Tue06252019

Last updateTue, 18 Jun 2019 8am

නවතම පුවත්

සෞන්දර්යය කලාව පිළිබඳ සමුඵව කොළඹදී

සෞන්දර්යය කලාව පිළිබඳ මෙරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර පර්යේෂණ සමුඵව කොළඹ පදනම් ආයතනයේදී අද  හෙට සහ අනිද්දා පැවැත්වෙයි. මානවවංශ හා සංස්කෘතික අධ්‍යන පිළිබඳ විශේෂඥයෙකු වන දිල්ලි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රස්ට්‍රම් බරුඩා ඇතූඵ විදේශීය විශේෂඥයෝද කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතාද මෙහිදී දේශණ පවත්වති.

මෙම කාලය තුළ දෙස් විදෙස් විශේෂඥයන් තම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන බව සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසේල රංගදේව මහතා පවසයි.

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායකයා ශ්‍රී ලංකාවේ දේශිය ක්‍රිකට් තරග මාලාවට.

මීට වසර හයකට පෙර ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමුගත් සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක මෙන්ම තේරීම් කමිටු ප්‍රධානි ටැටෙන්ඩා තායිබු යලිත් ක්‍රිකට් තරග අතරට පිවිසෙයි. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ දේශිය ක්‍රිකට් තරග මාලාවට එක්වීමට නියමිතයි.

මිලග පලමුපෙළ ක්‍රිකට් තරගාවලියේ සිට ඔහු බදුරලිය ක්‍රිඩා සමාජය නියෝජනය කරමින් තරග අතරට පිවිසෙයි. ලෝකයේ ලාබාලතම ටෙස්ට් ක්‍රිකට් නායකයා වුයේ ද ටැටෙන්ඩා තායිබුය. ඔහු ටෙස්ට් තරග 28 කට සහ එක්දින තරග 150 කට ක්‍රිඩාකර තිබේ. සමුගැනීමෙන් අනතුරුව ඔහු කතෝලික දේවස්ථානයක පුජකවරයෙක් ලෙස කටයුතු කළේය.

චීන අමෙරිකා වෙළෙඳ සාකච්ඡා ඇරඹෙයි

චීනය සමග වෙළඳ සාකච්ඡා ආරම්භ කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. දින 90 ක කාලයක් පුරා මෙම සාකච්ඡා පැවැත්වෙන බව ට්විටර් පණිවුඩයක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. චීන ඇමරිකානු රාජ්‍ය නායකයන් අතර ආර්ජන්ටිනාවේදී පැවති හමුව පැය දෙකහමාරක කාලයක් පුරා පැවැත්විණි.

ජනවාරි පළමුවැනිදා සිට චීන නිෂ්පාදන සඳහා බදු වැඩි කිරීමෙන් වැලකී සිටීමට ඇමරිකානු නායකයා එකග විය. චීන නායකයා සමග ඔහුගේ පෞද්ගලික සබඳතා නව වෙළඳ ගිවිසුමකට එළඹීමට ආධාර වනු ඇති බවට ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසය පළ කරයි.

රට ස්ථාවර කිරීමට ඇති එකම මාර්ගය ජනතාවට බලය පැවරීම - හිටපු ආරක්ෂක ලේකම්

රට ස්ථාවර කිරීමට ඇති එකම මාර්ගය ජනතාවට බලය ලබාදීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. රට ස්ථාවර කිරීමට කටයුතු කිරීම සෑම කෙනෙකුගේම යුතුකමයි.

දැන් මතුව ඇත්තේ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත ආණ්ඩු පිහිටුවිමේ ප්‍රතිඵල බව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට තම පක්‍ෂයේ සහය නැහැ - ජනතා විමුක්ති පෙරමුණ පවසයි

පවතින දේශපාලන කුමන්ත්‍රණයට සම්බන්ධ සියඵදෙනාට දඩුවම් පැමිණවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පාර්ලිමේන්තුව තුල මන්ත්‍රිවරුන් 122 නෙකු සිටින්නේ කුමන්ත්‍රණයට එරෙහිව මිස රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට නොවන බව හෙතෙම අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට තම පක්‍ෂයේ සහය නැහැ - ජනතා විමුක්ති පෙරමුණ පවසයි

පවතින දේශපාලන කුමන්ත්‍රණයට සම්බන්ධ සියඵදෙනාට දඩුවම් පැමිණවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පාර්ලිමේන්තුව තුල මන්ත්‍රිවරුන් 122 නෙකු සිටින්නේ කුමන්ත්‍රණයට එරෙහිව මිස රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට නොවන බව හෙතෙම අවධාරණය කරයි.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 ට යළි රැස්වෙයි

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 ට යළි රැස්වෙයි. සැසිවාරය ආරම්භ කිරීමට පෙර කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව කතානායක කාර්යාලය පවසයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ සිය මන්ත්‍රි කණ්ඩායම අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි නොවන බවයි. මහ මැතිවරණයක් වෙනුවෙන් තම කණ්ඩායම දිගින් දිගටම පෙනි සිටින බව බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මුලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ගුණවර්ධන මහතා කියා සිටියේය.

