Thu09202018

Last updateMon, 30 Jul 2018 10am

නවතම පුවත්

ශ්‍රි ලංකා බටහිර ඉන්දිය කොදෙව් 3 වන ටෙස්ට් තරගය අද

ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර 3 වන ටෙස්ට් තරගය ශ්‍රි ලංකා වේලාවෙන් අද රාත්‍රි 11 30 ට ආරම්භවෙයි.  එය දිවා රාත්‍රි තරගයකි. ශ්‍රි ලංකා කණ්ඩායම සුරංග ලක්මාල් මෙහෙය වන අතර කොදෙව් පිලේ නායකත්වය දරන්නේ ජේසන් වෝල්ඩය. මෙතෙක් පැවති තරග දෙකෙන් එක් තරගයක් ජයගෙන කොදෙව් පිල මේ වන විට ඉදිරියෙන් සිටි.

පොළොන්නරුව හිගුරක්ගොඩ ඓතිහාසික උනගලා වෙහෙර රජමහා විහාරස්ථානයේ චෛත්‍යරාජයන්ගේ කොත නිරාවරණය කිරිම ජනපති ප්‍රදානත්වයෙන් හෙට

පොළොන්නරුව හිගුරක්ගොඩ උනගලා වෙහෙර රජමහා විහාරස්ථ ඓතිහාසික චෛත්‍යරාජයන්ගේ කොත නිරාවරණය කිරිමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරුවේ පැවැත්වයි. පොළොන්නරුව ඓතිහාසික උනගලා වෙහෙර ලෝකවාසි බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට සුදුසු පරිදි ප්‍රති නිර්මාණය කිරිමේ කටයුතු ජනාධිපතිතුමාගේ මග පෙන්විම යටතේ ආරම්භ කෙරුනේ 2016 දෙසැම්බර් මාසයේදිය. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස උනගලා වෙහෙර ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරිණ.

බුදුදහම හා ඒකාධිපතිවාදය කිසිසේත්ම එකට ගමන් නොකරන බව අගමැතිවරයා පෙන්වා දෙයි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දින උත්සවයට සහභාගි වෙමින් පුජ්‍ය වෙඩරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ කල අනුශාසනාවේ අඩංගු කරුණු පිලිබදව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වයි.
මාතර මහමන්තින්ද පිරිවෙන් විද්‍යායාතනයේ 125 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන මැතිඳු අභිමන් අධ්‍යාපන ප්‍රදර්ශනයේ සමාප්ති උත්සවයට අද එක්වෙමින්

2020 වන විට උදාගම්මාන 2500 ක් ඉදිකිරිමේ ඉලක්කය සම්පුර්ණ කරන බව සජිත් ප්‍රේමදාස ඇමතිවරයා කියයි

වසර 2020 වන විට උදාගම්මාන 2500 ක් ඉදිකිරිමේ ඉලක්කය සම්පුර්ණ කරන බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා කියයි. එම උදාගම්මාන 2500 න් 801 ඉදිකිරිම් දැනටමත් ආරම්භ කර තිබේ. එම ඉලක්කය සපුරා ගැනිමෙන් පසුව 2020 දි තවත් නිවාස පන්දහසක ඉදිකිරිම් ආරම්භ කෙරන අතර  2025 වන විට ඒවායේ ඉදිකිරිම් නිම ඉලක්කයයි. අනුරාධපුර කුඩාවැව ඉදිකෙරුනු සඳදිනුගම. ඡන්මසමරුගම හා ඡන්මඅභිමානිගම උදාගම්මාන අද පෙරවරුවේ ජනතා අයිතියට පවරමින් ඇමතිවරයා ඒ බව සදහන් කලේය.  මෙරට නිවසක හිමිකම් නොමැති ජනතාවගේ නිවාස ප්‍රශ්ණයට විසදුම් සෙවිම සදහා තම අමාත්‍යංශය නිරතුරු කැපවි සිටින බවද ඇමතිවරයා පැවසිය.

