Fri01182019

Last updateFri, 18 Jan 2019 8am

SP Smart Slider New

නවතම පුවත්

බැඳුම්කර වංචාවට සම්බන්ධ තවත් නම් ලයිස්තුවක් ලබන සතියේ එළියට

මේ අතර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ බැඳුම්කර වංචාවට සම්බන්ධ තවත් නම් ලයිස්තුවක් ඉදිරි සතිය තුළදී ප්‍රසිද්ධියට පත් කරන බවයි. එහිදී ඊට වගකිව යුතු තවත් බොහෝ දෙනෙකු පිළිබඳව හෙලිදරව් වනු ඇතැයි ද අබේවර්ධන මහතා සඳහන් කළේය.

මහ බැංකු බිඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් සති දෙකක් තුල නිකුත් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාල අංශවලට උපදෙස් දෙයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.

විදේශීය මුදල් පිට කිරීමට මුදල් අමාත්‍යවරයා රේගුවට බලපෑම් කළේය යන පුවත මුදල් අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි

අමෙරිකානු ඩොලර් පනස් තුන්දහස් 455 ක මුදලක් මෙරටින් පිට කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා රේගුවට බලපෑම් කරන ලද බවට ප්‍රචාරයවන පුවත මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි. මෙරටින් බැහැර යන ඉරාන ජාතිකයෙකු සතුව තිබූ අමෙරිකානු ඩොලර් 53455 ක මුදලක් කටුනායක ගුවන් තොටුපලේදි රේගු නිලධාරින්ගේ අත්අඩංගුවට පත්විය.

ඉරානයේ මුල්‍යාධාර යටතේ ක්‍රියාත්මක උමා ඔය ව්‍යාපෘතියේ සේවය කරන ඉරාන ජාතිකයන් සිය මාසික වැටුප ඉරානයට ගෙනයන අවස්ථාවේදී මෙම වැටලිම සිදුකර තිබේ. දෙරට අතර බැංකු හරහා මුල්‍ය ගණුදෙනු සිදුනොකෙරෙන බැවින් සානුකම්පිතව සලකා බලා මෙම මුදල් නිදහස් කරන්නැයි මෙරට ඉරාන තානාපතිවරයා පසුගිය ඔක්තෝබර් 03 වැනි දින මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව එම ඉල්ලීම පිළිබඳව සානුකම්පිතව සලකා බලා මුදල ආපසු භාරදෙන ලෙස මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා රේගුවට නියෝග කර ඇත. මෙරට සේවය කරන ඉරාන ජාතිකයන් මේ අයුරින් මුදල් රැගෙන ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවන බව ද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි පසුගිය ජුනි මාසයේදි ද සානුකම්පිත පදනම මත ඉරාන ජාතිකයෙකු රැගෙන ගිය විදේශ මුදල් නිදහස් කෙරුණු බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

40 වැනි ජාතික යෞවන සම්මාන උළෙල අද ජනපති ප්‍රධානත්වයෙන්

40 වැනි ජාතික යෞවන සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙඵම්පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේදි අද පස්වරු 05.00 ට ආරම්භ වෙයි. ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ගේ සෞන්දර්යාත්මක කුසලතා ජාතික මට්ටමට හදුන්වාදෙමින් ඔවුන් ඇගයිමට ලක් කිරීම මෙහි අරමුණයි.

මෙම ජාතික සම්මාන උළෙලේදි සෞන්දර්යාත්මක ඉසව් 110 ක් ආවරණය කරමින් තරුණ නිර්මාණකරුවෝ 180 දෙනෙක් ඇගයිමට ලක් කෙරෙති. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය ජාතික තරුණ සේවා සභාව හා එක්ව මෙය සංවිධාන කරයි.

ධීවරයන් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට අගමැති උපදෙසින් පියවර

ධීවර ක්‍ෂේත්‍රයේ ගැටඵවලට කඩිනම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි. උතුරු සහ නැගෙනහිර ධීවර සංවිධාන. ඇතුඵ සියඵ ධීවර සංවිධානවල නියෝජිතයන් සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වින.