දේශපාලන අර්බුදය සතියක් තුල අවසන් - ජනපති

රට තුළ පවතින දේශපාලන අර්බුදය සහ නොසන්සුන්තාව සතියක් ඇතුලත සම්පුර්ණයෙන්ම අවසන් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. කොළඹ ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනය අමතමින් ජනාධිපතිතුමා සඳහන් කලේ මෙම අර්බුදය නිර්මාණය කලේ තමා නොවන බවයි.

මෙම අදූරදර්ශී වැඩපිළිවෙල නිමාකර රට ගොඩනැංවීමේ පුණ්‍යකර්මයට දායක වන ලෙස තමා සියඵ දේශපාලන පක්ෂවලට සහ නායකයන් වෙත සාමයේ දෑත දිගු කරන බව ජනාධිපතිතුමා එහිදි කියා සිටියේය.තීරණය රට වෙනුවෙන් යන්න කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ පැවති මෙම විශේෂ සම්මේලනයේ තේමාව විය.

පක්ෂයේ ක්‍රියාකාරීහු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිතුමා සඳහන් කලේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අන්ත ලිබරල්වාදී දේශපාලන දර්ශනය රට විනාශ කලා පමණක් නොව යහපාලන සංකල්පය ද අමු අමුවේ ඝාතනය කර දැමූ බවයි. එම ප්‍රතිපත්ති හමුවේ ප්‍රබුද්ධ දේශපාලන පක්ෂයක් වු එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව තමාට ද අනිටු විපාකවලට මුහුණදිමට සිදුවු බව ජනාධිපතිතුමා කියා සිටියේය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සැමදා විශ්වාසය තමා ඇත්තේ රටේ ජනතාව පිළිබඳවය. අන්ත ලිබරල්වාදී දේශපාලන වැඩපිළිවෙල පරාජය කළහැකි එකම දේශපාලන පක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යැයි ජනාධිපතිතුමා එහිදි අවධාරණය කළේය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නිල පුවත් වෙබ් අඩවිය අන්තර් ජාලයට මුදාහැරීම ද මෙහිදි ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කරන බව එම පක්‍ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඵෙතිහාසික කාර්යභාරයක් ඉටුකිරීමට බිහිවු පක්‍ෂයකි. ඉදිරියේදිද රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පක්‍ෂය කැපවන බව ඊයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ නියෝජිත සමුඵව අමතමින් සදහන් කළේය.

සමුඵව ඇමතු පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සදහන් කලේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සෑම විටම රට වෙනුවෙන් උපක්‍රමශීලීව තීරණ ගත් බවයි.

මාතර දිස්ත්‍රික්කයේ නව කුරුඳු වගා ව්‍යාපෘතියක්

මාතර දිස්ත්‍රික්කයේ නව කුරුඳු වගා ව්‍යාපෘතියක් ඇරඹේ. කෘෂි අපනයන බෝග අංශය මේ සදහා ප්‍රතිපාදන සපයයි. පසුගිය මාස හය තුලදී කුරුඳු අක්කර 200 ක් වගා කෙරිණ. වාර්ෂික අස්වැන්න ඉහල යාමටත් . ආදායම් ප්‍රවර්ධනයටත් එය හේතු වේ. පවුල් 74 ක් වගාවට සහභාගි වී සිටිති.

මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ ඝාතනය සම්බන්ධයෙන් සී. අයි. ඒ. ප්‍රධානියාගෙන් අමෙරිකානු කොංග්‍රසයට විශේෂ ප්‍රකාශයක්

අමෙරිකානු රහස් ඔත්තුසේවයේ ප්‍රධානියා .සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ ඝාතනය සම්බන්ධයෙන් අද අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

එම ඝාතනය සම්බන්ධව සෞදි ජාතිකයන් 11 දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ. එරට ඔටුන්න හිමි සල්මන් කුමරුගේ නම ඒ අතර නොවීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත්කිරීමේ ප්‍රයත්නය විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි ජගත් සංවිධානය පවසයි

ශ්‍රී ලංකාව වසර 2020 වන විට බිම් බෝම්බවලින් තොරව රටක් බවට පත්කිරිමේ ඉලක්කය සපුරා ගැනීමට සෑම අංශයකින්ම අතිවිශේෂ අවධානයක් පෙන්නුම් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතවරයෙකු වන බිම්සෙයිල් අල්හුසේන් කුමරු ප්‍රකාශ කරයි එය ඉහළම දේශපාලන තලයේ සිට නිලධාරී මට්ටම දක්වා පෙන්නුම් කරන බව පසුගිය සිකුරාදා ජිනිවා හි පැවැති සාකච්ඡාවකදී ඔහු සදහන් කළේය.