බෞද්ධ දසසිල් මාතා අධ්‍යාපන ආයතන ආරම්භ කිරිමේ කටයුතු ඇරඹේ

බෞද්ධ දසසිල් මාතා අධ්‍යාපනය ආයතන ආරම්භ කිරිමේ කටයුතු ඇරඹෙයි. ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා ඒ සදහා ඉදිරිපත් කල සංදේශයක් පසුගිය දා ඇමති මණ්ඩලය අනුමත කලේය. දවයින පුරා දසසිල් මාතාවන් හාරදහසකට අධික සංඛ්‍යාවක් සිටින අතර ඔවුන් වෙනුවෙන් රජයෙන් කිසිදු ආධාරයක් නොලබන අධ්‍යාපන ආයතන කිහිපයක් ස්වේච්ඡාවෙන් පවත්වාගෙන යයි.  අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා ඉදිරිපත් කල සංදේශයට අනුව දැනටමත් ක්‍රියාත්මකව පවතින ආයතන බෞද්ධ දසසිල් මාතා අධ්‍යාපන ආයතන නමින් අනුමත කෙරේ.

Read more...

මාතර ස්වර්ණාභරණ වෙලෙඳසලක් කොල්ලකෑමේ සිද්ධියේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

මාතර ස්වර්ණාභරණ වෙළදසලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරු වන චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය යයි. කිරල කැළය ප්‍රදේශයේ සගවා ඇති ඇදුම් බෑගයක් පරීක්ෂා කිරිමට ගිය අවස්ථාවේ ඔහු පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාර වලදි සැකකරු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ඊයේ පෙරවරුවේ සිදු වු කොල්ලකෑමේ සිද්ධියේදි කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් සිව්දෙනෙක් තුවාල ලැබුහ.

භයංකර යුගයක් පසුකර ලබාගත් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය නැති කර ගැනිමට කිසිවෙකු හෝ කැමති නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පවසයි

භයංකර යුගයක් පසුකර ලබාගත් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය නැති කර ගැනිමට කිසිවෙකු හෝ කැමති නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පවසයි. එබැවින් පැවති රජය නැවත පත් කර ගැනිමට ජනතාව උනන්දු නොවනු ඇතැයි ජාතික ගුවන්විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයට එක්වෙමින් රාජකරුණා මහතා පැවසිය . රජය කිසිවිටෙක අධිකරණයට බලපෑම් නොකරයි. මහා පරිමාණ වංචා දූෂණ වලට සම්බන්ධ වුවන්ට එරෙහි නඩු විභාග කිරිමේ අධිකරණ නිසි ක්‍රමවේදයක් යටතේ පිහිටුවිමට රජය කටයුතු කළේය. ලබන මාසයේ සිට එම නඩු ඇසිමට පියවර ගෙන ඇතැයි ද ඔහු පැවසිය.
සත්කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන සංඝ නායක පුජ්‍ය මහගල්කඩවල පුණ්‍යසාර ස්වාමින් වහන්සේ මෙහිදි අවධාරණය කළේ රට කොටස් වලට බෙදන බවට ඇතැමුන් කරන ප්‍රකාශ සාවද්‍ය බවයි. දේශපාලන වාසි ලබාගැනිමේ අරමුණින් මෙවැනි ප්‍රකාශ සිදුකරන බව උන්වහන්සේ පැවසුහ. ජනතාව නොමග යවා නැවත බලය ලබාගැනිම ඔවුන්ගේ උත්සාහය වි ත.ිබෙ.් මෙරට ජනතාව කිසිවිටෙකත් ඒකාධිපති පාලනයකට එකග නොවන බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

වසර 2020 වනවිට රාජ්‍ය සේවකයින්ට තවත් වරප්‍රසාද රැසක්

වසර 2020 වනවිට රාජ්‍ය සේවකයන්ට තවත් වරප්‍රසාද රැසක් ලබාදෙන බව අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසයි.  අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් පස්වරු 4.00 න් පසු සේවය කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් අක්ෂි ශල්‍ය සැත්කම් පොරොත්තු ලේඛණය අවම කළ හැකි බව ඔහු  සදහන් කරයි.  සෞඛ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  පත්විම් ලිපි ප්‍රදානය කිරිමේ අවස්ථාවට කොළඹදි ඊයේ එක්වෙමිනි   මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරින් 2014 කට සහ මනෝ වෛද්‍ය සමාජ සේවක  නිලධාරින්  28 දෙනෙකුට පත්විම් ප්‍රදානය එහිදි සිදුවිය.  වසර 2020 වනවිට  සෞඛ්‍ය සේවාවට අයවැයෙන්  ලබාදෙන මුදල සියයට 05 දක්වා වැඩි කරන බවට මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර ඇතැයි  හෙතෙම කිය.

