Sun11182018

Last updateSat, 17 Nov 2018 9am

World News

මාලදිවයිනේ නව ජනාධිපතිවරයා දිවුරුම් දිම අද

මාලදිවයිනේ ජනාධිපතිවරයා   ලෙස තේරි පත් වූ ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා දිවුරුම් දිමේ උත්සවය අද මාලේ නගරයේදි පැවැත්වේ.  එම අවස්ථාවට ඉන්දිය අගමැති  නරේන්ද්‍ර මෝදි මහතා ද  සහභාගි විමට  නියමිතයි.  ඉකුත් වසර කිහිපයේ  ඉන්දිය  අගමැතිවරයා කිසිදු අවස්ථාවක   මාලදිවයිනේ  සංචාරය නොකළ බව    හිටපු ජනාධිපතිවරයෙකු  වන මොහොමඩ් නෂීඩ් මහතා කියයි. එහිදී රටේ බොහෝ දෙනෙකු සිටියේ  දේශපාලන සිරකරුවන් බවට පත් වී බව ඔහු කියා සිටි.  චීනය  තම රටේ විශාල ව්‍යාපෘති  දියත් කර ඇත. ඒ පිළිබඳව  නිසි විගණනයක් කළ යුතු යැයි නෂීඩ් මහතා කියයි.  රටක දියුණුවට කලාපිය රටවල් සමග හොද අවබෝධයෙන් ක්‍රියාකිරිම වැදගත් ය. නව රජය බලයට පත්විමෙන්  පසු ජනතා ගැටඵ  වලට මෙන්ම ජාත්‍යන්තරව ඇති ගැටඵ වලට විසදුම් ලබාදෙන බව ඔහු කියා සිටි.  එමෙන්ම පරිසරය සම්බන්ධයෙන් ඇති  ප්‍රඥප්ති නිසිලෙස ක්‍රියාත්මක කළ යුතුව  ඇතැයි ඔහු  කියයි. රජයක් පිහිටුවිමට  තමන් සමග එක් වී සිටින කණ්ඩායම් නිසි අවබෝධයකින් සිටින බව ද හිටපු ජනාධිපතිවරයා කිවේය.

සාමාකාමී සහ සමෘද්ධිමත් ඉන්දු-ශාන්තිකර කලාපයක් ගොඩනැංවීම වෙනුවෙන් කැපවන බව ඉන්දිය අගමැතිවරයා කියයි

සාමාකාමී සහ සමෘද්ධිමත් ඉන්දු-ශාන්තිකර කලාපයක් ගොඩනැංවීම වෙනුවෙන් කැපවන බව ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රතිඥා දෙයි. සිංගප්පුරුවේ ඊයේ පැවති 13 වැනි අග්නිදිග ආසියානු සමුථවට එක්වෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

සමාජික රටවල් අතර බහුපාර්ශවීය සහයෝගීතාවය. ආර්ථික සහ සංස්කෘතික සබදතා ගොඩනැංවීම සදහා ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ද ඔහු එහිදි පෙන්වා දුන්නේය.

රෝහින්ග්‍යා සරණාගතයන් යළි මියන්මාරයට යැවීම අත්හිටුවන්නැයි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ඉල්ලීමක්

රෝහින්ග්‍යා සරණාගතයන් දෙදහස් දෙසිය දෙනෙකු යළි මියන්මාරයට යැවීමේ සැලැස්ම අත්හිටුවන ලෙසට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලෙට් බංග්ලාදේශ රජයෙන් ඉල්ලා සිටී. එය ඔවුන්ගේ ජීවිතය යළිත් අනතුරේ හෙලීමක් වනු ඇති බව කොමසාරිස්වරිය ඊයේ නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙයි.

