Tue01222019

Last updateFri, 18 Jan 2019 9am

SP Smart Slider New

World News

කැලිෆෝනියාවේ ලැවිගින්නෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළ

 

කැලිෆෝනියාවේ ලැවිගින්නෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළ යයි. 200 කට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව සිටිති. උතුරුදිග ආරක්ෂක කදවුරු දක්වා ද ඊයේ රාත්‍රියේ ගින්න ව්‍යාප්ත වී තිබේ. එම කදවුරුවල රදවනු ලැබ සිටි පුද්ගලයෝ 06දෙනෙක් ද ගින්නෙන් ජිවිතක්ෂයට පත්වුහ .

1933 වසරේ ඇති වු ලොස්ඇන්ජලිස් ග්‍රිපිත් පාර්ක් ලැව්ගින්නෙන් පසු අමෙරිකාවෙන් වාර්තා වන දරුණුතම ලැව්ගින්න මෙය බව ධවල මන්දිරය පවසයි. මේ වනවිට දෙලක්ෂ පනස්දහසකට අධික පිරිසක් කැලිෆෝනියාවෙන් ඉවත් කරනු ලැබ සිටිති.

ඇෆ්ගනිස්තාන රජය හා කැරළිකරුවන් අතර සාම සාකච්ඡා

ඇෆ්ගනිස්තාන රජය හා කැරළිකරුවන් අතර සාම සාකච්ඡා යළි පනගැන්වීම ඉලක්ක කර ජාත්‍යන්තර සමුඵවක් සංවිධාන කෙරේ. රුසියාවේ සත්කාරකත්වයෙන් මොස්කව් නගරයේදි සමුඵව ආරම්භ විය.

තලෙයිබාන් නියෝජිත පිරිසක්ද ඊට එක්ව සිටීම විශේෂත්වයකි. ඔවුන් එවැන්නකට සහභාගී වන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි. එහෙත් තමන් සාකච්ඡා කරන්නේ එක්සත් ජනපදය සමග මිස ඇෆ්ගන් රජය සමග නොවන බව ඔව්හු සදහන් කරති.

රුසියානු අමෙරිකානු ජනාධිපතිවරුන් අතර හමුවක් ලබන ඉරිදා

රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් හා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන මහත්වරුන් අතර හමුවක් ලබන ඉරිදා පැවැත්වෙන බව ක්‍රෙම්ලීනය සදහන් කරයි. ප්‍රංශයේ පැරිස් අගනුවර එලීසේ මාළිගයේදී එම හමුව සිදුවනු ඇත. මේ මස අගදී ආජන්ටිනාවේ පැවැත්වෙන ජී 20 රටවල නායක හමුවේදී අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් දිර්ග වශයෙන් සාකච්ඡා කිරිමට නියමිතයි.

නවදිල්ලි අගනුවර දීපාවාලි දිනයේ ගිනිකෙළි භාවිත කළ දසදෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දි දීපාවාලි දිනයේ ගිනිකෙළි භාවිත කළ දසදෙනෙක් අත්අඩංගුවට ගැනෙති. ආරක්ෂක අංශ පැවසුවේ ඔවුන් අනවසරයෙන් රතිඤ්ඤා ඇතුඵ ගිනිකෙළි භාවිත කර ඇති බවයි.

දිල්ලි නගරයේ වායු දුෂණය ඉතාමත් ඉහළ මට්ටමක පවති. එමනිසා පසුගිය දින කිහිපයේ පැවති උත්සව වලදි ගිනිකෙළි භාවිතය අවම කිරිමට බලධාරිහු ක්‍රියා කළහ. අධිකරණය මගින් ඒ සදහා පැය දෙකක කාලයක් පමණක් ලබා දි තිබිණි .

එම කාලසීමාව ඉක්මවා ගිනිකෙළි භාවිත කළ පුද්ගලයෝ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබුහ .

ජපානයේ සියදිවි නසා ගැනීමේ අනුපාතය ඉහලට

ජපානයේ සියදිවි නසාගැනිමේ අනුපාතය තිස් වසරකට පසු ඉහළම අගය වාර්තා කරයි. ඒ අතරින් ජපානයේ තරුණ තරුණියන් සියදිවි නසා ගැනිමට යොමුවන අනුපාතය ඉතාම ඉහළ අගයක පවති.

ජපාන අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක මේ පිළිබඳව කරුණු ඇතුළත් වෙ. 2016 වසරේදී සියදිවි නසාගෙන ඇති පාසල් සිසුන් සංඛ්‍යාව 250කි. අධ්‍යාපනයේදි මුහුණ දිමට සිදුවන ආතතිය මීට ප්‍රධාන හේතුවක් බව දත්ත වාර්තා සනාථ කරයි. 2017 වසරේ ජපානයේ වාර්තාවන සමස්ත සියදිවි නසාගැනිමේ වාර්තාව විසිඑක්දහසකි

Subcategories