Wed01162019

Last updateTue, 15 Jan 2019 8am

SP Smart Slider New

World News

පකිස්ථානයේ පැවැත්වෙන සාක් සමුඵ්වට ඉන්දියාව සහභාගි නොවිමේ අදහසක්

 ලබන නොවැම්බරයේ පකිස්ථානයේ ඉස්ලාමාබාද් හිදි පැවැත්වෙන  සාක්  සමුඵ්වට සහභාගි නොවිමට  ඉන්දියාව වැඩි අවධානයක් යොමු කර ඇතැයි වාර්තා වේ. අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඊට සහභාගි නොවනු ඇතැයි ද ඉන්දිය වාර්තා පෙන්වා දෙයි.  කාශ්මිරය සම්බන්ධයෙන් දෙරට අතර  මතභේද වඩාත් උත්සන්න වීම මීට හේතුවයි.  කෙසේවුවත් මේ පිළීබඳ  අවසන් තීරණය අද රාත්‍රියේදි ගැනිමට නියමිතයි.

 මෙම සමුඵ්වට සහභාගි නොවිම සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථානය. බංගලාදේශය සහ භූතානය ද සලකා බලමින් සිටි.  සමුඵවට සහභාගි නොවන්නැයි ඉන්දිය නායකයන්ට  එරටේ පාර්ශ්ව ගණනාවකින් බලපෑම් එල්ල වී තිබෙ.් මේ අතර  ඉන්දියාව පවසන්නේ පකිස්ථානය ඔවුන්ට  ලැබෙන අන්තර්ජාතික ආධාර ත්‍රස්තවාදය නගා සිටුවිමට සදහා යොදවන බවයි.

කොලොම්බියාවේ ඵෙතිහාසික සාම ගිවිසුම පිළිබඳ ජනමත විචාරණය ලබන ඉරිදා.

කොලොම්බියාවේ ඵෙතිහාසික සාම ගිවිසුම පිළිබඳ ජනමත විචාරණය ලබන ඉරිදා පැවැත්වේ.  ගිවිසුම පිළිබඳව ජනතා අදහස් ලබාගැනීම එහි අරමුණයි.  විචාරකයන් පවසන්නේ පහුතරයක් ජනතාව ඊට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවයි.  කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු මෙම ගිවිසුමට විරෝධය පල කර තිබේ.

 පුරා වසර 52 ක් තිස්සේ එසේ පැවැති ගැටුම් අවසන් කරමින් කොලොම්බියානු රජය හා පාර්ක් කැරළි කණ්ඩායම ඊයේ ඵෙතිහාසික සාම ගිවිසුමකට අත්සන් තැබීය.  ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු කැරළි කණ්ඩායමේ නායකයා පැවසුවේ අවි පසෙකලා සාමකාමී දේශපාලනයට එක්වන බවයි.  සාමකාමී රටක් යළි ගොඩනැගීමට කැපවන බවට ජනාධිපති ජුවාන් මැනුවෙල් සන්තෝෂ් මහතා එහිදී පැවසීය.

රුසියාව සිරියාවේ ඇලේපෝ නගරයට ප්‍රහාර එල්ල කිරීම ම්ලේච්ඡ ක්‍රියාවක් බවට චෝදනා.

රුසියාව සිරියාවේ ඇලේපෝ නගරයට ප්‍රහාර එල්ල කිරීම ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස එක්සත් ජනපදය සදහා වන එක්සත් ජාතීන්ගේ සංවිධාන තානාපති සමන්තා පවෙල් මහත්මිය පවසයි.  එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ මණ්ඩලයේ හදිසි රැස්වීමක දී ඇය ඒ බව සදහන් කළාය.  සිරියානු අර්බුදය සම්බන්ධයෙන් රුසියාව ආරක්ෂණ මණ්ඩලයට ලබාදී ඇති තොරතුරු ද අසත්‍ය බව ඇය පෙන්වා දුන්නාය.

 මේ අතර රුසියාව පවසන්නේ සිරියානු හමුදා සාමාන්‍ය වැසියන් අවම හානි සිදු වන ආකාරයට ඇලේපෝ නගරයෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට උත්සාහ කරන බවයි.  එම ප්‍රහාර සදහා තමන් සම්බන්ධ බවට කිසිදු ප්‍රකාශයක් රුසියාව කර නැත.

ඉරානයේ බැංකු ප්‍රථම වතාවට ක්‍රෙඩිට් කාඩ්පත් හඳුන්වාදෙයි

ඉරානයේ බැංකු තම රටේ පාරිභෝගික ජනතාවට ප්‍රථම වතාවට ක්‍රෙඩිට් කාඩ් පත් හඳුන්වා දෙයි.  ඒවා ප්‍රධාන ලෙසම තම දේශීය කටයුතු සඳහා භාවිත කල හැකිය.  ඒ සඳහා ඇති සිමා ද එරට මහ බැංකුව ප්‍රකාශයට පත්කර තිබේ.  අදාල ගෙවිම් නියමිත පරිදි සිදුනොකල හොත් සියයට 18 ක දඩයක් ද අයකිරීමට නියමිතයි.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් මුහුණු මුහණට හමුවන ප්‍රථම රුපවාහිනි සංවාදය අද.

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගතහොත් ජෙරුසෙලම නගරය ඊශ්‍රායල අගනුවර වශයෙන් පිලිගන්නා බව රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. වසර තුන් දහසක පමණ කාලයක සිට ජෙරුසෙලම යුදෙව් ජනතාවගේ සදාකාලික අගනගරය වශයෙන් පැවතිණි.

Read more...

Subcategories