Sat02162019

Last updateThu, 14 Feb 2019 9am

World News

ඉන්දියාව. ඇතුඵ රටවල් හතරක සහභාගිත්වයෙන් පැවැත්වෙන සාකච්ඡා සිංගප්පුරුවේදිී

ඔස්ට්‍රෙිලියාව. ඉන්දියාව. ජපානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එක්ව පැවැත්වෙන සිව් පාර්ශ්වීය සාකච්ඡා සිංගප්පුරුවේදි ලබන බදාදා පැවැත්වේ.

අග්නිදිග ආසියානු සමුඵවට සමගාමිව පැවැත්වෙන එම සාකච්ඡා සදහා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහභාගිවීමට නියමිතයි. එහිදී රටවල් අතර යටිතල පහසුකම් ව්‍යාපෘති. සමුද්‍රිය ආරක්ෂාව මෙන්ම කලාපයේ රටවල් මුහුණදී ඇති අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි

කැලිෆෝනියාවේ ලැවිගින්නෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළ

 

කැලිෆෝනියාවේ ලැවිගින්නෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළ යයි. 200 කට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව සිටිති. උතුරුදිග ආරක්ෂක කදවුරු දක්වා ද ඊයේ රාත්‍රියේ ගින්න ව්‍යාප්ත වී තිබේ. එම කදවුරුවල රදවනු ලැබ සිටි පුද්ගලයෝ 06දෙනෙක් ද ගින්නෙන් ජිවිතක්ෂයට පත්වුහ .

1933 වසරේ ඇති වු ලොස්ඇන්ජලිස් ග්‍රිපිත් පාර්ක් ලැව්ගින්නෙන් පසු අමෙරිකාවෙන් වාර්තා වන දරුණුතම ලැව්ගින්න මෙය බව ධවල මන්දිරය පවසයි. මේ වනවිට දෙලක්ෂ පනස්දහසකට අධික පිරිසක් කැලිෆෝනියාවෙන් ඉවත් කරනු ලැබ සිටිති.

නවදිල්ලි අගනුවර දීපාවාලි දිනයේ ගිනිකෙළි භාවිත කළ දසදෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දි දීපාවාලි දිනයේ ගිනිකෙළි භාවිත කළ දසදෙනෙක් අත්අඩංගුවට ගැනෙති. ආරක්ෂක අංශ පැවසුවේ ඔවුන් අනවසරයෙන් රතිඤ්ඤා ඇතුඵ ගිනිකෙළි භාවිත කර ඇති බවයි.

දිල්ලි නගරයේ වායු දුෂණය ඉතාමත් ඉහළ මට්ටමක පවති. එමනිසා පසුගිය දින කිහිපයේ පැවති උත්සව වලදි ගිනිකෙළි භාවිතය අවම කිරිමට බලධාරිහු ක්‍රියා කළහ. අධිකරණය මගින් ඒ සදහා පැය දෙකක කාලයක් පමණක් ලබා දි තිබිණි .

එම කාලසීමාව ඉක්මවා ගිනිකෙළි භාවිත කළ පුද්ගලයෝ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබුහ .

ඇෆ්ගනිස්තාන රජය හා කැරළිකරුවන් අතර සාම සාකච්ඡා

ඇෆ්ගනිස්තාන රජය හා කැරළිකරුවන් අතර සාම සාකච්ඡා යළි පනගැන්වීම ඉලක්ක කර ජාත්‍යන්තර සමුඵවක් සංවිධාන කෙරේ. රුසියාවේ සත්කාරකත්වයෙන් මොස්කව් නගරයේදි සමුඵව ආරම්භ විය.

තලෙයිබාන් නියෝජිත පිරිසක්ද ඊට එක්ව සිටීම විශේෂත්වයකි. ඔවුන් එවැන්නකට සහභාගී වන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. එහෙත් තමන් සාකච්ඡා කරන්නේ එක්සත් ජනපදය සමග මිස ඇෆ්ගන් රජය සමග නොවන බව ඔව්හු සදහන් කරති.

රුසියානු අමෙරිකානු ජනාධිපතිවරුන් අතර හමුවක් ලබන ඉරිදා

රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් හා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන මහත්වරුන් අතර හමුවක් ලබන ඉරිදා පැවැත්වෙන බව ක්‍රෙම්ලීනය සදහන් කරයි. ප්‍රංශයේ පැරිස් අගනුවර එලීසේ මාළිගයේදී එම හමුව සිදුවනු ඇත. මේ මස අගදී ආජන්ටිනාවේ පැවැත්වෙන ජී 20 රටවල නායක හමුවේදී අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් දිර්ග වශයෙන් සාකච්ඡා කිරිමට නියමිතයි.

Subcategories