බිම්බෝම්බ තුරන් කිරීම පිළිබඳ ඔටාවා සම්මුතිය ලෝක ව්‍යාප්ත මට්ටමින් ප්‍රවර්ධනය කිරීමේ කාර්යය අල්හුසේන් කුමරුට පැවරී ඇත. ජිනිවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සංවිධාන කර තිබු මෙම සාකච්ඡාවට තානාපතිවරු. දුත මණ්ඩල නියෝජිතයෝ. සිවිල් සමාජ සහ ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයෝ සහභාගීවුහ.

ආරම්භක දේශනය පවත්වමින් ශ්‍රී ලංකා තානාපති ඒ එල්. ඒ අසිස් මහතා ප්‍රකාශ කලේ ඉඩම් මුදාහැරීමට සහ අවතැන්වු පුද්ගලයන් යළි පදිංචි කිරීම සදහා ඉඩසැලසෙන පරිදි බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල වැඩකොටසක් ඉටුකර ඇති බවයි.

පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම් සහ උතුරු පළාත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වී. ශිවඥාණසෝති මහතා බිම්බෝම්බ ඉවත් කිරීමෙන් පසු පවුල් නැවත පදිංචි කිරීමේ විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පෙන්වා දුන්නේය

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහි නඩුව ජනවාරී 22 වැනිදා සිට දිනපතා විභාගයට

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුඵ විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව ජනවාරී 22 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කරයි. එම නඩුව අද කැදවු අවස්ථාවේ ඊට අදාළ ලේඛණ නිසිපරිදි ලැබී තිබෙන බව දෙපාර්ශවයේම නීතීඥවරු අධිකරණයට දැණුම් දුන්හ.

විත්තියට ලැබිය යුතු ලේඛණ නිසියාකාරව ලැබී තිබේද යන්න පරීක්‍ෂා කිරීම සදහා ජනවාරී 03 වැනිදා නඩුව නැවත කැදවීමට තිරණය කෙරිණි. ඉකුත් රජය සමයේ මැදමුලන . ඩී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රුපියල් තුන්කෝටි 39 ලක්‍ෂයක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට විත්තිකරුවන්ට චෝදනා එල්ලවී තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිකුත් කළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි. අද සිට ලබන 06 වැනිදා දක්වා අඛණ්ඩව පෙත්සම විභාගයට ගැනේ.

අග විනිසුරු නලීන් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාග කිරීමට නියමිතය. එක්සත් ජාතික පක්‍ෂය. ජනතා විමුක්ති පෙරමුණ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය. දෙමල ජාතික සංධානය යන දේශපාලන පක්‍ෂ පෙත්සම් ගොනුකර තිබේ. ලැබී ඇති සමස්ත පෙත්සම් සංඛ්‍යාව 13 කි. මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 07 වැනිදා තෙක් බලපැවැත්වෙයි.

රාජ්‍ය ආරක්ෂාව , රට සහ පොදු ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට ජනපතිගෙන් රාජ්‍ය සේවයට ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට උපදෙස්

අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය ධූරවල කටයුතු කිරීම අත් හිටුවාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇතත් සියළුම අමාත්‍යාංශවල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියළුම අමාත්‍යාංශ ලේකම්වරුනට උපදෙස් දෙයි.

ජනාධිපති කාර්යාලය අද (04) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී එතුමා එම උපදෙස් ලබා දී තිබේ.

පවත්නා නීතීයට අනුකූලව මහජන සේවාවන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කළ යුතුය.

මෙවැනි අවස්ථාවක දී රාජ්‍ය ආරක්ෂාව මෙන්ම රට සහ පොදු මහජනතාව වෙනුවෙන් සිය යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටුකරන ලෙස ජනාධිපති තුමා සියළුම රාජ්‍ය සේවා ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට නියෝග කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

වව්නතිව් පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඝාතන සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනේ. පොලිස් මුලස්ථානය ප්‍රකාශ කලේ කරයාකන්තිව් ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි. කදිරාමතම්බි ඉරාජකුමාරන් වන ඔහු හතලිස් හැවිරිදි වියේ පසුවේ.

