Mon09162019

Last updateTue, 18 Jun 2019 8am

World News

ග්‍රිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

ග්‍රීක ජනාධිපති ප්‍රකොපිස් පවුලෝපවුලස් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර ජූලි මස 7 වෙනි දිනට මහ මැතිවරණයක් කැඳවයි. ජනාධිපතිවරයාගේ මෙම නියෝගයත් සමග එරට පූර්ව මැතිවරණ සමය නිල වශයෙන් ඇරඹීම සම්ප්‍රදායයි. ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර දින 30 ක් ඇතුලත මැතිවරණය පැවැත්විය යුතුය. ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ අග්‍රාමාත්‍ය ඇලෙක්සිස් ශිප්රාස් පසුගිය සඳුදා ඔහු හමුවී කළ ඉල්ලීමෙන් අනතුරුවයි