද නිවැරදි කර ගැනිමට ජනතාව අපේක්ෂාවෙන් පසුවන බව රංගන ශිල්පිනි අනුෂා දමයන්ති මහත්මිය පැවසුවාය . ඒසදහා මහ මැතිවරණයක් පැවැත්විම අත්‍යවශ්‍ය වෙයි.
හත්දහසකට දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ස්ථිර පත්විම්
- Details
- Published on Tuesday, 27 November 2018 13:06
- Written by slbc news
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ස්ථිර පත්විම් නොලැබු හත්දහසකට ලබන සිකුරාදා ස්ථිර පත්විම් පිරිනමන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. තවත් පිරිසකගේ පත්විම් පිළිබඳව ඉදිරි කටයුතු කිරිමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබේ. අවශ්‍ය පුද්ගපලයන්ට සිය කැමැත්ත පරිදි අදාල දිමනා ලබාගෙන සේවයෙන් ඉවත් විමට හැකි බව ඇමතිවරයා පැවසිය.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදි ඔහු එම කරුණු සදහන් කළේය . බැදුම්කර ගණුදෙනුවට අදාලව විවිධ චෝදනාවලට ලක් වූ දේශපපාලනඥයින්ගේ නම් ලැයිස්තුව ලබන සතියේ හෙලිදරව් කෙරේ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රිවරයා පැවසුවේ පැවති අසාධාරණ බදු ක්‍රම 31 ක් වත්මන් රජය ඉවත් කර ඇති බවයි.
අපරාධ චෝදනාවලට ලක්ව ඇති නාමල් කුමාර පෙරේරා හා අමිත් විරසිංහට තම පක්ෂයේ නාමයෝජනා දීම පිළිබඳව කිසිදු තීරණයක් ගෙන නැතැයි . ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක රේණුක පෙරේරා මහතා එහිදි පැවසිය
සා/පෙළ උපකාරක පංති අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන්
- Details
- Published on Tuesday, 27 November 2018 11:19
- Written by slbc news
අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව අද (27) මධ්‍යම රාත්‍රියේ සිට උපකාරක පංති සංවිධානය කිරීම , පංති මෙහෙයවීම හා දේශණ , සම්මන්ත්රණ හා වැඩමුළු පැවැත්වීම තහනම් කෙරේ.
මෙම තහනම ලබන මස 12 වැනිදා දක්වා බල පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මීට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ලේඛණ මුද්‍රණය කිරීම බෙදා හැරීම හා ඒවා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම මෙන්ම ළහ තබා ගැනීම ද සපුරා තහනම්ය.
මෙම නියෝග කඩ කරන එම පාර්ශවයක් වෙතොත් 119 අමතා පොලිස් මූලස්ථානය වෙත දැනුම් දෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
මේ අතර විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර නොලැබූ පෞද්ගලික අයදුම් කරුවන් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර ප්‍රවේශ පත්‍රය බාගත කර ගත හැකිය.
www.doenets.lk එම වෙබ් අඩවියයි.
ශ්‍රි ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලියෙන් තුනට බිංදුවක් ලෙස එංගලන්තයට ජය
- Details
- Published on Tuesday, 27 November 2018 10:04
- Written by slbc news
එංගලන්ත පිල සහ ශ්‍රි ලංකා පිල අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රි ලංකා පිල පරදවා ලකුණු 42 ක ජයක් අත්කරගැනිමට එංගලන්ත පිල සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 327 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියථ දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 284 ක් පමණි. කුසල් මෙන්ඩිස් ලකුණු 88 යි.
රොෂේන් සිල්වා ලකුණු 65 යි. මලින්ද පුෂ්පකුමාර නොදැවී ලකුණු 42 ක් ලබාගතතේය. පන්දු යැවීමේදි මොයින් අලි කඩුලු 4 ක් ද ජැක් ලීච් කඩුලු 4 ක් බිඳ හෙලුහ. තරගයේ වීරයා ලෙස ජොනි බෙයාර්ස්ටෝ ද තරගාවලියේ විරයා ලෙස බෙන් ස්ටෝක් ද නම් කෙරිණි. දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහනය තුනට බිංදුවක් ලෙස එංගලන්ත පිලට හිමිවිය.
කාලගුණ විපර්යාස වාර්තා පිලි නොගන්නා බව ඇමරිකානු ජනාධිපතිවරයා කියයි
- Details
- Published on Tuesday, 27 November 2018 10:00
- Written by slbc news
ලෝක පාරිසරික විපර්යාස සම්බන්ධයෙන් ඇමරිකානු රජය ඉදිරිපත් කර ඇති නවතම වාර්තාව පිළිගත නොහැකි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කියයි. අනපේක්ෂිත ලෙස ගෝලීය උෂ්ණත්වය ඉහල යාම සම්බන්ධයෙන් පිළිගත නොහැකි දත්ත එම වාර්තාවේ ඇතුලත් කර ඇතැයි ජනාධිපතිවරයා කියයි.
