Mon02262018

Last updateSun, 25 Feb 2018 6pm

World News

උතුරු කොරියාවට එරෙහිව ඇමරිකාව අලුතින් සම්බාධක පැනවීම චීන රජය දැඩි ලෙස හෙළා දකී

 

උතුරු කොරියාවට එරෙහිව ඇමරිකාව අලුතින් සම්බාධක පැනවීම චීන රජය දැඩි ලෙස හෙළා දකී. චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඇමරිකාවේ මෙම ඒකපාර්ශ්වීය තීරණයට තම රට දැඩි ලෙස විරුද්ධ වන බවයි. මෙමගින් චීනයේ සහ තායිවානයේ ධීවර හා නාවික කටයුතුවලට බාධා එල්ල වෙයි. මෙමගින් චීනය සහ උතුරු කොරියාව අතර ද්විපාර්ශ්වික සබදතා වලටද හානි සිදු විය හැකි බව එම අමාත්‍යාංශය සදහන් කරයි. මෙම ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවන ලෙස තම රට ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවද චීන රජය පවසයි. ඇමරිකාව ඉකුත් සිකුරාදා උතුරු කොරියාවේ සමාගම් 27ක්. නෞකා 28 ක් ඉලක්ක කර ගෙන අලුතින් සම්බාධක පැනවීමට ක්‍රියා කළේය.
====
යේමනයේ ආදන් නගරයට අයි එස් ත්‍රස්තවාදීන් ඊයේ එල්ල කළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියෝ 14 දෙනෙක් මිය යති. තවත් හතලිකයට අධික පිරිසක් මිය ගියහ. ළමයි සහ කාන්තාවෝ ඒ අතර වෙති.
====
පසුගිය වසර කිහිපයේදී කොකේන් මත්ද්‍රව්‍ය ටොන් 250 කට වැඩි සංඛ්‍යාවක් ජාවාරමේ යෙදුණු ඉක්වදෝර ජාතිකයෙකු කොලොම්බියාවේ සිට අමෙරිකාවට පිටුවහල් කර තිබේ. ඔහු අමෙරිකාව පුරා මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතුවල නිරතවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊට අමතරව මෙම පුද්ගලයා ඉක්වදෝරයේ විනිසුරුවරුන් නීතීඥයන් සහ පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමට අණදී ඇතැයිද වාර්තාවෙයි.

මූල්‍ය අක්‍රමිකතා සිදු කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඉන්දිය අගමැතිවරයා කියයි

මූල්‍ය අක්‍රමිකතා  සිදු කරන්නන්ට එරෙහිව  දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසය.ි පසුගියදා පන්ජාබයේ ජාතික  බැංකුවේ සිදුවු මූල්‍ය වංචාව පිළිබඳව අදහස් දක්වමින් අගමැතිවරයා සදහන් කළේ මහජන මුදල් නිති විරෝධි ලෙස භාවිත කිරිම පිළිගත නොහැකි බවයි.  මෙවැනි මූල්‍ය වංචා සිදුවිම වැලැක්විම සදහා තම කාර්යභාරය මැනවින් ඉෂ්ට කරන ලෙස අගමැතිවරයා  එරට මූල්‍ය ආයතන සහ  අධීක්ෂණ කාර්ය මණ්ඩලවලින්   ඉල්ලීමක් ද කළේය.

හිටපු අගමැතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බව පකිස්ථාන අගමැති කියයි

හිටපු අගමැති නවාස් ෂරීෆ් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බව පකිස්ථාන අගමැති ෂයිඩ් කහකන් අබ්බායි මහතා කියයි.  ලබන මස 3 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති සෙනෙට් සභා මැතිවරණයට ද එමගින් බලපෑමක් එල්ල වුවද මැතිවරණය සැලසුම් කළ පරිදි පවත්වන බව ඔහු සදහන් කරයි.  නවාස් ෂරීෆ් මහතා පාලක පක්ෂයේ නායකත්වය දැරීමට නුසුදුස්සෙකු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.  එම තිීන්දුවෙන් පසුව විපක්ෂය පැවසුවේ සෙනෙට් සභා මැතිවරණය සදහා ෂරීෆ් මහතා ඉදිරිපත් කළ අපේක්ෂක නාමලේඛනය බල රහිත වන බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ දියණිය දකුණු කොරියාවට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දියණිය වන ඉවංකා ට්‍රම්ප් දකුණු කොරියාවට පැමිණෙයි.  ලබන ඉරිදා පැවැත්වෙන 2018 සිසිර ඔලිම්පික් උලෙලේ සමාප්ති උත්සවයට සහභාගීවීම සදහා ඇය එහි පැමිණ සිටී.  තම පියාගේ හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ඉල්ලීමකට අනුව ඇය එම උත්සවයට සහභාගී වන බව ධවල මන්දිරය කියයි. 

Read more...

සිරියාවට තාවකාලික සටන් විරාමයක් ගෙන ඒමට ජගත් ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට රුසියාවේ විරෝධය

සිරියාවට දින තිහක සටන් විරාමයක් ගෙන ඒමට ජගත් ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට තම රට එකගනොවන බව රුසියාව පවසයි.  එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපතිවරයා පෙන්වා දෙන්නේ මේ සදහා තම රට සංශෝධන ඉදිරිපත් කළ බවයි.  ජගත් ආරක්ෂක මණ්ඩලයේ පැවති හදිසි රැස්වීමකට එක්වෙමින් හෙතෙම ප්‍රකාශ කළේ ජනතාවාදී ක්‍රියාමාර්ගකයට වඩා සාධනීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට මෙම අවස්ථාවේ දී කටයුතු කළ යුතු බවයි.