Fri01182019

Last updateFri, 18 Jan 2019 9am

SP Smart Slider New

නවතම පුවත්

පුජ්‍ය දඹර අමිල ස්වාමීන් වහන්සේට ලිට්රෝ ගෑස් සමාගමෙන් දුන් මුදලට අදාල රිසිට්පත හදුනා ගැනේ

පාර්ලිමේන්තුවේදී සිදුකළ වැය ශීර්ෂ කපාහැරීමේ යෝජනාව ව්‍යවස්ථාවට පටහැනි බව අමාත්‍ය බන්දුල ගුවර්ධන මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කීවේය.
පුජ්‍ය දඹර අමිල හිමියන් ලිට්රෝ ගෑස් සමාගමේ මුදල් අවභාවිත කළ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පෙන්වාදුන් ගුනවර්ධන මහතා ඒ පිළිබඳව ද අදහස් දැක්වීය.
පසුගිය කාලයේ ලිට්රෝ ගෑස් සමාගමේ සහ විවිධ ආයතනවලින් වරදාන වරප්‍රසාද ලබාගත් විවිධ පාර්ශවයන් පිලිබදව හෙලිදරව් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර මහතා පවසයි.
මේ අතර පුජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගමෙන් ලබා දුන් මුදලට අදාල රිසිට්පත ලිට්රෝ ගෑස් සමාගමේ මුල්‍ය පාලක විවෘත අධිකරණයේදී හදුනා ගනු ලැබිය. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු වන ගාමිණි සෙනරත් මහතා ඇතුඵ 4 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විමසීම ඊයේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී ආරම්භ වු අවස්ථාවේදී එම හදුනා ගැනීම සිදුවිය. නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 7 වැනිදාට කල් තැබුණි.

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවරට පැරණි මෝටර් රථ ඇතුඵ වීම තහනම් කෙරේ

වායු දුෂණය අඩු කිරීමේ අරමුණින් ස්පාඤ්ඤ්යේ මැඩ්රිඩ් අගනුවර පැරණි මෝටර් රථ ධාවනය තහනම් කිරීමට තීරණය කෙරේ.  මේ යටතේ වායු දුෂණය සියයට 40 කින් අඩු කිරීම අපෙක්ෂාවයි.  නගරයට ඇතුඵ වීමට පෙර මෝටර් රථ විශේෂ පරිීක්ෂාවකට ද ලක් කෙරේ.  අදාල නීති මාලා කඩ කරන රියදුරන්ට ඩොලර් 80 ක දඩයක් ගෙවීමට සිදු වෙයි.  නගරය තුල පාපැදි ධාවනය වැඩි කිරීමේ අටියෙන් වාහන සදහා නව නීති මාලා හදුන්වා දී ඇත.  මැඩ්රිඩ් නගර කවුන්සිලය එය ක්‍රියාත්මක කරයි.  ඊයේ ක්‍රියාත්මක වු මෙම නව නීතිය හේතුවෙන් නගරයට ඇතුඵ වීමට උත්සාහ කළ පැරණි මෝටර් රථ සියයට 20 ක් පමණ අඩු කිරීමට හැකිවී තිබේ.  දෙමුහුන් වර්ගයේ මෝටර් රථ පරිසරකාමි ලෙස සදහන් නම් ඒවාට ඇතුඵ විය හැකිය.

ශ්‍රව්‍යාබාධිත 20 යි 20 ලෝක කුසලානය ශ්‍රිී ලංකාවට

ඕවර් 20 යි 20 ශ්‍රව්‍යාබාධිත ලෝක ක්‍රිකට් කුසලානය ජය ගැනීමට ශ්‍රීි ලංකාව සමත් වෙයි.  ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති අවසන් තරගයේ දී සත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ලකුණු 36 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රිී ලංකාව සමත් විය.

