Tue09182018

Last updateMon, 30 Jul 2018 10am

World News

ඊජිප්තු නව රජයේ අමාත්‍ය මණ්ඩලයට වැඩි කාන්තා නියෝජනයක්

ඊජිප්තු නව රජයේ අමාත්‍ය මණ්ඩලයේ කාන්තා නියෝජනය වැඩි විය හැකි බව එරට මාධ්‍ය පෙන්වා දෙයි. ජනාධිපති අස් සිසී දෙවෙනි වරටත් බලයට පැමිණීමෙන් පසු පැවති රජය විසුරුවා හැරිණි. ඒ අනුව නව රජයක් පිහිටුවන ලෙසට පසුගිය රජයේ නිවාස අමාත්‍ය ධුරය දැරූ මුස්තාෆා මැඩ්බුලී ට උපදෙස් ලැබිණි. අමාත්‍ය මණ්ඩලය 34 සිට 24 දක්වා අඩු කිරීම කෙරෙහිද අවධානය යොමු වී තිබේ.

උතුරු කොරියානු නායක හමුව සාමයට ඉතා හොද අවස්ථාවක් බව අමෙරිකානු ජනපති පවසයි

 

උතුරු කොරියානු නායකයාගේ හමුව සාමය සදහා ඉතා හොද අවස්ථාවක් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. නායක දෙපළ අතර සාකච්ඡා සිංගප්පුරුවේ දී ලබන අගහරුවාදා පැවැත්වේ. කැනඩාවේ පැවති ජී හත රටවල රාජ්‍ය නායක සමුථවට සහභාගීවීමෙන් පසු ට්‍රම්ප් මහතා සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා රැගත් ගුවන්යානය පියොන්යැන්ග් සිට සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබේ. ඔහු අද සිංගප්පුරුවට පැමිණෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සාකච්ඡා වෙනුවෙන් සිංගප්පුරුවේ ආරක්ෂාව තර කර තිබේ. සාකච්ඡා පැවැත්වෙන සෙන්තොසා දුපත විශේෂ කලාපයක් ලෙස අද සිට ලබන බ්‍රහස්පතින්දා දක්වා ක්‍රියාත්මක බව එරට රජය පවසයි. උතුරු කොරියානු නායකයා නතරවන හෝලටය අවට ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.
====
ලොව දුගීබවින් පීඩා විදින ගැහැණු ළමයින් සහ කාන්තාවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සදහා ඇමරිකානු ඩොලර් බිලියන තුනකට ආසන්න මුදලක් ලබා දීමට කැනඩාව අපේක්ෂා කරයි. ඒ සදහා ජී හත රටවල සහාය ලබා ගන්නා බව එරට රජය සදහන් කරයි. මෙමගින් ලොව පුරා අධ්‍යාපනය සදහා සැමට සම අයිතිවාසිකම් මෙන්ම ඉගෙනීමට අවස්ථාව ලබා දීමට හැකි වනු ඇතැයි කැනඩාව වැඩිදුරටත් සදහන් කරයි.
====
ඉතියෝපියානු අගමැති අබි අහමඩ් මහතා දෙදින සංචාරයක් සදහා අද ඊජිප්තුවට පැමිණෙයි. ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සිසි මහතා ඇතුථ එරටේ ඉහළ පෙළේ නියෝජිතයන් හමුවි්ී දෙරටට වැදගත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙතෙම අපේක්ෂා කරයි

මාලදිවයින් ජනාධිපතිවරණය සැප්තැම්බර් 23 වැනිදා

මාලදිවයින ජනාධිපතිවරණය මේ වසරේ සැප්තැම්බර් 23 වැනිදා පැවැත්වේ.  මාලදිවයින මැතිවරණ කොමිසම සදහන් කළේ එදින විශේෂ දිනයක් වශයෙන් රජය තහවුරු කර ඇති බවයි.  මේ සදහා නාමයෝජනා කැදවීම ලබන මස 15 වැනිදා සිට සිදු කෙරේ.  එම කොමිසම ඉකුත් මාසයේ සදහන් කළේ යම්කිසි අපරාධ හෝ ත්‍රස්තවාදි ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනා ඇති අයෙකු මෙම ජනාධිපතිවරණය සදහා සුදුසුකම් නොලබන බවයි