නිෂ්පාදන වියදම අධික වීම. නිෂ්පාදන සඳහා මිලක් ලබාගැනිම. ධීවර ආම්පන්න. ෆයිබර් ග්ලාස් බෝට්ටු ආදියෙහි මිල. වරාය සහ කලපු සංවර්ධනය ආදි ක්ෂේත්‍ර රැසක ගැටඑ කෙරෙහි මෙහිදි අවධානය යොමු කෙරිණ. දැනට ධීවර සංස්ථාව ඇතුඵ ශිතාගාර නවීකරණය කිරිමටද ධීවරයන් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට සහ අයිස් මිල පාලනයක් ඇතිකිරීමටද අවශ්‍ය පියවර ගන්නැයි රාජපක්‍ෂ මහතා මෙහිදී අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

අපරාධ පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා කඩිනම් වැඩපිළිවෙලකට ජනපතිගෙන් උපදෙස්

ප්‍රබල සමාජ අභියෝග වන අපරාධ පාතාලය සහ මත්ද්‍රව්‍ය පාලනය සහ මර්දනය සදහා දැඩි නිතීරීති සමග කඩිනම් වැඩපිළිවෙලක් සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි. ඒ සදහා අවශ්‍ය නීතිමය සංශෝධන කඩිනම් කරමින් අදාළ නිලධාරීන්ට කඩිනමින් බලතල පවරාදීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා අවධාරණය කරයි.

මත්ද්‍රව්‍ය පාලනය. අපරාධ සහ රථවාහන අනතුරු අවම කිරීම පිළීබඳ පණත් කෙටුම්පත සංශෝධනයට අදාළ ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතතුමා මේ බව පැවසීය. මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව පොලිසිය ක්‍රියාත්මක කර ඇති විශේෂ වැඩපිළිවෙලට අවශ්‍ය නීති සම්පාදන කටයුතුවල ප්‍රගතියද ජනාධිපතිතුමාගේ අවධානයට ලක්විය.

මාර්ග අනතුරු අවම කරගැනීම පිළිබඳවද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරුණු අතර ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම මගින් දඩමුදල් ගෙවීමේ ක්‍රමය හදුන්වාදීමට ඇති හැකියාව පිළීබඳව සොයා බැලීමටද ජනාධිපතිතුමාගෙන් මෙහිදී උපදෙස් ලැබිනි.

මෙරට විශාලතම දියර ගෑස් පර්යන්තය හම්බන්තොට වරාය ආශ්‍රිතව

මෙරට විශාලතම දියර ගෑස් පර්යන්තය හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිකෙරේ.  ලාෆ් සමාගම වෙනුවෙන් චීන සමාගමක් එහි ඉදිකිරීම් සිදුකරයි.  මෙය ශ්‍රි ලංකා ආර්ථිකයට දැවැන්ත ආයෝජනයක් බව ලාෆ් ආයතනයේ සභාපති ආචාර්ය ඩබ්ලිව් කේ එච් වෑගපිටිය මහතා පවසයි.  ඉන්දිය සාගර කලාපයේ විශාලතම ගෑස් පර්යන්තය ද මෙය වනු ඇත.  එහි ගෑස් ඝන මිටර් හැටදහසක් ගබඩා කළ හැකිය.

අමෙරිකාවේ අන්තර්ජාලය ඔස්සේ කෙරෙන වෙළඳාම තවත් පුඑල් වෙයි

අමෙරිකාවේ අන්තර්ජාලය ඔස්සේ කෙරෙන වෙළඳාම තවත් පුඑල් වෙයි.  ඒ අනුව මේ වසරේ ඊයේ වන විට ඩොලර් බිලියන 7 යි දශම 8 ක අන්තර්ජාල වෙළඳාමක් සිදුවි තිබේ.  මෙය ඉකුත් වසරට සාපේක්ෂව සියයට 18 යි දශම 3 ක ඉහළ යාමකි.  ඉකුත් වසරේ එරට අන්තර්ජාල වෙළූඳාමේ ආදායම ඩොලර් බිලියන 6 යි දශම 6 කි.  අලෙවි භාණ්ඩවලින් තුනෙන් එකක් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයි.