සෞඛ්‍ය සහ කාලගුණ සමතුලිතතාව සදහා ඇමරිකාව වසරකට ඩොලර් බිලියන ගණනක් වැය කරන බවද ඇමරිකානු ජනාධිපතිවරයා කියයි. ඇමරිකාව අනුගමනය කරන්නේ පරිසර හිතකාමී ඉන්ධන වැඩපිළිවෙලකි. මෙවැනි තත්ත්වයක් යටතේ ඉදිරිපත් කර ඇති වාර්තා පිළිගත නොහැකි බව ට්‍රම්ප් මහතා පවසයි.
මහ මැතිවරණයක් ඉල්ලා වැඩකරන ජනතාව උද්ගෝෂණයක
- Details
- Published on Tuesday, 27 November 2018 09:59
- Written by slbc news
වර්තමානයේ උද්ගතවී ඇති ගැටඑවට හොඳම විසඳුම මහා මැතිවරණයක් පැවැත්විම බව වැඩකරන ජනතාවගේ මතය වී තිබේ. ඒ සඳහා බලකෙරෙන උද්ඝෝෂණයක් අද පස්වරු 02.30ට කොටුව දුම්රියපල ඉදිරිපිටදී පැවැත්වෙන බව ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා පවසයි. මෙම ප්රශ්නය දේශපාලඥයින්ට භාරදි සිටීම වෙනුවට සිවිල් සමාජයේ මැදිහත්විමක අවශ්‍ය බව හෙතෙම සඳහන් කරයි.
මේ අතර මහමැතිවරණයක් උදෙසා වු ජනතා ව්‍යාපාරයේ ප්‍රථම ජාතික සමුඑව කොළඹ පදනම් ආයතනයේදි හෙට පැවැත්වේ. ඒ සඳහා ආගමික නායකයන් ඇතුඑ විශාල පිරිසක් සහභාගි වන බව එම සංවිධානය සඳහන් කරයි. ජනතාවට මහ මැතිවරණයක් සඳහා හිමිවු අවස්ථාව අහිමි කිරීමට තානාපතිවරුන් කිහිපදෙනෙකු අනිසි බලපෑම් එල්ලකරමින් සිටින බව ද එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වහා අත්අඩංගුවට ගත යුතුයි - මව්බිම සදහා රණවිරුවෝ සංවිධාන
- Details
- Published on Tuesday, 27 November 2018 09:56
- Written by slbc news
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට සැක පිට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වහාම අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි. එහි කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ඒ සදහා රජයට බලකිරීමට සිය සංවිධානය කටයුතු කරන බවයි.
මෙම ඝාතන කුමන්ත්‍රණයට නාලක සිල්වා සහ සරත් ෆොන්සේකා සම්බන්ධ බව ජනාධිපතිතුමා හෙලි කළේය. හමුදාවේ ඉහල පුටු වෙනස් කරන ලෙසට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාපතිවරයාට බල කළ බවටද තොරතුරු හෙලිව තිබෙ. මෙවැනි තත්ත්වයක් යටතේ ෆීල්ඩ්මාෂල්වරයා වහාම අත්අඩංගුවට ගත යුතු බව අජිත් ප්‍රසන්න මහතා පවසයි.
ප්‍රබල පාතාල සාමාජිකයින් දෙදෙනෙකු මරුට
- Details
- Published on Tuesday, 27 November 2018 09:47
- Written by slbc news
කොට්ටාව රුක්මල්ගමදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකල මෙහෙයුමකදී ප්‍රබල පාතාල සාමාජිකයින් දෙදෙනෙකු වන හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මෙහෙයුම අතරතුර සිදුවූ වෙඩි ප්‍රහාරයකින් ඔවුහූ මිය ගියහ.
පාතාලය මර්දනයට දැඩි තීන්දු - ජනපතිගෙන් පොලීසියට උපදෙස්
- Details
- Published on Tuesday, 27 November 2018 09:45
- Written by slbc news
පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු වර්තමානයට වඩා උසස් මට්ටමකට ගෙනඑමින් ඉහළ ප්‍රමිතියකින් යුත් කාර්යක්ෂම මහජන හිතකාමී ප්‍රසස්ථ සේවාවක් ලෙස ශක්තිමත් කලයුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.