පානදුර සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්රියක් ආරම්භ කිරිමට සැලසුම්

ඉදිරි වසර කිහිපය තුළ රටේ විධිමත් කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් ගොඩ නගමින් සංවර්ධන ඉලක්ක ජයගැනිමට රජයට සහාය විම තම අමාත්‍යංශයේ අරමුණ  බව ප්‍රවාහන  නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා  පවසයි. පානදුර සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්ිරියක් ආරම්භ කිරිමට  දැනටමත්  වැඩ කටයුතු සිදු කෙරෙමින් පවතින බව හෙතෙම කියයි. ඒ සදහා අමෙරිකානු ඩොලර් මිලියන  600 ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගැනිමට   සාකච්ඡා කර තිබේ.  බස් මගින් සදහා පෙර ගෙවුම් කාඩ්පත කඩිනමින්  ජනගත  කිරිමට අපේක්ෂා කරන බව ද  හෙතෙම කියයි. ඒ සදහා රුපියල් බිලියන  08 ක පමණ මුදලක් වැයවෙතැයි ගණන් බලා තිබෙ.් දැනටමත්   සියයට 25ක වැඩ අවසන් කර ඇති අතර. එමගින්  රටේ ආර්ථිකයට සහනයක් සැලසේ.   ලංකා ගමනාගමන මණ්ඩලය මේ වනවිට රුපියල් කෝටි  200 ක ලාභයක් උපයා ගෙන තිබෙ.්  එමෙන්ම එහි ණය රුපියල් කෝටි  1500ක්  ගෙවා අවසන් කර ඇත.  ලංගම සේවකයන්ට  නිසිපරිදි වැටුප් ගෙවිමද සිදු වේ.  රියැදුරන්ට හා රිය සහායකයන්ට නායකත්ව හා පෞරුෂත්වය පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්විමෙන් ගුණාත්මක ප්‍රවාහන සේවයක් ඇති කිරිමට ඉදිරියේදි අපේක්ෂා කෙරේ.  අනාරක්ෂිත  දුම්ිරිය හරස් මාර්ග 671 කට පමණ කඩිනමින් පිළියම් යොදන බව නියෝජ්‍ය ඇමතිවරයා පවසයි

තෙල් සැපයුම ඉහළ නැංවිමට ඔපෙක් සංවිධානය තීරණය කරයි

ලබන මාසයේ සිට තෙල් සැපයුම් ඉහල නැංවීමට ඔපෙක් සංවිධානය එකගතාවයට පැමිණෙයි.  එම සංවිධානය ඊයේ මේ බව නිවේදනය කළේය.  ඔපෙක් සංවිධානයට අයත් රටවල් සහ එහි සාමාජිකයන් නොවන රුසියාව ඇතූථ රටවල් රැසක් ලෝක වෙළදපොලේ ඉන්ධන මිල පහල යාම නිසා ඉකුත් ජනවාරි මාසයේ සිට තෙල් සැපයුම් පහත දැමීමට ක්‍රියා කළේය.   මේ අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරිම සදහා ඔපෙක් සංවිධානයේ සහ එම සංවිධානයට අයත් නොවන රටවල් අද රැස්විමට නියමිතයි.  ඔපෙක් සංවිධානයේ මීළග නිල රැස්විම ලබන දෙසැම්බර් මස  03 වැනිදා පැවැත්වේ.

