Sun11182018

Last updateSat, 17 Nov 2018 9am

World News

ජපානයේ සියදිවි නසා ගැනීමේ අනුපාතය ඉහලට

ජපානයේ සියදිවි නසාගැනිමේ අනුපාතය තිස් වසරකට පසු ඉහළම අගය වාර්තා කරයි. ඒ අතරින් ජපානයේ තරුණ තරුණියන් සියදිවි නසා ගැනිමට යොමුවන අනුපාතය ඉතාම ඉහළ අගයක පවති.

ජපාන අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක මේ පිළිබඳව කරුණු ඇතුළත් වෙ. 2016 වසරේදී සියදිවි නසාගෙන ඇති පාසල් සිසුන් සංඛ්‍යාව 250කි. අධ්‍යාපනයේදි මුහුණ දිමට සිදුවන ආතතිය මීට ප්‍රධාන හේතුවක් බව දත්ත වාර්තා සනාථ කරයි. 2017 වසරේ ජපානයේ වාර්තාවන සමස්ත සියදිවි නසාගැනිමේ වාර්තාව විසිඑක්දහසකි

ගාසා තීරයට යලිත් ඊශ්‍රායල් ප්‍රහාර

ගාසා තීරයට එල්ල කළ ඊශ්‍රායල් ප්‍රහාර තුනකින් පලස්තීන වැසියෝ දහස් ගණනක් තුවාල ලබති.  සංඛ්‍යා ලේඛනවලට අනුව 16 දහසකට අධික පිරිසක් ගාසා තීරයේ රැදි සිට තිබේ.  මියගිය 04 දෙනෙකුගේ සිරුරු හමුවී ඇතැයි පලස්තීනය කියයි.  බෝම්බ සහ රොකට් ප්‍රහාර රැසක් ඊශ්‍රායල හමුදාවෙන් එල්ලවී ඇත.

තායිලන්තයේ ගුහාවෙන් බේරාගත් ළමයින් 08 දෙනා හොඳ මානසික හා ශාරිරික සෞඛ්‍යයෙන්

තායිලන්තයේ ගුහාවක සිරවී සිට බේරාගත් ළමයින් 08 දෙනා සමස්තයක් වශයෙන් හොඳ මානසික ශාරිරික සෞඛ්‍යයෙන් පසුවන බව වෛද්‍යවරු පවසති.  ඔව්හු එක්ස් කිරණ හා රුධිර පරීක්ෂණයකට ලක්කරනු ලැබුහ.  ළමයින් දෙදෙනෙකුගේ පෙනහල්ලේ ආබාධයක් ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ඉදිරි දින හත තුළ රෝහලේ රඳවා ගෙන පරික්ෂා කිරීමට වෛද්‍යවරු තීරණය කර තිබේ.  තවත් ළමයි සිව්දෙනෙක් හා ඔවුන්ගේ පුහුණුකරු තවමත් ගුහාව තුළ පසුවෙති.  ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් අද ආරම්භ වෙයි.  මෙම ළමයින් 12 දෙනා බේරා ගැනීමේ මෙහෙයුම කෙරෙහි පසුගිය දිනවල සමස්ත ලෝකයම අවධානය යොමුවී තිබිනි.  ඔවුන් එම ගුහාව තුළ සිරවුයේ පසුගිය මස 23 වැනිදාය

නීති විරෝධි සංක්‍රමණිකයන් රැගෙනඑන සංවිධානවලට එරෙහිව දැඩි පියවර ගැනීමට ඇමෙරිකාව සැරසෙයි

මධ්‍යම ඇමෙරිකාවේ සිට නීති විරෝධි සංක්‍රමණිකයන් ඇමෙරිකා එක්සත් ජනපදයට රැගෙනඑන අපරාධකාරි සංවිධානවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඇමෙරිකානු අභ්‍යන්තර ආරක්ෂක ලේකම් කර්ස්ටන් නීල්සන් පවසයි.  මෙක්සිකෝව. ගෝතමාලාව. හොන්ඩුරාසය සහ සැල්වදොරය යන මධ්‍යම ඇමෙරිකානු රටවල විදේශ අමාත්‍යවරුන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව අවධාරණය කළේය.  ඇමෙරිකාවට පැමිණි නීති විරෝධි සංක්‍රමණික පවුල්වලින් ඈත් කරන ලද  දරුවන් යලි ඔවුන්ට ලබාදිමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කරන බවද හෙතෙම අවධාරණය කළේය.

තායිලන්තයේ ලෙනක සිරවී සිටින ළමයින් බේරා ගැනීමේ මෙහෙයුමේ තවත් අදියරක් අද

තායිලන්තයේ ලෙනක සිරවී සිටින ළමයින් බේරා ගැනීමේ මෙහෙයුම් පැය 10 ක කාලයක් සඳහා අත්හිටුවීමට ඊයේ පස්වරුවේ බලධාරීහු තීරණය කළහ. ලෙන තුළ සිටි ළමයින් සිව් දෙනෙකු ඉන් පිටතට ගැනීමට සහන සේවකයෝ ඊයේ සමත් වූහ. එලෙස පිටතට පැමිණි සංඛ්‍යාව හයක් වශයෙන් ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබිණි. කිමිදුම්කරුවෝ 90 දෙනෙක් ළමයින් බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධව සිටිති. ඒ අතරින් 50 දෙනෙකු විදේශිකයෝ වෙති. මෙම කටයුතු අපේක්ෂා කළ ආකාරයටත් වඩා සාර්ථකව සිදුවන බව පළාතේ ආණ්ඩුකාරවරයා පවසයි. අද දිනයේ නියමිත මෙහෙයුම් වැඩසටහනට ද පැය 10 ත් 20 ත් අතර කාලයක් ගතවනු ඇති බව ඔහු කියයි. මෝසම් වැසි හේතුවෙන් ලෙනෙහි පිවිසුම් මාර්ග ජලයෙන් යට වී තිබේ. සියලු ජලය හිස් කිරීමට හැකියාවක් නොවීය. පිටවීමේ ස්ථාන කරා ළගවීමේදී යම් දුරක් පයින් ගමන් කිරීමටත් යම් දුරක් දිය යටින් පිහිනා යාමටත් ළමයින්ට සිදුවී තිබේ. ඔවුන්ට කිමිදුම් උපකරණ සපයා ඇති අතර අත්දැකීම් බහුල කිමිදුම්කරුවෝ ආරක්ෂාව සපයති.  දොලොස් දෙනෙකුගෙන් සමන්විත මෙම ළමයින් කණ්ඩායම සිය පුහුණුකරුද සමග ලෙන තුළ සිරවූයේ පසුගිය මස 23 වෙනිදාය. ලෙනේ පිවිසුම් දොරටුවේ සිට කිලෝ මීටර් පහක් පමණ දුරින් ඔවුන් සිරවී සිටින බව හඳුනාගන්නා ලද්දේ දින 10 කට පසුවය.

Subcategories