වයස අවුරුදු 11 න් පහල අන්තර් පාසල් බැඩ්මින්ටන් තරගාවලිය කුරුණැගලදී

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන වයස අවුරුදු 11 න් පහල අන්තර් පාසල් බැඩ්මින්ටන් තරගාවලිය කුරුණැගල බෝයගනේ යුද හමුදා ගෘහස්ථ ක්‍රිඩාගාරයේදී සහ වෙලේගෙදර ක්‍රිඩාංගනයේ ගෘහස්ථ ක්‍රිඩාගාරයේ අද සිට දෙසැම්බර් පළමුවැනිදා දක්වා පැවැත්වේ. තරගාවලිය සදහා දිවයිනපුරා පාසල් 120 ක් නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 1400 කට අධික පිරිසක් සහභාගී වෙති.

වැඩි කාර්යක්‍ෂ්මතාවයකින් හම්බන්තොට වරායේ භාණ්ඩ හැසරවීමේ සිදුකරයි

හම්බන්තොට වරායේ මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ අරමුණින් හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝට් ගෲප් සමාගම අමෙරිකානු ඩොලර් ලක්‍ෂ 6 ක අයෝජනයක් සිදුකරයි. එමගින් නව යන්ත්‍ර කිහිපයක් සහ භාණ්ඩ ගෙඩබෑමේදී එසවීමේ ආම්පන්න මිලදී ගෙන ඇත.

ග්ලෝවිස් සෙන්චරි නෞකාවේ මෙහෙයුම් සදහා නිල වශයෙන් එම උපකරණ යොදා ගන්නා ලදී. නව යන්ත්‍රෝපකරණ මගින් භාණ්ඩ හැසරවීමේ කාර්යක්‍ෂ්මතාව වැඩිදියුණු කිරීමට හැකිවන බව හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝට් ගෲප් සමාගම පවසයි.

කාම්බෝජ අගමැතිවරයා නේපාලයේ සංචාරයක

කාම්බෝජියා අග්‍රාමාත්‍ය හුන් සෙන් මහතා සහ මියන්මාරයේ අවුන්සාන් සුකී මහත්මිය අද නේපාලයේ සංචාරයක් ආරම්භ කළහ. නේපාල අග්‍රාමාත්‍ය ශර්මා ඔලි මහතාගේ ආරාධනයක් අනුව සංචාරය සිදුවෙයි.

කාම්බෝජියා අගමැතිවරයෙකු නේපාලයේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි. සිය රටවලට අදාළ ද්විපාර්ශවික කරුණු සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කරනු ඇත.

දේශපාලනඥයන් සියඵදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට බැදි සිටින බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා පවසයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවස්ථා දහයකදී අගමැති ධුරය භාරගන්නා ලෙස තමාට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා කියයි. පාර්ලිමේන්තු සංකිර්ණයේ අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සදහන් කළේය.

සුබසාධණ ආර්ථිකයක් මගින් රටේ ජනජීවිතය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය. දේශපාලනඥයන් සියඵ දෙනා නීතියේ ආදිපත්‍ය සහතික කිරීමට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට බැදී සිටින බව මන්ත්‍රිවරයා සදහන් කළේය.

රාජ්‍ය සේවකයන් අකර්මන්‍ය කිරීමට විපක්‍ෂය ක්‍රියාකළත් එය සිදු නොවන බවට ඇමති විමල් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක්

අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කලේ නීති රීති හා චක්‍රලේඛ නොතකා ඉදිරියේදී කටයුතු කරන බවට එක්සත් ජාතික පක්ෂ නායකයින් සිදුකර ඇති ප්‍රකාශ ගැටඵ සහගත බවයි.

කෙසේ වුවද බදු සහන ලබාදෙමින් ආර්ථිකය ශක්තිමත් කරමින් ආණ්ඩුව ඉදිරියට රැගෙන යන බව හෙතෙම පැවසීය. රාජ්‍ය සේවයකයින් අකර්ම්‍ය කිරීමට විපක්ෂය ක්‍රියා කළත් එය සිදු නොවන බව ඇමතිවරයා අවධාරණය කළේය

අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීම අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ස්ථාවර නියෝගවලට සහ සම්ප්‍රදායන්ට පටහැනියි - ඇමති දයාසිරි ජයසේකර