ශ්‍රි ලංකා බටහිර ඉන්දිය කොදෙව් දෙවැනි දිවාරාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රි ලංකා වේලාවෙන් අද රාත්‍රි 11.00 ට

රෝස පැහැති පන්දුව භාවිත කරමින් පැවැත්වෙන 10 වැනි දිවා රාත්‍රි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා-බටහිර ඉන්දිය කොදෙව් අතර අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 11.30 ට ඇරඹේ.  ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගය මෙයයි.  බටහිර ඉන්දිය කොදෙව් දුපත් හි පැවැත්වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගය ද මෙය වේ.

පහවසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව 18 වැනි වතාවටත්

ජාතික ඉතිරි කිරීමේ බැංකුව හපන් ඉතිරි කිරීමේ ගිණුමේ අනුග්‍රහයෙන් සංවිධාන කෙරෙන පහවසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව 18 වැනි වතාවටත් දිපව්‍යාප්ත මට්ටමින් පැවැත්වෙයි.  දිවයිනපුරා ඇති ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛා මහ තැපැල් බැංකු ජාලයේ මුලිකත්වයෙන් ප්‍රවීන දේශක මඩුල්ලකගේ සහභාගිත්වයෙන් දරුදැරියන් පහවසර ශිෂ්‍යත්ව විභාගයට වඩාත් සාර්ථකව මුහුණදීමට සුදානම් කිරීම සම්මන්ත්‍රණ මාලාවේ අරමුණයි.  ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදින්ගේ සංගමයේ වෛද්‍යවරුන් එම සම්මන්ත්‍රණවලදී දරුවන් හා දෙමව්පියන් බෝ නොවන රෝග පිළිබඳව දැනුවත් කිරීමට නියමිතයි.

වතුකම්කරුවන් එක්ලක්ෂ පනස් දහසකට ඉඩම් හිමිකම්


වතු කම්කරුවන් එක්ලක්ෂ පනස් දහසකට ඉඩම් හිමිකම ලබාදීමේ වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කර ඇතැයි ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවෙදී පැවසීය. එක් අයෙකුට පර්චස් 07 ක බිම් කොටසක් හිමිවෙයි. වැඩපිළිවෙලේ පලමු අදියර ලබන මස පලමුවැනිදා ඇරඹේ. එදින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වතුකම්කරුවන් 500 දෙනෙකුට ඉඩම් පිරිනැමේ. වතුකම්කරුවන්ට ඔවුන් පදිංචි ඉඩම් සදහා සින්නක්කර ඔප්පු ලබාදෙන බව එහිදී අදහස් දැක්වු ඇමති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය චිත්‍රපට සංස්ථාව යලි පවරා ගැනීම සැබැවින්ම අගය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලීන් ද ජයතිස්ස මහතා පැවසීය. සංස්ථාවේ චිත්‍රපට සංරක්ෂණ ඒකකය විධිමත් කිරීම පිළිබඳව ලැබුනු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඇමති විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ චිත්‍රපට සංරක්ෂණය සදහා අවශ්‍ය නවිනතම උපකරණ ආනයනය කරන බවයි. චිත්‍රපට බෙදාහැරීමේ ඒකාධිකාරය හේතුවෙන් කර්මාන්තය බිඳ වැටුනු බව ඔහු පෙන්වා දුන්නේය.
පසුගියදා දිවියෙකු අමානුෂික අන්දමින් මරා දැමිමේ සිද්ධිය පිළිබඳව පුඵල් පරීක්ෂණයක් පවත්වන බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් ද ජයතිස්ස මහතා නැගු ප්‍රශ්නයකට පිලිතුරු වශයෙනි. ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා එහිදී පැවසුවේ එම අමානුෂික ඝාතනය සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බවයි.
දේශිය කර්මාන්ත සම්බන්ධයෙන් නව බදු පනවා නැතැයි ඇමති රිෂාඩ් බදියුදීන් මහතා කියයි. නව බදු පනවා ඇත්තේ ආනයනික භාණ්ඩ සදහා පමණි. දේශිය කර්මාන්ත වැඩිදියුණු කිරීම සදහා කර්මාන්ත කොමිසම යලි සක්‍රීයකර තිබේ. භාණ්ඩාගාර ලේකම්වරයා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරයි. දේශිය කර්මාන්තකරුවන් මුහුණදෙන ගැටඵ කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ. කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් සදහා ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කරන බවද ඇමතිවරයා පැවසීය.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

ශ්‍රී ලංකාව ව්‍යවසායකයන්ගේ පාරාදිසයක් බවට පත්කිරීමේ අරමුණින් 2018 අයවැය මගින් යෝජනා කළ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව පාරාදිසය ණය යෝජනා ක්‍රමය අද ඇරඹෙයි. ඒ පිළිබඳ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පස්වරුවේ පැවැත්වේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද මංගල සමරවීර හා ලක්ෂ්මන් කිරිඇල්ල යන ඇමතිවරු ද ඊට එක්වෙති.


