Thu09202018

Last updateMon, 30 Jul 2018 10am

World News

ඇමෙරිකානු උතුරු කොරියානු නායක හමුව පැවැත්වෙන කාලසිමාවේදී සිංගප්පුරු ගුවන් කලාපයේ සීමාවක්

. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොං උන් යන මහත්වරුන් අතර හමුව පැවැත්වෙන කාලසිමාවේදී සිංගප්පුරු ගුවන් කලාපය සීමා කරන බව එරට ගුවන් සේවා බලධාරිහු පවසති.  ඒ අනුව ආසියාවේ කාර්ය බහුලතම ගුවන් තොටුපලක් වන වන්ගි ගුවන් තොටුපලේ ගුවන් ගමන් ප්‍රමාදයක් ඇතිවිය හැකිය.  ඇමෙරිකානු-උතුරු කොරියානු ඓතිහාසික නායක හමුව ලබන අගහරුවාදා සිංගප්පුරුවේ සෙන්තෝසා දුපතේදී පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ.  සිංගප්පුරුවේ රජය එම හමුව වෙනුවෙන් ආරක්ෂාව ද තරකර තිබේ.  මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශකර ඇත්තේ හමුව සාර්ථක වුවහොත් තමා උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට ඇරයුම් කරන බවයි.

සිංගප්පුරු සාකච්ඡා සාර්ථක වුවහොත් තමා උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට පැමිණෙන ලෙස ආරාධනා කරන බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි

සිංගප්පුරුවේ පැවැත්වීමට නියමිත සාකච්ඡා සාර්ථක වුවහොත් තමා උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් මහතාට ධවල මන්දිරයට පැමිණෙන ලෙස ආරාධනා කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.  ලබන 12 වැනිදා සිංගප්පුරුවේ පැවැත්වෙන එම සාකච්ඡා සම්බන්ධයෙන් ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඉරාන පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් - මගින් 116 දෙනෙකු සමග මියන්මාර හමුදා ගුවන් යානයක් අතුරුදන්

ඉරාන පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වෙයි. අවි ගත් පිරිසක් එම ප්‍රහාරය එල්ල කර තිබේ.  පාර්ලිමේන්තුව තුළ වෙඩි හුවමාරුවක හඩ ඇසුන බව ජනතාව පැවසුහ.  පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක නිලධාරියෙකු ඇතුඵ 12 දෙනෙක් සිද්ධියෙන් මරණයට පත්වී ඇතැයි අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි.. ටෙහෙරාන් අගනුවර පිහිටි අයතුල්ලා  කුමේනී සමාධියටද  වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.  එහිදී පස් දෙනෙක් තුවාල ලැබුහ.  ප්‍රහාරය සදහා පැමිණී එක් අයෙකු මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු වු අතර ඔහු සිය බෝම්බය පුපුරුවා ගෙන මරණයට පත්වී තිබේ.  තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබිණී. ප්‍රහාරයේ වගකීම අයි. එස්. කැරළිකරුවන් භාරගෙන තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරයා අවලංගු කල හමුව යලි පවත්වන ලෙස උතුරු කොරියානු නායකයාගෙන් ආයාචනයක්

දෙරටේ නායකයන් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවලංගු කළ පසු එය යළි පවත්වන්නැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් තමාට ආයාචනය කළ බව අමෙරිකානු ජනාධිපතිවරයාගේ නීතීඥ රුඩී ගිව්ලියානි පවසයි.  මෙම තත්වය හමුවේ මේ මස 12 වැනිදා දෙරටේ නායකයන් අතර ඵෙතිහාසික සාකච්ඡා සිංගප්පුරුවේ පැවැ්තවීමට අමෙරිකාවේ එකගත්වය පළ කළ බව ගියුලියානි පවසයි. 

මෙම සාකච්ඡාවල සාර්ථකත්වය පදනම් වන්නේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පෙන්නුම් කරන විනිවිදභාවය හමුවේය.  එය අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර උතුරු කොරියානු නායකයා දැනුවත් කළ බවද නීතීඥවරයා පවසයි.  දෙරටේ නායකයන්ගේ හමුවට පෙර පැවැති ඉහළ පෙලේ නිලධාරීන්ගේ හමුවලදී ඊශ්‍රායල පලස්තින ගැටුම් සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරිණ.

මැලේසියාවේ හිටපු අගමැති බිරිඳ වංචා දුෂණ විමර්ශන කොමිසම හමුවට

මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ බිරිඳ රොස්මා මන්සුර් මහත්මිය අද එරට වංචා දුෂණ වැලැක්වීමේ කොමිසම හමුවේ පෙනී සිටියාය.  ඩොලර් මිලියන 11 කට ආසන්න මුදලක් අගමැතිවරයාගේ පෞද්ගලික ගිණුමකට බැර වීම ඇතුඵ තවත් චෝදනා රැසක් සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කළ බව වාර්තාවේ.