බංග්ලාදේශයට පලා ආ රෝහින්ග්‍යා සරණාගතයන් යළි මියන්මාරයට යැවීම සම්බන්ධයෙන් බංග්ලාදේශය හා මියන්මාරය පසුගිය දෙසැම්බර් මාසයේදී එකගතාවකට පැමිණියේය. අනිද්දා සිට එය ක්‍රියාවට නැංවීමට සැළසුම් කර තිබිණි. මෙම සරණාගතයන්ගේ ආරක්ෂාව පිළිබඳව සහතික වීමට මියන්මාරය අමත් වී ඇති බවත් තව දුරටත් මියන්මාරයේ මානව හිමිකම් උල්ලංඝණය වෙමින් පවතින බවත් එරට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත යැන්ගි ලී විසින් ද මීට පෙර සඳහන් කර තිබිණි.

අගහරු මත ඇති රෝවර් යානය දුර්වල වෙයි

අගහරු ග්‍රහයා මත ඇති කියුරියෝ සිටි රෝවර් යානය මේ වනවිට දුර්වල වෙමින් තිබෙන බව නාසා විද්‍යාඥයෝ කියති. එහි ගමන් වේගය පැයට මීටර් 35 ක් 110 ක් අතර ප්‍රමාණයක් දක්වා අඩුවී තිබේ. පෘථිවියේ සිට සැතපුම් මිලියන 78 ක් දුරින් යානය පවතී. ඉකුත් වසර හයේ දී එය අගහරු ග්‍රහයා පිළිබඳ සුවිශේෂී තොරතුරු රැසක් පෘථිවියට ලබා දුන්නේය.

එහි කාර්ය භාරය නිමා වු පසු වසර 2020 වනවිට පෘථිවියට යලි ගෙන්වා ගැනීම අපේක්ෂාවයි. එය විශ්‍රාම ගැන්වීමේ දී විශේෂ ගෞරව ප්‍රණාම උත්සවයක් සිදු කරන බවද නාසා ආයතනය කියයි. අගහරු ග්‍රහයා මත ඇති කියුරියෝ සිටි රෝවර් යානය මේ වනවිට දුර්වල වෙමින් තිබෙන බව නාසා විද්‍යාඥයෝ කියති. එහි ගමන් වේගය පැයට මීටර් 35 ක් 110 ක් අතර ප්‍රමාණයක් දක්වා අඩුවී තිබේ. පෘථිවියේ සිට සැතපුම් මිලියන 78 ක් දුරින් යානය පවතී.

ඉකුත් වසර හයේ දී එය අගහරු ග්‍රහයා පිළිබඳ සුවිශේෂී තොරතුරු රැසක් පෘථිවියට ලබා දුන්නේය. එහි කාර්ය භාරය නිමා වු පසු වසර 2020 වනවිට පෘථිවියට යලි ගෙන්වා ගැනීම අපේක්ෂාවයි. එය විශ්‍රාම ගැන්වීමේ දී විශේෂ ගෞරව ප්‍රණාම උත්සවයක් සිදු කරන බවද නාසා ආයතනය කියයි.

ඇමරිකානු සහ චීන රාජ්‍ය නායකයන්ගේ හමුවක්

ඇමරිකානු සහ චීන රාජ්‍ය නායකයන්ගේ ඉදිරි හමුවට සමගාමීව දෙරට අතර වෙළඳාම පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡා යළි ආරම්භ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික කටයුතු පිළිබඳ උපදේශක ලෝරන්ස් කඩ්ලෝ පවසයි. එහෙත් ඇමරිකාවේ කොන්දේසිවලට චීනය එකගවනු ඇති බවට විශ්වසයක් නොමැති බවද ඔහු කියයි.

එබැවින් මෙම සාකච්ඡා පිළිබඳ පුරෝකථනයක් කළ නොහැකි බව ඔහු පෙන්වා දෙයි. ජී විස්ස කණ්ඩායමේ රටවල සමුඑව මේ මස 30 සහ දෙසැම්බර් පළමුවෙනිදා ආර්ජන්ටිනාවේ බුවනෝර්ස්අයර්ස් හිදී පැවැත් වේ. දෙරටේ රාජ්‍ය නායකයෝ එහිදී හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

Subcategories