Fri11162018

Last updateWed, 14 Nov 2018 6pm

World News

ගෝතමාලාවේ ගිනිකදු පිපිරීමෙන් අතුරුදන්වූ සංඛ්‍යාව හැට දෙක ඉක්මවයි

ග්වාතමාලාවේ ෆියුගෝ ගිනිකන්ද සක්‍රිය වීමෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ. මේ වන විට අතුරුදන් වූ පුද්ගලයින් හැට දෙදෙනෙකු පිලිබද තොරතුරු වාර්තා වන බව විදෙස් පුවත් වාර්තා කරයි. ෆියුගෝ ප්‍රදේශයේ ජිවත් වූ සියඵ ජනතාව සිය නිවාස අතහැර තාවකාලික කදවුරු කරා යොමු කරනු ලැබ සිටිති. ගිනි කන්ද පිපිරී අඩි තිස් තුන් දහසක් උඩට දුවිලි සහ අඵ පුපුරා ගොස් තිබේ. ඒ සමග පිටවන විෂ වායු හේතුවෙන් අවට මුදා ගැනීමේ මෙහෙයුම් අසීරු වී ඇතැයි රජයේ බලදාරීහූ පවසති.

කාම්බෝජයේ දුප්පත් මව්වරුන් සදහා එරට අගමැතිවරයා සහන වැඩසටහනක් හදුන්වා දෙයි

කාම්බෝජයේ දුගීබවින් පීඩා විදින මව්වරුන් සදහා එරට අගමැති සම්දෙච් ටෙකෝ හුන් සෙන් මහතා ඇමරිකානු ඩොලර් මිලියන ගණනාවක සහන වැඩසටහනක් හදුන්වා දෙයි.  එය ලබන වසරේ මැද සිට ක්‍රියාත්මක බව අගමැතිවරයා අද නිවේදනය කළේය.  එරට ජාතික විීරවරුන්ගේ දිනය වෙනුවෙන් අද පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසිය.  මේ යටතේ දරු ප්‍රසුතියට පෙර එවැනි මවක සදහා ඇමරිකානු ඩොලර් 40 ක් ද දරු උපතේ දී ඇමරිකානු ඩොලර් 50 ක් ද දරු උපතින් පසු ඇමරිකානු ඩොලර් 100 ක් ද වශයෙන් මුදල් ලබා දෙන බව අගමැතිවරයා පැවසිය.   ළමා හා මාතෘ මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බව අගමැතිවරයා සදහන් කරයි.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් රටේ අභ්‍යන්තරයට මැදිහත්වීම පිලිපීන ජනපති හෙළා දකී

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානීන් සිය රටේ අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය පරිදි මැදිහත්වීම සම්බන්ධයෙන් පිලිපීන ජනාධිපති රොඩ්‍රගෝ ඳාුතර්තේ මහතා සිය දැඩි අප්‍රසාදය පල කරයි. පිලිපීනයේ අධිකරණ පද්ධතිය තර්ජනයකට ලක්ව ඇති බවට එක්සත් ජාතීන්ගේ අධිකරණ කටයුතු සම්බන්ධ විශේෂ නියෝජිත ඩියේගෝ ගේෂියා සයන් ඉකුත් සිකුරාදා විශේෂ ප්‍රකාශයක් කළේය. හෙට සිට ආරම්භ වන දකුණු කොරියානු සංචාරය සඳහා පිටත් යාමට පෙර ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ තම රටේ කටයුතුවලට අත පෙවීමට බාහිර පාර්ශ්වයන්ට කිසිදු ඉඩක් නොමැති බවයි. ඒ අතර ආරක්ෂක . හමුදා හා වෙළඳ යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් දුතර්තේ මහතා දකුණු කොරියානු ජනාධිපති මුන් ජායි ඉන් සමග සාකච්ඡා පවත්වයි.

ඉන්දීය අගමැති හා ඇමරිකානු ආරක්ෂක ලේකම් අතර හමුවක් සිංගප්පූරුවේදී

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් සිංගප්පූරුවේදී හමුවී සාකච්ඡා කළ බව ඇමරිකානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. සිංගප්පූරුවේ පැවැත්වෙන ආරක්ෂාව පිළිබඳ 17 වෙනි ආසියානු සමුඑවට සමගාමීව මෙම හමුව සිදුවී තිබේ. දෙරට අතර උපාය මාර්ගික සහයෝගීතාව වර්ධනය කරගැනීම සහ කලාපයේ සාමය සහ ස්ථාවරත්වය රැකගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමුවූ බව ඇමරිකානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඉතාලියට නව සන්ධාන රජයක්

ඉතාලිය සදහා සන්ධාන රජයක් ස්ථාපිත කෙරේ. . මෙමගින් එරට මාස කිහිපයක් පුරා පැවති අස්ථාවර භාවයට පිළියම් යෙදෙනු ඇත. අගමැතිවරයා ලෙස නම් කර ඇති ගුසෙප් කොන්ටෙ මහතා ඇමතිවරුන්ගේ නාමලේඛණය ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා මහතාට දෙවන වරටත් භාර දි තිබෙ.්  ඒ අනුව නව ඇමති මණ්ඩලය අද දිවුරුම්දිමට  නියමිතයි

Subcategories