ශ්‍රි ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඊයේ දහවල් ජනාධිපති කාර්යාලයේදී හමුවු අවස්ථාවේදි එතුමා මේ බව කිවේය. පොලිස් සේවයේ ගැටඑ සාකච්ඡා හා සංවාද මගින් විසඳාගැනිමට ඇති හැකියාව ජනාධිපතිතුමා පැහැදිලි කලේය. පාතාලය මර්දනය වෙනුවෙන් දැඩි තීන්දු සමග ශක්තිමත් වැඩපිලිවෙලක අවශ්‍යතාව අවධාරණය කෙරුණි.
මේ අතර අත්තිඩියේ පැවති ත්‍රිවිධ හමුදා බලලත් නිලධාරි සහ ජ්‍යෙෂ්ඨ කොමිසන් නොලත් නිලධාරින්ගේ සම්මන්ත්රනයේ ආරම්භක අවස්ථාවට ද ජනාධිපතිතුමා එක්විය.
පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකල පෙත්සම් විභාග කිරීම සඳහා හත්දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක්
- Details
- Published on Monday, 26 November 2018 21:07
- Written by slbc news
පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකල පෙත්සම් විභාග කිරීම සඳහා හත්දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් නම්කර තිබේ. අග විනිසුරු නලින් පෙරේරා මහතා එහි ප්රධානියායි. ලබන මස 04. 05 සහ 06 යන දිනවලදී පෙත්සම් විභාගයට ගැනිමට නියමිතය. මීට පෙර එම පෙත්සම විභාග කිරීම සඳහා පත්කර තිබුනේ විනිසුරුවරුන් තිදෙනෙකු පමණි.
ළමා අපයෝජන වැලැක්වීම සඳහා නව ක්‍රියාකාරි සැලැස්මක්
- Details
- Published on Monday, 26 November 2018 21:05
- Written by slbc news
ළමා අපයෝජන වැලැක්වීම සඳහා නව ක්‍රියාකාරි සැලැස්මක් සකස් කෙරේ. ළමා අපයෝජන පිටුදැකිම සඳහා විද්වතුන්ගේ යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීම සහ අපයෝජන වැලැක්විම සඳහා වන ක්‍රියාකාරි සැලැස්මක් එළි දැක්වීම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී හෙට සිදුකෙරේ. ළමා ලිංගික අපයෝජනය ශ්‍රි ලංකාවේ විශේෂ අවධානය යොමුවිය යුතු සෞඛ්‍ය හා සමාජ ගැටඑවක් බවට පත්ව ඇත. 2017 වාර්තා අනුව ළමා අපයෝජන පැමිණිලි 9014 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පෙන්වා දෙයි.
චීනය සහ ජපානය අතර ක්ෂේත්‍ර ගණනාවක් යටතේ ගිවිසුම් රැසකට අත්සන් තැබේ
- Details
- Published on Monday, 26 November 2018 21:04
- Written by slbc news
චීනය සහ ජපානය අතර ක්ෂේත්‍ර ගණනාවක් යටතේ ගිවිසුම් රැසකට අත්සන් තැබේ. බිජිං හි අද පැවැති උත්සවයකදී එම ගිවිසුම් වලට එළඹ තිබේ. මේ යටතේ බලශක්ති. උත්පාදනය පරිසර දුෂණය අවම කිරීම ඇතුථ ව්‍යාපෘති 24 ක් සදහා සහයෝගිතා ගිවිසුම් වලට අත්සන් තැබු බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. සුහුරු නගර සංවර්ධනය සහ දේශගුණික විපර්යාෂ වැලැක්වීම සදහා ද මෙහිදි ගිවිසුම් වලට එළඹ තිබේ.
ශ්‍රි ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලියෙන් තුනට බිංදුවක් ලෙස එංගලන්තයට ජ
- Details
- Published on Monday, 26 November 2018 21:03
- Written by slbc news
එංගලන්ත පිල සහ ශ්‍රි ලංකා පිල අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රි ලංකා පිල පරදවා ලකුණු 42 ක ජයක් අත්කරගැනිමට එංගලන්ත පිල සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 327 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියථ දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 284 ක් පමණි. කුසල් මෙන්ඩිස් ලකුණු 88 යි. රොෂේන් සිල්වා ලකුණු 65 යි. මලින්ද පුෂ්පකුමාර නොදැවී ලකුණු 42 ක් ලබාගතතේය. පන්දු යැවීමේදි මොයින් අලි කඩුලු 4 ක් ද ජැක් ලීච් කඩුලු 4 ක් බිඳ හෙලුහ. තරගයේ වීරයා ලෙස ජොනි බෙයාර්ස්ටෝ ද තරගාවලියේ විරයා ලෙස බෙන් ස්ටෝක් ද නම් කෙරිණි. දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහනය තුනට බිංදුවක් ලෙස එංගලන්ත පිලට හිමිවිය.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන ඕනෑම තීන්දුවක් පිළිගැනීමට රජය සුදානම් බව සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා කියයි
- Details
- Published on Monday, 26 November 2018 14:28
- Written by slbc news
ලබන මස 7 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන ඕනෑම තීන්දුවක් පිළිගැනීමට රජය සුදානම් බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි. එම තීන්දු සම්බන්ධයෙන්යම් යම් ප්‍රකාශ සිදු කිරීම අධිකරණයට කරන අපහාසයකි.
