Fri01182019

Last updateTue, 15 Jan 2019 8am

SP Smart Slider New

World News

කාලගුණ විපර්යාස වාර්තා පිලි නොගන්නා බව ඇමරිකානු ජනාධිපතිවරයා කියයි

ලෝක පාරිසරික විපර්යාස සම්බන්ධයෙන් ඇමරිකානු රජය ඉදිරිපත් කර ඇති නවතම වාර්තාව පිළිගත නොහැකි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කියයි. අනපේක්ෂිත ලෙස ගෝලීය උෂ්ණත්වය ඉහල යාම සම්බන්ධයෙන් පිළිගත නොහැකි දත්ත එම වාර්තාවේ ඇතුලත් කර ඇතැයි ජනාධිපතිවරයා කියයි.

සෞඛ්‍ය සහ කාලගුණ සමතුලිතතාව සදහා ඇමරිකාව වසරකට ඩොලර් බිලියන ගණනක් වැය කරන බවද ඇමරිකානු ජනාධිපතිවරයා කියයි. ඇමරිකාව අනුගමනය කරන්නේ පරිසර හිතකාමී ඉන්ධන වැඩපිළිවෙලකි. මෙවැනි තත්ත්වයක් යටතේ ඉදිරිපත් කර ඇති වාර්තා පිළිගත නොහැකි බව ට්‍රම්ප් මහතා පවසයි.

චීනය සහ ජපානය අතර ක්ෂේත්‍ර ගණනාවක් යටතේ ගිවිසුම් රැසකට අත්සන් තැබේ

චීනය සහ ජපානය අතර ක්ෂේත්‍ර ගණනාවක් යටතේ ගිවිසුම් රැසකට අත්සන් තැබේ.  බිජිං හි අද පැවැති උත්සවයකදී එම ගිවිසුම් වලට එළඹ තිබේ.  මේ යටතේ බලශක්ති. උත්පාදනය පරිසර දුෂණය අවම කිරීම ඇතුථ ව්‍යාපෘති 24 ක් සදහා සහයෝගිතා ගිවිසුම් වලට අත්සන් තැබු බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.   සුහුරු නගර සංවර්ධනය සහ දේශගුණික විපර්යාෂ වැලැක්වීම සදහා ද මෙහිදි ගිවිසුම් වලට එළඹ තිබේ.

වායුගෝලයේ හරිතාගාර වායු මට්ටම වාර්තාගත අන්දමින් ඉහලට

වායුගෝලයේ හරිතාගාර වායු මට්ටම පසුගිය වසරේ දී වාර්තාගත මට්ටමකින් ඉහළ ගොස් ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංගමය අනතුරු අගවමින් පවසයි. ලොවපුරා පිහිටි පර්යේෂණායතනවලින් සහ කාලගුණ බලධාරීන්ගෙන් ලබා ගත් දත්ත විශ්ලේෂණය කිරීමෙන් මෙම තොරතුරු අනාවරණ කර ගෙන ඇත. එම සංවිධානය පවසන්නේ පසුගිය වසරේ දී කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය මිලියනයකට කොටස් 405 යි දශම 5 ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි. මීතේන් ප්‍රමාණය බිලියනයකට කොටස් 2859 ක් බවට පත්ව ඇත. මෙම අගයන් 1984 වසරේ දිී මේ සම්බන්ධයෙන් නිරීක්ෂණ ආරම්භ වුදා සිට වාර්තා වු ඉහළම අගයන් වේ.

කැලිෆෝනියා ලැව්ගින්න සම්පුර්නයෙන් පාලනය කෙරේ

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ජනපදයෙහි හටගත් විශාල ලැව්ගින්න සම්පර්ණයෙන් නිවා දැමේ. ඒ සම්බන්ධයෙන් කටයුතු කළ එරට එදිසි සේවා නිලධාරීන් විසින් මේ බව රජයට දැනුම් දී තිබේ.

පසුගිය අට වෙනිදා ආරම්භ වූ මෙම ලැව් ගින්නෙන් නිවාස දා හතරදහසක් විනාශයට පත් විය. මරණයට පත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 85 කි. තවත් පන්දහයකට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඇමරිකානු-මෙක්සිකෝ දේශසීමාව සම්පුර්ණයෙන්ම වසා දමන බවට ඇමරිකානු ජනපති පවසයි

සංක්‍රමණිකයන්ගේ පැමිණීම වැලැක්වීමට මධ්‍යම ඇමරිකානු රටවල් ක්‍රියා නොකරන්නේ නම් ඇමරිකානු-මෙක්සිකෝ දේශසීමාව සම්පුර්ණයෙන්ම වසා දමන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. එමෙන්ම මෙක්සිකෝව සමග වෙළද ගණුදෙණු ද අත්හිටුවන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දේශසීමාවේ සිටින ආරක්ෂක හමුදාවට අවශ්‍ය වුවහොත් මාරාන්තික බලඇණි හෝ යොදා ගන්නා ලෙසට උපදෙස් දෙන බවයි. මේ වන විට කිලෝමීටර් හාරදහසක් පමණ දුර ගෙවා සංක්‍රමණිකයෝ දහස් ගණනක් ඇමරිකානු - මෙක්සිකෝ දේශසීමාවට පැමිණ සිටිති.

Subcategories