මෙම වැඩපිළිවෙල යටතේ පොලි සහන ණය යෝජනා ක්‍රම 11 ක්. විදේශාධාර යටතේ ක්‍රියාත්මක ප්‍රතිමුල්‍ය ණය යෝජනා ක්‍රම තුනක් සහ මුල්‍ය හා මුල්‍ය නොවන පහසුකම් සැලසෙන වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කෙරේ. සම්මත බැංකු පොලියට වඩා අඩු පොලියක් යටතේ ණය සැපයේ. ණය ලබා ගන්නන් ගෙවිය යුතු පොලියේ ඉතිරි කොටස රජය අදාල බැංකුවලට ගෙවයි. ඒ වෙනුවෙන් රජය රුපියල් කෝටි 525 ක් වෙන්කර තිබේ. මෙම මුදල උපයෝගි කර ගනිමින් ආර්ථිකය තුළ රුපියල් කෝටි හයදහසකට ආසන්න ප්‍රාග්ධන සම්පාදනයක් සිදුකළ හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. උත්පාදනය කිරීමට අපේක්ෂිත නව රැකියා අවස්ථා සංඛ්‍යාව 50 දහසකි.

ශුද්ධෝත්තම පාප් වහන්සේ ස්විට්සර්ලන්තයේ සංචාරයක

අතිඋතුම් ෆ්‍රුන්සිස් පාප් වහන්සේ ස්විට්සර්ලන්තයේ සංචාරයක නිරත වෙති. එක් දිනක් පමණක් එහි රැදි සිටින උන්වහන්සේ ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයා හා එරට ආගමික පුජකවරුන් හමුවීමට නියමිතයි.  ලෝක ක්‍රිස්තියානි සභාවේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් පාප් වහන්සේගේ සංචාරය සිදුවෙයි.  ලෝක ක්‍රිස්තියානි සභාවේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන යාඥා මෙහෙයකට ද උන්වහන්සේ සහභාගි වෙති.  පාප් වහන්සේගේ සංචාරය නිමිත්තෙන් ජිනිවා නගරයේ ආරක්ෂාව තරකර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාගේ අභියාචනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හමුවේ සලකා බැලීම අද


ශ්‍රිී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය කමිටු සභාපති මයිකල් බ්ලොෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවෙයි. තමා වරදකරු කරමින් ලබාදුන් තීන්දුවට එරෙහිව දිනේෂ් චන්දිමාල් ඊයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අභියාචනයක් ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා-බටහිර ඉන්දිය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට එල්ලවී තිබු චෝදනාවලට ඔහු වරදකරු බව තීරණය කෙරින. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කලේ චන්දිමාල්ට එක් තරගයක තහනමක් පැනවීමට හා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තරග මුදල සියයට 100 ක දඩ මුදලක් ලෙස නියම කිරීමට තීරණය කර ඇති බවයි.

එකාධිපති පාලනයකට හා ආඥාදායකත්වයකට යළි රට තුල ඉඩ නොතබන බවට ජනාධිපතිතුමා ප්‍රතිඥා දෙයි

 

