Mon08202018

Last updateMon, 30 Jul 2018 10am

World News

බංග්ලාදේශයේ විපක්ෂ නායිකාවට වසර 5 ක සිරදඩුවම් නියම කෙරේ.

බංග්ලාදේශයේ විපක්ෂ නායිකා බෙගම් ඛලීඩා සියා මහත්මියට වසර 5 ක සිරදඩුවම් නියම කෙරේ.  ඩකා අධිකරණය අද එම තින්දුව ප්‍රකාශයට පත් කළේය.  ඇයට එරෙහිව එල්ල වී ඇති දුෂණ චෝදනාවලට වරදකරු බව අධිකරණය තීරණය කර තිබේ.  තින්දුව ප්‍රකාශ කළ අවස්ථාවේ අධිකරණය අසල කළහකාරි අන්දමින් හැසිරුනු ඇයගේ ආධාරකරුවන් පළවා හැරිීමට පොලිීසියට කඳුඵ් ගෑස් යොදා ගැනීමට සිදු විය. 

අධිකරණ තීන්දුව හේතුවෙන් ඛලීඩා සියා මහත්මිය මේ වසරේ පැවැත්වෙන බංග්ලාදේශ මහ මැතිවරණයට තරග වැදීමේ අවස්ථාව අහිමි වෙයි.  කෙසේ වෙතත් ඇය පවසන්නේ තමාට එරෙහිව ඇති චෝදනා දේශපාලන අරමුණු මත එල්ල කළ ඒවා බවයි.