Tue12112018

Last updateFri, 07 Dec 2018 3pm

World News

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ අවි භාවිතය පිළිබඳ නව නීති

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ අවි භාවිතය පිළිබඳ නව නීති පැනවේ.  ඊට අදාල පනත එරට පාර්ලිමේන්තුවේදී සම්මත විය.  ඒ අනුව ගිනි අවි මිලදි ගතහැකි වයස් සිමාව අවුරුදු 18 සිට 21 දක්වා ඉහළ නංවා තිබේ.  එම පනත ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය සඳහා යොමුකර තිබේ.   පසුගිය මස 14 වැනිදා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාසලක සිදුවු වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව ඊට අදාල නීති දැඩි කිරීම කෙරෙහි එරට බලධාරින්ගේ අවධානය යොමු විය.  එම වෙඩි තැබීමෙන් 17 දෙනෙක් මරණයට පත්වුහ.