Thu03212019

Last updateThu, 14 Feb 2019 9am

World News

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු බ්‍රිතාන්‍යයේ සංචාරයකට සුදානම්


සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සලමන් කුමරු බ්‍රිතාන්‍යයේ දින තුනක සංචාරයකට සුදානම් වෙයි. යේමන යුද්ධයේදී සෞදි අරාබියේ ක්‍රියාකාරිත්වයට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය අසල විරෝධතාවක් පැවැත්වීමට සුදානමක් පවතින බවට පැතිර පවත්නා ප්‍රචාර නොසලකා ඔහු බ්‍රිතාන්‍යයට පැමිණෙයි. සිය සංචාරයේදි බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ මහත්මිය හමුවී සාකච්ඡා කරන සෞදි අරාබි ඔටුන්න හිමි කුමරු බ්‍රිතාන්‍ය මහ රැජින සමග දිවා භෝජනයකට සහභාගි වෙයි.