Tue04232019

Last updateSun, 21 Apr 2019 1pm

World News

චීන අමෙරිකා වෙළෙඳ සාකච්ඡා ඇරඹෙයි

චීනය සමග වෙළඳ සාකච්ඡා ආරම්භ කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. දින 90 ක කාලයක් පුරා මෙම සාකච්ඡා පැවැත්වෙන බව ට්විටර් පණිවුඩයක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි. චීන ඇමරිකානු රාජ්‍ය නායකයන් අතර ආර්ජන්ටිනාවේදී පැවති හමුව පැය දෙකහමාරක කාලයක් පුරා පැවැත්විණි.

ජනවාරි පළමුවැනිදා සිට චීන නිෂ්පාදන සඳහා බදු වැඩි කිරීමෙන් වැලකී සිටීමට ඇමරිකානු නායකයා එකග විය. චීන නායකයා සමග ඔහුගේ පෞද්ගලික සබඳතා නව වෙළඳ ගිවිසුමකට එළඹීමට ආධාර වනු ඇති බවට ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසය පළ කරයි.

මාධ්‍යවේදී ජමාල් කෂෝගී ගේ ඝාතනය සම්බන්ධයෙන් සී. අයි. ඒ. ප්‍රධානියාගෙන් අමෙරිකානු කොංග්‍රසයට විශේෂ ප්‍රකාශයක්

අමෙරිකානු රහස් ඔත්තුසේවයේ ප්‍රධානියා .සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ ඝාතනය සම්බන්ධයෙන් අද අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

එම ඝාතනය සම්බන්ධව සෞදි ජාතිකයන් 11 දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ. එරට ඔටුන්න හිමි සල්මන් කුමරුගේ නම ඒ අතර නොවීම විශේෂත්වයකි.

අමෙරිකාව සහ රුසියාව සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම්

අමෙරිකාවත් සමග සාකච්ඡා යළි ඇරඹීම සඳහා රුසියාව බලාපොරොත්තුවෙන් සිටින බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මහතා සමග ද සාකච්ඡා කළ බව ඔහු කියා සිටි.

ජී 20 සමුඑව අතරවාරයේදී දෙරටේ නායකයන් අතර පැවැත්විමට නියමිතව තිබු සාකච්ඡා වටය අවලංගු කෙරිණි. කෙසේ වුවත් මීලග ජී 20 රාජ්‍ය නායක සමුඑවට පෙර අමෙරිකානු රුසියානු නායකයින් හමුවනු ඇතැයි දෙපාර්ශවයේම විශ්වාසය පලවී තිබේ.

ලබන ජනවාරි මාසයේ සිට ඔපෙක් සංවිධානයෙන් ඉවත් වන බව කටාර් රාජ්‍යය බලශක්ති ඇමතිවරයා කියයි.

ලබන ජනවාරි මාසයේ සිට ඔපෙක් සංවිධානයෙන් ඉවත් වන බව කටාර් රාජ්‍යය බලශක්ති අමාත්‍ය ෂාඩ් අල් කාබි මහතා නිවේදනය කරයි. කටාරය විශාල වශයෙන් තෙල් නිපදවන රටක් නොවුවද ලෝකයේ විශාලතම ස්වභාවික ගෑස් අපනයනකරු වෙයි. . ඉදිරියේදි ගෑස් කර්මාන්තයේ වැඩිදියුණු කිරිම පිළිබඳව වැඩි අවධානය යොමු කරන බව ඇමතිවරයා පැවසිය. තෙල් සැපයුම අඩු කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ඔපෙක් සංවිධානය සහ රුසියාව ඇතුඵ රටවල් ගණනාවක් මේ මස 06 වැනිදා සහ 07 වැනිදා සාකච්ඡාවකට සහභාගි විමට නියමිතයි.

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවරට පැරණි මෝටර් රථ ඇතුඵ වීම තහනම් කෙරේ

වායු දුෂණය අඩු කිරීමේ අරමුණින් ස්පාඤ්ඤ්යේ මැඩ්රිඩ් අගනුවර පැරණි මෝටර් රථ ධාවනය තහනම් කිරීමට තීරණය කෙරේ.  මේ යටතේ වායු දුෂණය සියයට 40 කින් අඩු කිරීම අපෙක්ෂාවයි.  නගරයට ඇතුඵ වීමට පෙර මෝටර් රථ විශේෂ පරිීක්ෂාවකට ද ලක් කෙරේ.  අදාල නීති මාලා කඩ කරන රියදුරන්ට ඩොලර් 80 ක දඩයක් ගෙවීමට සිදු වෙයි.  නගරය තුල පාපැදි ධාවනය වැඩි කිරීමේ අටියෙන් වාහන සදහා නව නීති මාලා හදුන්වා දී ඇත.  මැඩ්රිඩ් නගර කවුන්සිලය එය ක්‍රියාත්මක කරයි.  ඊයේ ක්‍රියාත්මක වු මෙම නව නීතිය හේතුවෙන් නගරයට ඇතුඵ වීමට උත්සාහ කළ පැරණි මෝටර් රථ සියයට 20 ක් පමණ අඩු කිරීමට හැකිවී තිබේ.  දෙමුහුන් වර්ගයේ මෝටර් රථ පරිසරකාමි ලෙස සදහන් නම් ඒවාට ඇතුඵ විය හැකිය.

Subcategories