තම පක්ෂයේ සාමාජිකයන් එවැනි ප්‍රකාශ කිරීම වැලැක්වීම සදහා රනිල් වික්‍රමසිංහ මහතාට නියෝග පවා ලබාදීමට සිදුවි ඇතැයි ඇමතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධාන කළ දෙදින වැඩමුඵ්වක සමාරම්භක අවස්ථාවට අද පෙරවරුවේ එක් වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
මැතිවරණයකින් ලබා ගන්නා ජයග්රහණයෙන් පසුව ජනතා අභිවෘද්ධිය උදෙසා අවශ්‍ය ස්ථාවර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ඔහු සදහන් කළේය. ජනාධිපතිතුමා අගමැතිවරයා පත් කිරීමෙන් පසුව ඇමති මණ්ඩලයක් හා අමාත්‍යංශ ලේකම්වරුන් ද පත් කළේය. ඒ අනුව නව රජය නෛතිකව රට තුල ක්‍රියාත්මක වන බව සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා පෙන්වා දුන්නේය.
නීතිපති ජයන්ත ජයසුරිය මහතා මෙහිදී පැවසුවේ ජාත්‍යන්තර කම්කරු නීතිවලට අනුකුලව මෙරට කම්කරු නීතිවල තත්ත්වය උසස් කළ යුතු බවයි. අභියාචනාධිකරණ සභාපති විනිසුරු පද්මන් සුූරසේන මහතා ද එහිදී අදහස් දැක්වීය.
රටේ ආරක්ෂාව මෙන්ම සංවර්ධනයේදී ත්‍රිවිධ හමුදාවේ සුවිශේෂී දායකත්වය ජනාධිපතිතුමාගේ ඇගයීමට
- Details
- Published on Monday, 26 November 2018 14:25
- Written by slbc news
ජනාධිපතිවරයා ලෙස මෙන්ම සේනාධි නායකයා ලෙසද ත්‍රිවිධ හමුදාව කෙරෙහි තමා තුල ඇත්තේ දැඩි ගෞරවයක් හා විශ්වාසයක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි. ජාතික ආරක්ෂාවේදී මෙන්ම සංවර්ධනයේදී සහ ජනතා සුභසාධන කටයුතුවල දී ත්‍රිවිධ හමුදාව ලබා දෙන සුවිශේෂී දායකත්වය එතුමාගේ ඇගයීමට ලක් වෙයි.
පැවති ත්‍රිවිධ හමුදා බලලත් නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට අත්තිඩිය රීගල් ලේක්සයිඩ් හිදි අද පෙරවරුවේ එක් වෙමින් එතුමා එම කරුණු සදහන් කළේය.
දැනුම . අවබෝධය හා අසීමිත අත්දැකීම් සමුදායක් සමග පරිපුර්ණ මිනිසෙකු ලෙස රටට සේවය කළ හැකි ජීවිතයේ හොඳම කාලයේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විශ්‍රාම ගැනීමේ ගැටඵවට විසදුමක් අවශ්‍ය බවද ජනාධිපතිතුමා පැවසීය. ත්‍රිවිධ හමුදාවෙන්ම ඉදිරිපත් වන යෝජනාවලින් ඊට විසදුම් ලබාදීමට සේනාධි නායකයා ලෙස තමා සුදානම් බව එතුමා සදහන් කළේය.
වත්මන් අර්බුදය විසදීමේ එකම මග මහා මැතිවරණයක් බව පොදුජන පෙරමුණ පවසයි
- Details
- Published on Monday, 26 November 2018 14:23
- Written by slbc news
රටේ වත්මන් අර්බුදය විසදීමේ එකම මාර්ගය මහා මැතිවරණයක් පැවැත්වීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. පාර්ලිමේන්තුවේ කිසිදු පාර්ශ්වයකට බහුතරයක් නොමැත. එහෙත් එක්සත් ජාතික පක්ෂයට වඩා වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් එක්සත් ජනතා නිදහස් සන්ධානය සතු වන බව එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.
ජනතාවගේ පරමාධිපත්‍ය බලය ලබාදීමෙන් වඩාත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහි කිරීමේ අවස්ථාව උදා වන බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු පැවසීය.