තරග ජයග්‍රහනය කළහැකි ක්‍රිඩකයන් කණ්ඩායමකට ඇතුලත් කිරීම ක්‍රිකට් තේරිම් කමිටුව හමුවේ ඇති ඉදිරි වගකීමක් බව විචාරකයෝ පෙන්වා දෙති.

තරග ජයග්‍රහනය කළ හැකි ක්‍රිඩකයන් කණ්ඩායමකට ඇතුලත් කිරීම ක්‍රිකට් තේරීම් කමිටුව හමුවේ ඇති ඉදිරි වගකීමක් බව ක්‍රිඩා විචාරකයෝ පවසති.  ඇතැම් දුර්වල ක්‍රිඩකයන් දිගින් දිගටම කන්ඩායමට එක් කිරිම මගින් නැගී එන තරුණ දක්ෂ ක්‍රිඩකයන්ට අවස්ථාව අහිමි වන බව ඔවුහු පෙන්වා දෙති.  තරග මාලා රැසකදීම අසාර්ථකවු කුසල් මෙන්ඩිස් එංගලන්තයත් සමග අවසන් තරගයේ අවසන් ඉනිමේදි ලකුණු 86 ක් රැස්කළ අතර මේ නිසා ඔහුට ඉදිරි නවසීලන්ත තරගාවලියට ද අවස්ථාව ලැබිමේ වැඩි ඉඩක් පවතී.  ඔහු ලකුණු අතරට පැමිණෙන තෙක්ම කණ්ඩායමේ ස්ථානයක් හිමිවු අතර ඔහුගේ දුර්වල ස්ථානය සොයා බලා පිළියම් යෙදිමට නොහැකි වීම පුහුණුකරුගේ දුර්වලතාවයක් බව එම විචාරකයෝ සඳහන් කරති.

බංග්ලාදේශයේ හිටපු අගමැතිනියට මහා මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වෙයි.

ලබන මස 30 වැනිදා බංග්ලාදේශයේ පැවැත්වෙන මහ මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව හිටපු අගමැතිනි බෙගම් කලිදා ෂියාට අහිමි වෙයි.  එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුවක් දෙමින් පැවසුවේ ඇයට තිබෙන චෝදනා සහ ලබාදී ඇති දඩුවම් හේතුවෙන් මැතිවරණයට තරග කිරීමට සුදුසුකම් නොලබන බවයි

කථානායකවරයා ස්ථාවර නියෝගවලට පටහැනිව ක්‍රියා කරන බැවින් අද දිනයේ ද පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි නොවු බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා කියයි

කථානායකවරයා ස්ථාවර නියෝගවලට පටහැනිව ක්‍රියාකරන බැවින් අද දිනයේ ද පාර්ලිමේන්තුවේ සභාවාරයට සහභාගි නොවු බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා පැවසීය. අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව රැස්කිරිම ව්‍යවස්ථාවට පටහැනි බවයි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හා න්‍යාය පත්‍රයට අනුකූලව පාර්ලිමේන්තුව රැස්කර නොමැත. පාර්ලිමේන්තුව සිරිකොත මන්දිරය ලෙස කටයුතු කිරිම පිළිගත නොහැකි බව ද ඔහු කිවේය. පවතින තත්ත්වය හමුවේ කථානායකවරයා අවලංගුවී ඇතැයි දිනේෂ් ගුනවර්ධන මහතා කියයි.

වත්මන් කථානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදාය විනාශ කොට ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය. කථානායකවරයාගේ සැගවුනු න්‍යාය පත්‍රයේ කොටස් කරුවන් වීමට තමන් සූදානම් නොමැති බව ද ඔහු කිවේය. කථානායකවරයා හැන්සාඩ් වාර්තාව විකෘති කර ඇත.