බහුතර කණ්ඩායමකගේ විශ්වාසය දිනාගත හැකි පුද්ගලයා අගමැති ලෙස පත්කිරීමට ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන පරිදි ජනාධිපතිතුමා මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරයේ පුරප්පාඩුවක් නොපවතින බව පවසන ඇමතිවරයා අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ස්ථාවර නියෝගවලට හා සම්ප්‍රදායන්ට පටහැනිවුවක් බවද සදහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව මුදල් පණතක් ඉදිරිපත් කළහැක්කේ කැබිනට් අමාත්‍යවරුන්ට පමණි. අද දින අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂ කපා දැමීම සදහා යෝජනාවක් සම්මත වු බවට විපක්‍ෂය කරන ප්‍රකාශවල කිසිදු පදනමක් නැත. රාජ්‍ය නිලධාරීන් බියවැද්දීම සදහා විපක්‍ෂය එවැනි ක්‍රියාවල නිරත වෙයි.

මාධ්‍ය සංදර්ශනවලින් ජනතාව අපහසුතාවට පත්කිරීමේ උත්සාහයක විපක්‍ෂය නිරතව සිටින බවද අමාත්‍යවරයා චෝදනා කරයි. විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ට මුදල් පණත් ඉදිරිපත් කිරීමට හෝ වැය ශීර්ෂ කපා දැමීමට යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැත ඒ අනුව අද දිනයේ විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී ගත්තේ මීට පෙර අවස්ථාවලදී මෙන් ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීම සදහා උත්සාහයක් බව දයාසිරි ජයසේකර ඇමතිවරයා කියයි. මෙවැනි ක්‍රියාකාරකම්වලින් රජයේ හෝ මහජනතාව අපහසුතාවට පත්කිරීමට නොහැකි බව පවසන අමාත්‍යවරයා රජය නිත්‍යානුකුලව මහජන සුබසිද්ධියට අදාළවන කටයුතුවල නිරතව සිටින බවද සදහන් කරයි.

ඛණිජ තෙල් අලෙවි කිරීමේදී පවතින මිල විෂමතා ඉවත් කිරීමට සාකච්ඡා

ඛණිජ තෙල් අලෙවි කිරීමේදී පවතින මිල විෂමතා ඉවත් කිරීමට අදාළ අංශ සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇමති ගාමිණි ලොකුගේ මහතාට උපදෙස් දෙයි. ඉන්දියානු තෙල් සමාගමට අයත් ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සමග අගමැති කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා එම උපදෙස් දුන්නේය.

ලංකා ඛණීජතෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල්වල විකුණුම් මිල හා ඉන්දීය තෙල් සමාගම පිරවුම්හල්වල විකුණුම් මිල සමාන මට්ටමකට ගෙනඑන්නැයි බෙදුම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයෝ එහිදී ඉල්ලා සිටියහ. සංස්ථා පිරවුම්හල්වල අලෙවි මිලට වඩා ඉන්දීය තෙල් සමාගමේ පිරවුම්හල්වල අලෙවි මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම නිසා තමන්ට විශාල පාඩුවක් සිදුවන බව ඔව්හු පෙන්වා දුන්නහ.

වතු කම්කරුවන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් අගමැතිගෙන් දෙපාර්ශවයට උපදෙස්

දෙනික වැටුප වැඩි කර ගැනීම සඳහා  වතු කම්කරුවන් ගෙන යන අරගලය සම්බන්ධයෙන් සාකච්ඡාවට තීරණයක් ගෙන ලබන මස 03 වෙනිදා තමන්ට දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වතු කම්කරු සංගම් නියෝජිතයන් ට සහ වතු හාම්පුතුන්ට දැනුම් දී ඇත.

වතු කම්කරුවන් බලාපොරොත්තු වන වැටුප සහ හාම්පුතුන් විසින් ලබා දීමට අපේක්ෂා කරන වැටුප පිලිබදව සාකච්ඡාවෙන් තීරණයක් ලැබිය යුතුව ඇත.

අද (29) අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී මෙම ගැටළුව සම්බන්ධ‍යෙන් පැවති  සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත.