සැකකරු වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත. සිද්ධියට අදාළව මේ වන විට තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ආහාර පනතට සංශෝධන

ආහාර පනතට නව සංශෝධන එක් කෙරේ. එය මේ වනවිට නිති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙ.්. නව සංශෝධන අනුව කිරිපිටි ප්‍රවර්ධනය වැලැක්විමට නව නිති හදුන්වා දෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන ආහාර පාලක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.. නව නිතියට අනුව කිරිපිටි ප්‍රවර්ධන වෙළෙද දැන්විම් පළකිරිම සදහා අදාල සමාගම් තමාගේ අනුමැතිය ලබාගතයුතු බව ඒ මහතා පැවසුවේ කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති වැඩමුඵවකදිය. එම දැන්විම් පළකරන විද්‍යුත් සහ රූපවාහිනි ආයතනය අනුමැතිය ලබාගතයුතුය.
තහනමට ලක්වූ ටින් මාඵ අඩංගු බහාලුම් 86 ක් වෙළෙඳපලට නිකුත් වූ ඇති බවට පලවූ වාර්තා කෙරෙහි අවධානය යොමුකර සෙසු බහාලුම් වෙළෙඳපලට නිකුත් කිරිම වලක්වා ගැනිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බවද ඔහු සදහන් කළේය. ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ සහාය ඇතිව එම පියවර ගැණිනි.

අධිකරණයේ පෙනී සිටිමට පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාට නොතිසි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 07 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය අද නොතිසි නිකුත් කලේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාලව අධිකරණය පිලිබඳව ආන්දෝලාත්ම ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන්නැයි රාමනායක මහතාට දන්වා තිබේ. නියෝගය නිකුත් කලේ එම ප්‍රකාශය අග විනිසුරු ප්‍රමුඛ විනිසුරු මඩුල්ල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නවසීලන්ත සංචාරය ඇරඹේ

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය ඇරඹේ. ශ්‍රී ලංකා පිල අද අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියේය. ටෙස්ට් ක්‍රිකට් තරග 2 කට සහ එක්දින තරග 3 කට කණ්ඩායම සහභාගි වෙයි. පන්දුවාර විස්සේ ක්‍රිකට් තරගයක් ද පැවැත්වේ.

දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 15 වැනිදා වෙලිංටන් හිදි ඇරඹේ.

ලබන ජනවාරි මාසයේ සිට ඔපෙක් සංවිධානයෙන් ඉවත් වන බව කටාර් රාජ්‍යය බලශක්ති ඇමතිවරයා කියයි.

ලබන ජනවාරි මාසයේ සිට ඔපෙක් සංවිධානයෙන් ඉවත් වන බව කටාර් රාජ්‍යය බලශක්ති අමාත්‍ය ෂාඩ් අල් කාබි මහතා නිවේදනය කරයි. කටාරය විශාල වශයෙන් තෙල් නිපදවන රටක් නොවුවද ලෝකයේ විශාලතම ස්වභාවික ගෑස් අපනයනකරු වෙයි. . ඉදිරියේදි ගෑස් කර්මාන්තයේ වැඩිදියුණු කිරිම පිළිබඳව වැඩි අවධානය යොමු කරන බව ඇමතිවරයා පැවසිය. තෙල් සැපයුම අඩු කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ඔපෙක් සංවිධානය සහ රුසියාව ඇතුඵ රටවල් ගණනාවක් මේ මස 06 වැනිදා සහ 07 වැනිදා සාකච්ඡාවකට සහභාගි විමට නියමිතයි.

අමෙරිකාව සහ රුසියාව සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම්

අමෙරිකාවත් සමග සාකච්ඡා යළි ඇරඹීම සඳහා රුසියාව බලාපොරොත්තුවෙන් සිටින බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මහතා සමග ද සාකච්ඡා කළ බව ඔහු කියා සිටි.

ජී 20 සමුඑව අතරවාරයේදී දෙරටේ නායකයන් අතර පැවැත්විමට නියමිතව තිබු සාකච්ඡා වටය අවලංගු කෙරිණි. කෙසේ වුවත් මීලග ජී 20 රාජ්‍ය නායක සමුඑවට පෙර අමෙරිකානු රුසියානු නායකයින් හමුවනු ඇතැයි දෙපාර්ශවයේම විශ්වාසය පලවී තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ඇත්තේ ජනාධිපතිතුමාට පමණක් බව හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා අවධාරණය කරයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට පමණක් බව හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා පවසයි.ප කඩිනම් මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා ඊයේ සංවිධාන කර තිබූ රැලියකදී ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ රට අරාජික කිරීමේ කුමන්ත්‍රණ අනුමත කල නොහැකි බවයි.

රටේ ස්ථාවරභාවය වෙනුවෙන් නිතිය පෙනී සිටිය යුතුය. ජනාධිපතිතුමා සතු බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවීමට රටේ ව්‍යවස්ථාවෙන් අවසර ඇතැයිද හිටපු අගවිනිසුරුවරයා මෙහිදී පෙන්වා දුන්නේය.