පාර්ලිමේන්තුව රැස්වීම නීතිවිරෝධි බව ඇමති එස් බී දිසානායක මහතා පැවසීය. මීට පෙර සිටි කථානායකවරුන් ආදර්ශයට ගෙන වත්මන් කථානායකවරයා ක්‍රියා කල යුතුයි ඔහු කියයි.

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මස 04 වන දින නවසිලන්තයට

තරග සංචාරයකට සහභාගි විම සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මස 04 වන දින නවසිලන්තය බලා පිටත්ව ය යි. දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් . එක්දින තරග 03 ක් සහ පන්දුවාර විස්සයි විස්ස තරගයක් පැවැත්වෙ.

ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන මස 15 වැනිදා වෙලින්ටන්හිදි ඇරඹේ. දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙසැම්බර් මස 26 වැනි දින ආරම්භ වෙයි.

ථේරවාද බුදුදහම පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංගමයේ පස්වන සමුඵව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ථේරවාද බුදුදහස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංගමයේ පස්වන සමුඵව ශ්‍රි ලංකා බෞද්ධ හා පාළි විශ්ව විද්‍යාලයේදි හෙට පැවැත්වෙ. එහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේදි අද පෙරවරුවේ පැවැත්වෙ.

එහිදි අදහස් දැක් වු ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා මහනුවරදි පැවති ජාත්‍යන්තර බොදු සමුඵවේදි ප්‍රකාශයට පත් කළ මහනුවර ප්‍රකාශනයට ථේරවාද බුදුදහම ලොවට ගෙනයාමේ විශාල වගකිමක් පැවරී ඇතැයි පැවසිය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේ අනුශාසනාවක් කරමින් ථේරවාද බුදුදහම ලොවට ගෙනයාමට මෙම සමුඵව බෙහෙවින් ඉවහල් වනු ඇතැයි පැවසුහ.

පාර්ලිමේන්තුව අද පස්වරු 1.00 ට රැස්වෙයි

පාර්ලිමේන්තුව අද පස්වරු 1.00 ට රැස්වෙයි. අද දිනයේ ද මහජන ගැලරිය හා ප්‍රධාන ආරාධිත ගැලරිය වසා දමා තිබෙ.

කඩිනම් මහ මැතිවරණයක අවශ්‍යතාව කලාකරුවෝ අවධාරණය කරති

වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් රට බේරා ගැනිම සදහා කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව කලාකරුවෝ අවධාරණය කරති . කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදි ඔව්හු ඒ බව සදහන් කළහ. නිදහස් කලා සන්ධානයේ සභාපති සුදත් රෝහණ මහතා එහිදි පැවසුවේ ලබන බ්‍රහස්පතින්දා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක් සංවිධාන කර ඇතැයි පැවසිය . කතානායකවරයාගේ හැසිරිම හා විපක්ෂයේ දේශද්‍රෝහි පිළිවෙතට විරෝධය පළකිරිම එහි අරමුනයි.

පැවති රනිල් වික්‍රමසිංහ රජය කලා ක්ෂේත්‍රයට හානිදායක ක්‍රියා පිළිවෙතක පසු වු බව නිදහස් කලා සන්ධානයේ ලේකම් ඩග්ලස් සිරිවර්ධන මහතා පැවසිය .පසුගිය වසරවල පැවති මහවිරු සමරුව මෙවර තහනම් කිරිමත් නිතිය නිසිලෙස ක්‍රියාත්මක කිරිමත් සැබවින්ම අගය කළ යුතු බව ගායක මධුමාධව අරවින්ද මහතා සදහන් කළේය.

2015 ජනවාරි 08 වැනිදා සිදු වු වරද නිවැරදි කර ගැනිමට ජනතාව අපේක්ෂාවෙන් පසුවන බව රංගන ශිල්පිනි අනුෂා දමයන්ති මහත්මිය පැවසුවාය . ඒසදහා මහ මැතිවරණයක් පැවැත්විම අත්‍යවශ්‍ය වෙයි.