2015 ජනවාරි 08 වැනිදා මෙරට ජනතාව රටේ පාලනයේ වෙනසක් සිදුකලේ එදා රට තුල ගොඩනැගෙමින් තිබූ එකාධිපති පාලනයට එරෙහිව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි.  ඒ බව අමතක වු පිරිසක් වර්තමානයේ නැවතත් රටට ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටිති.  එහෙත්  2015 ජනවාරි 08 වැනිදා මෙරට ජනතාව තැබූ අපේක්ෂා බිඳ වැටීමට කිසිසේත් ඉඩ නොතබන බවට ජනාධිපතිතුමා සහතික වෙයි.  නිකවැරටිය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් එතුමා පැවසුවේ ඒකාධිපති පාලනය නිමා කරමින් ජනතාව ඉල්ලා සිටි නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සියයට සියයකින් නොව සියයට දෙසීයකින් වර්තමානයේ රට තුල ස්ථාපිත කර ඇති බවයි.  පන නැති පාලනයක් ලෙස වත්මන් පාලනය ඇතැමුන් හැඳින්වුව ද එය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සමග යන ගමනක් බව ඔවුන් අවබෝධකරගත යුතු බව ජනාධිපතිතුමා පැවසීය

උසස් වින්දනයක් සහිත සංගීත කලාවක් ශ්‍රාවකයන් වෙත ගෙන යාමට ගුවන් විදුලි සංස්ථාව සමත් වු බව ඇමති විජයදාස රාජපක්ෂ මහතා පවසයි

 

රාජ්‍ය සංගීත සම්මාන උලෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙඵම් පොකුණ රගහලේ දී ඊයේ පැවැත්විණ.  උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව එය සංවිධාන කර තිබුණි.  එහිදී සංගීතවේදියෙකු සදහා ජීවිතයට එක් වරක් පිරිනමන යාවජීව සංගීතාභිමානි සම්මානයෙන් ප්‍රවීණ සංගීතවේදී දයාරත්න රණතුංග මහතා ජනාධිපතිතුමා වෙතින් සම්මාන ලබා ගත්තේය.  ඊට අමතරව ප්‍රශස්තම ගායනය සිංහල අංශයෙන් දුමාල් ජේ වර්ණකුලසුරිය හා දෙමළ අංශයේ විජකුමාර් නිරෝෂන් සම්මාන ලැබුහ.  ප්‍රශස්තම ගායනය සිංහල අංශයේ ගායිකාව ලෙස ඩබ්ලිව් ප්‍රියංගනී සහ දෙමළ අංශයේ ගායිකාව ලෙස වී රෝෂනිී ජනාධිපතිතුමා අතින් සම්මාන ලැබුහ.  සංගීත ක්‍ෂේත්‍රයේ විවිධ ඉසව් සදහා එහිදී සම්මාන පිරිනැමුනු අතර ඇමති විජයදාස රාජපක්ෂ මහතා ද එම අවස්ථාවට එක් විය.  සම්මාන උලෙල ඇමතු ඇමති විජයදාස රාජපක්ෂ මහතා සංගීතය ජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් වන අතර අනිකුත් කලා ක්‍ෂේත්‍ර පෝෂණය සදහා සංගීතය අත්‍යවශ්‍ය බව පැවසීය.  උසස් වින්දනයක් සහිත සංගීත කලාවක් ශ්‍රාවකයන් වෙත ගෙන යාමට ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් තුලින් සිදු විය.  ගුවන් විදුලි මාධ්‍ය තුලින් එදා ඉගෙන ගත් කලාව වර්තමානයේ එෆ් එම් නාලිකා ව්‍යාප්තිය සමග විකෘති වී ඇති බවට සමාජය තුල සංවාදයක් පවතින බව ඇමතිවරයා කීවේය.  කලාවේ මෙම පරිහානිය නිවැරදි කිරීම සදහා රජයක් ලෙස අවශ්‍ය පියවර ගන්නා බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

අපනයන හා සේවා අංශය දියුණු කිරීම තුලින් රට සංවර්ධනය කිරීම රජයේ අරමුණ බව අගමැතිවරයා පවසයි

 