ලෝක ශුරතා නෙට්බෝල් තරගාවලිය ඉලක්ක කර ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතය තෝරා ගැනීම ජනවාරි මාසයේ

ලෝක ශුරතා නෙට්බෝල් තරගාවලිය ඉලක්ක කර ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතය තෝරා ගැනීම ලබන ජනවාරි මාසයේ අරඹන බව ශ්‍රී ලංකා නෙට්බෝල් පුහුණුකාරිනි තිලකා ජිනදාස මෙනවිය කියයි. දිවයිනපුරා සිටින උස ක්‍රිඩිකාවන්ට එහිදී අවස්ථාව හිමිවෙයි. මිලග ලෝක ශුරතා නෙට්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ හාඳම කණ්ඩායම් දහය අතරට එක්කිරීම ඉලක්කය බවද ඇය සදහන් කරයි. ලෝක ශුරතා තරගාවලිය පෙර අප්‍රිකානු හා යුරෝපිය තරග සංචාර දෙකකට ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම සහභාගි කරවීමට ද සැලසුම් කර තිබේ. ලෝක ශුරතා නෙට්බෝල් තරගාවලිය ලබන වසරේ ජුලි මාසයේ එංගලන්තයේ ලිවර්පුල් හිදී පැවැත්වෙයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ . නෙදර්ලන්ත හා ඔස්ට්‍රෙිලියානු කණ්ඩායම් සමග තරග වදිනු ඇත.

පාර්ලිමේන්තුවේ අද දින රැස්වීම නීති විරෝධි හා ව්‍යවස්ථාවට පටහැනි නිසා ඊට සහභාගි නොවු බවට සභානායකවරයාගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව අද දින රැස්වීම නීති විරෝධි හා ව්‍යවස්ථාවට පටහැනි නිසා ඊට සහභාගි නොවු බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. අධිකරණයේ විනිශ්චයට භාජනය වන කරුණක් පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ නොහැකිය. එය සැම කථානායකවරයෙකුම ආරක්ෂා කළ සම්ප්‍රදායකි. වර්තමානයේදී එය උල්ලංගනය කර තිබේ. මුදල් පනතක් හෝ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැක්කේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ඇමතිවරයෙකුට පමණි. එහෙත්. අද එය උල්ලංගනය කර ඇත. එය ස්ථාවර නියෝගවලට ද පටහැනය. අද පැවති පක්ෂ නායක රැස්වීම ද නිතයානුකුල නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තේරීම් කාරක සභාව පත්කිරීමේදී ආණ්ඩුවට බහුතරය ලබා නොදීමට කථානායකවරයා ක්‍රියාකළ බව පැවසීය. තේරීම් කාරක සභාව පත්කිරීමෙන් පසු පත්කළ යුතු පක්ෂ නායක කමිටුව ද පත්කර නැත.
අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අදහස් දක්වමින් පැවසුවේ දේශපාලන න්‍යාය පත්‍රයක් පදනම් කර ගනිමින් පෙර පැවති ආණ්ඩුව නැවත ගෙනඒමට කථානායකවරයා කටයුතු කරන බවයි.
අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කලේ නීති රීති හා චක්‍රලේඛ නොතකා ඉදිරියේදී කටයුතු කරන බවට එක්සත් ජාතික පක්ෂ නායකයින් සිදුකර ඇති ප්‍රකාශ ගැටඵ සහගත බවයි. කෙසේ වුවද බදු සහන ලබාදෙමින් ආර්ථිකය ශක්තිමත් කරමින් ආණ්ඩුව ඉදිරියට රැගෙන යන බව හෙතෙම පැවසීය. රාජ්‍ය සේවයකයින් අකර්ම්‍ය කිරීමට විපක්ෂය ක්‍රියා කළත් එය සිදු නොවන බව ඇමතිවරයා අවධාරණය කළේය.

තමන්ට පාර්ලිමේන්තුවේ 122 ක බහුතරයක් ඇති බවට විපක්ෂ කණ්ඩායම් කරන ප්‍රකාශය පිළිබඳව ඇමති දයාසිරි ජයසේකර මහතා කරුණු පැහැදිලි කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා විවාදයට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත්විය යුතු බව පැවසීය. ඔහුට එහි නිතයානුකුලව සිටිය නොහැකිය. ඔහු එහි රැදි සිටිමේ වියදම ජනතාවට දැරීමට සිදුවී ඇතැයි මන්ත්‍රිවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ එහිදී පැවසුවේ ජනාධිපතිතුමාට බැණ වැදීමෙන් මෙම ගැටඵව විසදාගත නොහැකි බවයි. ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ඒකමතිකභාවයක් තිබිය යුතුය.