හත්දහසකට දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ස්ථිර පත්විම්

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ස්ථිර පත්විම් නොලැබු හත්දහසකට ලබන සිකුරාදා ස්ථිර පත්විම් පිරිනමන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. තවත් පිරිසකගේ පත්විම් පිළිබඳව ඉදිරි කටයුතු කිරිමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබේ. අවශ්‍ය පුද්ගපලයන්ට සිය කැමැත්ත පරිදි අදාල දිමනා ලබාගෙන සේවයෙන් ඉවත් විමට හැකි බව ඇමතිවරයා පැවසිය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදි ඔහු එම කරුණු සදහන් කළේය . බැදුම්කර ගණුදෙනුවට අදාලව විවිධ චෝදනාවලට ලක් වූ දේශපපාලනඥයින්ගේ නම් ලැයිස්තුව ලබන සතියේ හෙලිදරව් කෙරේ  අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රිවරයා පැවසුවේ පැවති අසාධාරණ බදු ක්‍රම 31 ක් වත්මන් රජය ඉවත් කර ඇති බවයි.

අපරාධ චෝදනාවලට ලක්ව ඇති නාමල් කුමාර පෙරේරා හා අමිත් විරසිංහට තම පක්ෂයේ නාමයෝජනා දීම පිළිබඳව කිසිදු තීරණයක් ගෙන නැතැයි . ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක රේණුක පෙරේරා මහතා එහිදි පැවසිය

සා/පෙළ උපකාරක පංති අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව අද (27) මධ්‍යම රාත්‍රියේ සිට උපකාරක පංති සංවිධානය කිරීම , පංති මෙහෙයවීම හා දේශණ , සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම තහනම් කෙරේ.

මෙම තහනම ලබන මස 12 වැනිදා දක්වා බල පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ලේඛණ මුද්‍රණය කිරීම බෙදා හැරීම හා ඒවා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම මෙන්ම ළහ තබා ගැනීම ද සපුරා තහනම්ය.

මෙම නියෝග කඩ කරන එම පාර්ශවයක් වෙතොත් 119 අමතා පොලිස් මූලස්ථානය වෙත දැනුම් දෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

මේ අතර විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර නොලැබූ පෞද්ගලික අයදුම් කරුවන් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර ප්‍රවේශ පත්‍රය බාගත කර ගත හැකිය.

www.doenets.lk එම වෙබ් අඩවියයි.

ශ්‍රි ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලියෙන් තුනට බිංදුවක් ලෙස එංගලන්තයට ජය

එංගලන්ත පිල සහ ශ්‍රි ලංකා පිල අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රි ලංකා පිල පරදවා ලකුණු 42 ක ජයක් අත්කරගැනිමට එංගලන්ත පිල සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 327 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියථ දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 284 ක් පමණි. කුසල් මෙන්ඩිස් ලකුණු 88 යි.

රොෂේන් සිල්වා ලකුණු 65 යි. මලින්ද පුෂ්පකුමාර නොදැවී ලකුණු 42 ක් ලබාගතතේය. පන්දු යැවීමේදි මොයින් අලි කඩුලු 4 ක් ද ජැක් ලීච් කඩුලු 4 ක් බිඳ හෙලුහ. තරගයේ වීරයා ලෙස ජොනි බෙයාර්ස්ටෝ ද තරගාවලියේ විරයා ලෙස බෙන් ස්ටෝක් ද නම් කෙරිණි. දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහනය තුනට බිංදුවක් ලෙස එංගලන්ත පිලට හිමිවිය.

