Mon12102018

Last updateFri, 07 Dec 2018 3pm

World News

අසල්වැසි රාජ්‍යයන් හි සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දීමට ඉරානය සුදානම් බව එරට ආරක්ෂක ප්‍රධානියා පවසයි

අසල්වැසි රාජ්‍යයන් හි සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දීමට ඉරානය සුදානම් බව එරට ආරක්ෂක ප්‍රධානි බ්‍රිගේඩියර් ජනරාල් අමිර් හතාමි මහතා පවසයි.   විශේෂයෙන් ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට එරට රජයට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව හෙතෙම සදහන් කරයි.   ඉරාන ආරක්ෂක ප්‍රධානියා මේ බව පැවසුවේ ඇෆ්ගනිස්ථානයේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ටෙහෙරාන් හි දී අද හමු වු අවස්ථාවේදී ය.   ඉරානය දැනටමත් ඉරාකය සහ සිරියාවේ ටක්ෆිරි ත්‍රස්තවාදීන්ට එරෙහිව ආරක්ෂක උපදේශන සේවා ලබා දෙන බවද හෙතෙම කිවේය.