ඇමරිකානු උතුරු කොරියානු ඵෙතිහාසික නායක හමුව ලබන අගහරුවාදා සිංගප්පුරුවේ දී

 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හා උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් මහතා අතර ඵෙතිහාසික හමුව සිංගප්පුරුවේ සෙන්තෝසා දුපතේ සංචාරක හෝටලයකදිී ලබන අගහරුවාදා සිදු වෙයි. බලයේ සිටින ඇමරිකානු ජනාධිපතිවරයෙකු උතුරු කොරියානු නායකයෙකු හමු වු ප්‍රථම අවස්ථාව ලෙස ලෙස ඉතිහාසයට එක්වනු ඇත. දැන් කැනඩාවේ පැවැත්වෙන ජී 7 සමුඵ්වට සහභාගි වී සිටින ඇමරිකානු ජනාධිපතිවරයා අද සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතයි. උතුරු කොරියානු නායකයා හෙට සිංගප්පුරුවට පැමිණීමට නියමිතව තිබෙ.් මේ අතර මෙම නායක හමුව පැවැත්වෙන කාලසීමාවේ දී තම ගුවන් කලාපය සීමා කරන බව සිංගප්පුරු ගුවන් සේවා බලධාරීහු පවසති. ඒ අනුව ආසියාවේ කාර්ය බහුලතම ගුවන් තොටුපලක් වන වන්ගි ගුවන් තොටුපලේ ගුවන් ගමන්වල ප්‍රමාදයක් සිදුවිය හැකි බව දැනුම් දී තිබෙ.් සිංගප්පුරු රජය නායක හමුව සදහා ආරක්ෂාව ද තර කර ඇත.
====
ඇෆ්ගනිස්ථානයේ තලේබාන් කැරලිකරුවෝ රාමසාන් උත්සවය වෙනුවෙන් දින 3 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරති. එය ඇෆ්ගනිස්ථාන රජයේ හමුදා සදහා ක්‍රියාත්මක වන අතර විදේශිය හමුදාවලට එය අදාල නොවන බව කැරලිකරුවෝ පවසති. රාමසාන් සමයේ සියලු ප්‍රහාර අත්හිටුවන්නැයි කැරලි කණ්ඩායම තම සාමාජිකයන්ට දැනුම් දිී තිබේ. එහෙත් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඔවුහු පවසති. 2011 දී එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව තලේබාන් කැරලිකරුවන් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

චීන රුසියානු නායකයෝ හමුවී සහයෝගීතාව වර්ධනය කරගැනිමට සාකච්ඡා පවත්වති

ආර්ටික් කලාපයේ යටිතල පහසුකම්. ප්‍රවාහන. සහ බලශක්ති ආදී ක්‍ෂේත්‍රවල ඒකාබද්ධ සහයෝගීතාව වර්ධනය කරගැනිමට රුසියාව සහ චීනය සැලසුම් කරයි.   චීනයේ සංචාරයක නිරත රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් හා චීන නායක සි ෂිංපින්. අතර අද පැවැති ද්විපාර්ශවිය සාකච්ඡාවලින් අනතුරුව නිකුත් කර ඇති ඒකාබද්ධ ප්‍රකාශනයේ මේ බව සදහන් වෙයි.  ජාත්‍යන්තර නීතියට ගරු කිරීමටත් දෙරටේ  අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම මෙම සාකච්ඡාවලදී එකගතාවට පැමිණ තිබේ.  අග්‍රාමාත්‍ය ලී කැසියාන් ඇතුඵ චීන නායකයන් හමුවී සාකච්ඡා කිරිමට නියමිතයි.