Wed11142018

Last updateWed, 14 Nov 2018 10am

World News

නවදිල්ලි අගනුවර දීපාවාලි දිනයේ ගිනිකෙළි භාවිත කළ දසදෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දි දීපාවාලි දිනයේ ගිනිකෙළි භාවිත කළ දසදෙනෙක් අත්අඩංගුවට ගැනෙති. ආරක්ෂක අංශ පැවසුවේ ඔවුන් අනවසරයෙන් රතිඤ්ඤා ඇතුඵ ගිනිකෙළි භාවිත කර ඇති බවයි.

දිල්ලි නගරයේ වායු දුෂණය ඉතාමත් ඉහළ මට්ටමක පවති. එමනිසා පසුගිය දින කිහිපයේ පැවති උත්සව වලදි ගිනිකෙළි භාවිතය අවම කිරිමට බලධාරිහු ක්‍රියා කළහ. අධිකරණය මගින් ඒ සදහා පැය දෙකක කාලයක් පමණක් ලබා දි තිබිණි .

එම කාලසීමාව ඉක්මවා ගිනිකෙළි භාවිත කළ පුද්ගලයෝ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබුහ .

රුසියානු අමෙරිකානු ජනාධිපතිවරුන් අතර හමුවක් ලබන ඉරිදා

රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් හා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන මහත්වරුන් අතර හමුවක් ලබන ඉරිදා පැවැත්වෙන බව ක්‍රෙම්ලීනය සදහන් කරයි. ප්‍රංශයේ පැරිස් අගනුවර එලීසේ මාළිගයේදී එම හමුව සිදුවනු ඇත. මේ මස අගදී ආජන්ටිනාවේ පැවැත්වෙන ජී 20 රටවල නායක හමුවේදී අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් දිර්ග වශයෙන් සාකච්ඡා කිරිමට නියමිතයි.

ගාසා තීරයට යලිත් ඊශ්‍රායල් ප්‍රහාර

ගාසා තීරයට එල්ල කළ ඊශ්‍රායල් ප්‍රහාර තුනකින් පලස්තීන වැසියෝ දහස් ගණනක් තුවාල ලබති.  සංඛ්‍යා ලේඛනවලට අනුව 16 දහසකට අධික පිරිසක් ගාසා තීරයේ රැදි සිට තිබේ.  මියගිය 04 දෙනෙකුගේ සිරුරු හමුවී ඇතැයි පලස්තීනය කියයි.  බෝම්බ සහ රොකට් ප්‍රහාර රැසක් ඊශ්‍රායල හමුදාවෙන් එල්ලවී ඇත.

ජපානයේ සියදිවි නසා ගැනීමේ අනුපාතය ඉහලට

ජපානයේ සියදිවි නසාගැනිමේ අනුපාතය තිස් වසරකට පසු ඉහළම අගය වාර්තා කරයි. ඒ අතරින් ජපානයේ තරුණ තරුණියන් සියදිවි නසා ගැනිමට යොමුවන අනුපාතය ඉතාම ඉහළ අගයක පවති.

ජපාන අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක මේ පිළිබඳව කරුණු ඇතුළත් වෙ. 2016 වසරේදී සියදිවි නසාගෙන ඇති පාසල් සිසුන් සංඛ්‍යාව 250කි. අධ්‍යාපනයේදි මුහුණ දිමට සිදුවන ආතතිය මීට ප්‍රධාන හේතුවක් බව දත්ත වාර්තා සනාථ කරයි. 2017 වසරේ ජපානයේ වාර්තාවන සමස්ත සියදිවි නසාගැනිමේ වාර්තාව විසිඑක්දහසකි

නීති විරෝධි සංක්‍රමණිකයන් රැගෙනඑන සංවිධානවලට එරෙහිව දැඩි පියවර ගැනීමට ඇමෙරිකාව සැරසෙයි

මධ්‍යම ඇමෙරිකාවේ සිට නීති විරෝධි සංක්‍රමණිකයන් ඇමෙරිකා එක්සත් ජනපදයට රැගෙනඑන අපරාධකාරි සංවිධානවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඇමෙරිකානු අභ්‍යන්තර ආරක්ෂක ලේකම් කර්ස්ටන් නීල්සන් පවසයි.  මෙක්සිකෝව. ගෝතමාලාව. හොන්ඩුරාසය සහ සැල්වදොරය යන මධ්‍යම ඇමෙරිකානු රටවල විදේශ අමාත්‍යවරුන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව අවධාරණය කළේය.  ඇමෙරිකාවට පැමිණි නීති විරෝධි සංක්‍රමණික පවුල්වලින් ඈත් කරන ලද  දරුවන් යලි ඔවුන්ට ලබාදිමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කරන බවද හෙතෙම අවධාරණය කළේය.

Subcategories