විවාදය තවදුරටත් පැවැත්වේ. අද දිනයේද පාර්ලිමේන්තු සැසිවාරයට ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හැර ආණ්ඩු පක්ෂයේ කිසිවෙකු හෝ සහභාගි වුයේ නැත. පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.30 ට යලි රැස්වෙයි.

ජනාධිපතිතුමා සමග සාකච්ඡා කිරීමේ අපහසුතාවක් නැතැයි පවසන කථානායකවරයා ප්‍රශ්නය විසදා ගැනීමට සෑම උත්සාහයක්ම නොපමාව ගන්නා බව ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුව කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්විය. එහිදී ප්‍රකාශයක් කළ ඇමති විජයදාස රාජපක්ෂ මහතා වත්මන් දේශපාලන අස්ථාවරත්වය තුළ ජයක් ලබන දේශපාලනඥයෙකු හෝ දේශපාලන පක්ෂයක් නැතැයි පෙන්වා දුන්නේය. ජනාධිපතිතුමා සමග සාකච්ඡා කර මෙම ගැටඵවට කඩිනම් විසදුමක් ලබා ගැනීමට ඉදිරිපත් වන්නැයි ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

මේ පිළිබඳව පුර්ණ අවධානය යොමුකර ජනාධිපතිතුමා සමග සාකච්ඡා කර කඩිනමින් විසදා ගැනීමට උත්සාහ දරන බව කථානායක කරු ජයසුරිය මහතා එහිදී පැවසීය. ජනාධිපතිතුමා හා තමා අතර සාකච්ඡා පැවැත්වීමට අපහසුතාවක් නොමැති බවත් අන්‍යෙන්‍ය විශ්වාසය ඇති බවත් ඔහු කීවේය. මෙම ප්‍රශ්නය විසදා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම නොපමාව ගන්නා බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය බවත් කථානායකවරයා පැවසීය.
පසුගිය 14 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ ඇතිවු තත්ත්වය පිළිබඳව පොලිසිය දැන් විමර්ෂණයක් ආරම්භ කර ඇතැයි කථානායක කරු ජයසුරිය මහතා පැවසීය. ඊට අමතරව අභ්‍යන්තර විමර්ෂණයක් සදහා නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සහභාපතිත්වයෙන් කමිටුවක් පත්කර තිබේ. ඇමති චමල් රාජපක්ෂ මහතා ද රංජිත් මද්දුමබණ්ඩාර. චන්ද්‍රසිරි ගජධිර. බිමල් රත්නායක හා මාවේ සේනාධිරාජා යන මන්ත්‍රිවරුන්ද සෙසු සාමාජිකයෝ වෙති.
රාජ්‍ය මුදල් වැය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයට යෝජනා ඉදිරිපත් කළ නොහැකි බව ආණ්ඩු පක්ෂය අද තමන්ට දැනුම්දුන් බව පැවසු කථානායකවරයා එම අදහස පිළිගත නොහැකි බව ඔවුන්ට දැනුම්දුන් බවද සදහන් කළේය

නැගී එන කණ්ඩායම සදහා වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන මස 6 වැනිදා ඇරඹේ

නැගී එන කණ්ඩායම් සදහා වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2018 ලබන මස 6 වැනිදා ආරම්භ වෙයි. ශ්‍රිී ලංකාව සහ පකිස්ථානය තරගාවලියේ සත්කාරකත්වය දරයි. ඒ කාණ්ඩයේ තරග ශ්‍රිී ලංකාවේදී පැවැත්වෙන අතර බී කාණ්ඩයේ තරග පකිස්ථානයේදී පැවැත්වේ. කණ්ඩායම් 8 ක් තරගාවලිය සදහා සහභාගි වෙති. ශ්‍රිී ලංකාව . ඉන්දියාව . ඇෆ්ගනිස්ථානය සහ ඕමානය . ඒ කාණ්ඩය යටත් තරග වදිී. පකිස්ථානය . බංග්ලාදේශය . එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං බී කාණ්ඩය යටතේ තරග වදින රටවල් වෙයි.