කාලගුණ විපර්යාස වාර්තා පිලි නොගන්නා බව ඇමරිකානු ජනාධිපතිවරයා කියයි

ලෝක පාරිසරික විපර්යාස සම්බන්ධයෙන් ඇමරිකානු රජය ඉදිරිපත් කර ඇති නවතම වාර්තාව පිළිගත නොහැකි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කියයි. අනපේක්ෂිත ලෙස ගෝලීය උෂ්ණත්වය ඉහල යාම සම්බන්ධයෙන් පිළිගත නොහැකි දත්ත එම වාර්තාවේ ඇතුලත් කර ඇතැයි ජනාධිපතිවරයා කියයි.

සෞඛ්‍ය සහ කාලගුණ සමතුලිතතාව සදහා ඇමරිකාව වසරකට ඩොලර් බිලියන ගණනක් වැය කරන බවද ඇමරිකානු ජනාධිපතිවරයා කියයි. ඇමරිකාව අනුගමනය කරන්නේ පරිසර හිතකාමී ඉන්ධන වැඩපිළිවෙලකි. මෙවැනි තත්ත්වයක් යටතේ ඉදිරිපත් කර ඇති වාර්තා පිළිගත නොහැකි බව ට්‍රම්ප් මහතා පවසයි.

මහ මැතිවරණයක් ඉල්ලා වැඩකරන ජනතාව උද්ගෝෂණයක

වර්තමානයේ උද්ගතවී ඇති ගැටඑවට හොඳම විසඳුම මහා මැතිවරණයක් පැවැත්විම බව වැඩකරන ජනතාවගේ මතය වී තිබේ. ඒ සඳහා බලකෙරෙන උද්ඝෝෂණයක් අද පස්වරු 02.30ට කොටුව දුම්රියපල ඉදිරිපිටදී පැවැත්වෙන බව ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා පවසයි. මෙම ප්‍රශ්නය දේශපාලඥයින්ට භාරදි සිටීම වෙනුවට සිවිල් සමාජයේ මැදිහත්විමක අවශ්‍ය බව හෙතෙම සඳහන් කරයි.

මේ අතර මහමැතිවරණයක් උදෙසා වු ජනතා ව්‍යාපාරයේ ප්‍රථම ජාතික සමුඑව කොළඹ පදනම් ආයතනයේදි හෙට පැවැත්වේ. ඒ සඳහා ආගමික නායකයන් ඇතුඑ විශාල පිරිසක් සහභාගි වන බව එම සංවිධානය සඳහන් කරයි. ජනතාවට මහ මැතිවරණයක් සඳහා හිමිවු අවස්ථාව අහිමි කිරීමට තානාපතිවරුන් කිහිපදෙනෙකු අනිසි බලපෑම් එල්ලකරමින් සිටින බව ද එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වහා අත්අඩංගුවට ගත යුතුයි - මව්බිම සදහා රණවිරුවෝ සංවිධාන

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට සැක පිට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වහාම අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි. එහි කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ඒ සදහා රජයට බලකිරීමට සිය සංවිධානය කටයුතු කරන බවයි.

මෙම ඝාතන කුමන්ත්‍රණයට නාලක සිල්වා සහ සරත් ෆොන්සේකා සම්බන්ධ බව ජනාධිපතිතුමා හෙලි කළේය. හමුදාවේ ඉහල පුටු වෙනස් කරන ලෙසට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාපතිවරයාට බල කළ බවටද තොරතුරු හෙලිව තිබෙ. මෙවැනි තත්ත්වයක් යටතේ ෆීල්ඩ්මාෂල්වරයා වහාම අත්අඩංගුවට ගත යුතු බව අජිත් ප්‍රසන්න මහතා පවසයි.

ප්‍රබල පාතාල සාමාජිකයින් දෙදෙනෙකු මරුට

කොට්ටාව රුක්මල්ගමදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකල මෙහෙයුමකදී ප්‍රබල පාතාල සාමාජිකයින් දෙදෙනෙකු වන හබරකඩ වසන්ත සහ මීගොඩ උපුල් ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. මෙහෙයුම අතරතුර සිදුවූ වෙඩි ප්‍රහාරයකින් ඔවුහූ මිය ගියහ.