අපනයන හා සේවා අංශය දියුණු කිරීම තුලින් රට සංවර්ධනය කිරිම  වත්මන් රජයේ අරමුණ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  සැම නගරයක්ම සැලැස්මකට අනුව සංවර්ධනය කරන බව අගමැතිවරයා ප්‍රකාශ කලේ බොරලැස්ගමුව සංර්ධන කලාපයේ ඉදිකළ මෙරට ප්‍රථම කෙළිමඩල ළමා උද්‍යානය හා ඇවිදින මං තිීරුව විවෘත කිරීමේ අවස්ථාවට අද පස්වරුවේ එක්වෙමිනි.  මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මූළිකත්වයෙන් ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව වේරැස් ගග වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් මෙය ඉදිකර තිබේ.  විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ඉදිකළ මෙම ළමා උද්‍යානය හා ඇවිදින මංතීරුව හෙක්ටයාර 3 යි දශම 6 ක භූමියක් පුරා ව්‍යාප්තව තිබේ.  එම දරුවන්ගේ උපරිම ආරක්ෂාව සහ සුවපහසුව ඇතිවන පරිදි සාමාන්‍ය දරුවන් සමග සාමුහීක ක්‍රියාකාරම්කරම්වල යෙදිය හැකි ආකාරය එම ළමා උද්‍යානය ඉදිකර ඇත.  ඇවිදින මංතීරුව කිලෝමිටරයකට වැඩි දිගින් යුක්ත වෙයි.  එහි ආහාර පාන මිලදී ගතහැකි අලෙවි කුටි 19 ක් ද මෙම කෙළිමඩල උද්‍යානයේ ඉදිකර තිබේ

ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි රැස්විම් සඳහා තමන් සහභාගි වන බව රජයෙන් ඉවත්වු 16 දෙනාගේ කණ්ඩායම පවසයි

 

නිදහසේ නීති උපදේශන කාර්යාලයක් ආරම්භ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා පවසයි. එමගින් නීති ගැටඑ සඳහා උපදෙස් සහ ආධාරලබාදෙන බව හෙතෙම පැවසුවේ නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය. ඉදිරියේදි ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ රැස්වීම් සඳහා රජයෙන් ඉවත්වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 16 දෙනා සහභාගි වන බව හෙතෙම කීය. 16 දෙනාගේ කණ්ඩායම ශක්තිමත් පදනමක් මත ඉදිරියට ක්‍රියා කරන බව ද ඔහු කිය.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා අදහස් දක්වමින් අමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වී ඇති බැවින් ශ්‍රි ලංකාවට එරෙහි චෝදනා තවදුරටත් වලංගු වේදැයි විමසා බැලිමට කාලය පැමිණ ඇතැයි කීවේය. පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරිම පිළිබඳව කිසිඳු විරුද්ධත්වයක් නැතැයි පැවසු ඒ මහතා ඒවායේ ප්‍රමිතිය නිසි පරිදි තිබිය යුතු බව ප්‍රකාශ කලේය.

ලොව දැවැන්තම කාන්තා වික්‍රමාන්විත වැඩසටහනක් වන රේඩ් ඇමර්සන් වැඩසටහන මෙවර ශ්‍රි ලංකාවේදී

 

ලොව දැවැන්තම කාන්තා වික්‍රමාන්විත වැඩසටහනක් වන රේඩ් ඇමර්සන් වැඩසටහන මෙවර ශ්‍රි ලංකාවේ නැගෙනහිර වෙරළ ආශ්‍රිත පාසිකුඩා තොප්පිගල සහ කල්කුඩා යන ප්‍රදේශවලදි ඔක්තෝබර් මස 11 වැනි දින සිට 19 වැනිදා දක්වා පැවැත්වේ.  වසරක් පාසා විවිධ රටවල පැවැත්වෙන මෙම ජාත්‍යන්තර වැඩසටහනට කාන්තාවෝ් 500 ත් 600 ත් අතර සංඛ්‍යාවක් සහභාගි වෙති..  කුඩා කණ්ඩායම් වශයෙන් කණඩායම් රැසක් මෙහිදි දැවැන්ත ත්‍රාසජනක අත්දැකිම්වලට සහභාගිවෙති.  මෙරට සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ගමන සඳහා මෙම වැඩසටහනින් ශ්‍රි ලංකාවට විශාල වාසියක් ලැබෙනු ඇතැයි අමාත්‍ය ජොන් අමරතුංග මහතා අද පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. නේසන්ස් ඩී සෙලාන් ආයතනය සහ සංචාරක අමාත්‍යාංශය මෙම තරගාවලිය  සංවිධානය කරයි