අන්තර් ක්‍රිඩා සමාජ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ලබන සෙනසුරාදා

අන්තර් ක්‍රිඩා සමාජ ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන එෆ්.ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගය කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි ලබන සෙනසුරාදා පැවැත්වෙ.් යුදහමුදාව සහ සෝන්ඩර්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටි. මෙය දිවා රාත්‍රි තරගයකි.

පකිස්ථානයේ පැවැත්වෙන සාර්ක් සමුඵවකට සහභාගි නොවන බව ඉන්දියාව පවසයි

පකිස්ථානයේ පැවැත්වෙන සාර්ක් සමුඵව සදහා සහභාගි නොවීමට ඉන්දියාව තීරණය කරයි. ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය ප්‍රකාශ කළේ එම සමුඵවට සහභාගි වීම ඵල රහිත ක්‍රියාවක් බවයි. ඉන්දියාව සහ පකිස්ථානය අතර මතුව තිබෙන මතභේදය ඊට හේතුවයි. කෙසේ වෙතත් පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කළේ හැකි ඉක්මණින් සාර්ක් සමුඵ්ව සාර්ථකව පැවැත්වීමට කටයුතු කරන බවයි.

ජෝර්ජියාවේ ජනාධිපතිධූරයට කාන්තාවක් පත්වන ලකුණු

ජෝර්ජියාවේ ජනාධිපති ධුරයට සලෝමේ සුරාබික්විලි මහත්මිය පත්වනු ඇතැයි පුර්ව මැතිවරණ වාර්තා අනාවරණ කරයි. නිල නොවන ජනාධිපතිවරණ ගහණය කිරිම් වලට අනුව සියයට 55 ක බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ඇයගේ පක්ෂය මෙවර ජෝර්ජියාවේ බලය පිහිටවනු ඇතැයි වාර්තා ෙව්. හිටපු ජනාධිපති මිකෙයිල් සකස්විලි මහතාගේ පක්ෂය ඇය නියෝජනය කරයි රුසියාව සහ බටහිර රටවල් අතර ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබූඳතා පවත්වාගෙන යමින් රට පාලනය කිරිම තම අරමුණ බව ජනාධිපතිවරණයට පෙර සලෝමේ සුරාබික්විලි මහත්මිය පවසයි .

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමතුන්ට අදාල කඩඉම් ලකුණු ලබන මස 20 වැනිදාට පෙර නිකුත් කෙරේ

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට ජනප්‍රිය පාසල් ලබාදිමට අදාල කඩඉම් ලකුණුලබන මස 20 වැනිදාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා පවසයි. 6 ශ්‍රේණිය සදහා සිසුන් ඇතුලත් කර ගැනීම ජනවාරි 15 වැනිදාට පෙර සිදු කිරීම ඉලක්කයයි. ජනප්‍රිය පාසල් ලබා ගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යංශයට ලැබී ඇති අයදුම්පත් පරිගණක ගතකිරීම මේ දිනවල සිදු වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බලතල ලබාගැනිමට කුමන්ත්‍රණය කළේ ජනාධිපතිතුමා සිය ධුරයට පත්විමටත් පෙර බව ජනමාධ්‍ය ඇමතිවරයා හෙලි කරයි.

2015 ජනාධිපතිවරණයට පෙර සිටම බලතල තමන් සතු කරගැනිම සදහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය උත්සහ කළ බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. වික්‍රමසිංහ මහතාගේ එම බල අරගලය රටේ අර්බුද රැසකට හේතුව බව ඔහු සදහන් කළේ අමාත්‍යං මණ්ඩල තිරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. 
ජනාධිපතිතුමාගේ බලයට අභියෝග කිරිමට පාර්ලිමේන්තුවට නොහැකි බවත් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද රැස්වී තීරණය කරන බවත් අමාත්‍යවරයා පවසයි