Wed02192020

Last updateTue, 17 Dec 2019 9am

Sport News

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 කණ්ඩායමේ තරග අද සිට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේ තරග අද ඇරඹේ.  එහිදී ප්‍රංශය ආජන්ටිනාව සමග තරග වදින අතර උරුගුවේ කණ්ඩායම පෘතුගාලය සමග තරග වදි.  පලමු වටයේදී කැපිපෙනෙන දක්ෂතා පෙන්වමින් සහභාගිවු තරග තුනම ජය ගැනීමට උරුගුවේ පිල සමත් විය.

ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ වැඩි කැමැත්ත ඕවර් විස්සයි විස්සේ තරගවලට

ලෝකයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර මේ වනවිට වැඩිම කැමැත්ත පළවී ඇත්තේ ඕවර් විස්සයි විස්සේ ක්‍රිකට් තරගවලට බව නවතම වාර්තාවක් පෙන්වා දි ඇත.  එය සියයට 92 ක් පමණ වෙයි.  ඉන් සියයට 87 ක් පෙන්වා දී ඇත්තේ ඕවර් 20 යි විස්සේ තරග ඔලිම්පික් ක්‍රීඩාවක් බවට පත් කළ යුතු බවයි.  වාර්ෂිකව ක්‍රිකට් තරග නරඹන සංඛ්‍යාව බිලියනයකට වැඩිය.  ඉන් මිලියන 300 ක් පමණ ක්‍රීඩාංගණවලට පැමිණ තරග නරඹති.  එම පැමිණෙන අයගෙන් සියයට 39 ක් කාන්තාවන් බව හෙලිවි තිබේ.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 4 ක් අද

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 4 ක් අද පැවැත්වෙයි. දකුණු කොරියාව ජර්මනිය සමගත්. මෙක්සිකෝව ස්විඩනය සමගත් අද තරග වදිනු ඇත. අද පැවැත්වෙන අනිත් තරග දෙක වන්නේ සර්බියාව සහ බ්‍රසිලය අතර තරගය සහ ස්විට්සර්ලන්තය සහ කොස්ටාරිකාව අතර තරගයයි.

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගවලින් බ්‍රසීලය. දකුණූ කොරියාව සහ ස්වීඩනයට ජය

පීෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගවලදී ජයග්‍රහණ අත්කර ගැනීමට බ්‍රසීලය. දකුණූ කොරියාව සහ ස්වීඩනය සමත් විය. සර්බියාව සහ බ්‍රසීලය අතර පැවති තරගයේදී ගෝල දෙකට බින්දුවක් ලෙස ජය ගැනීමට බ්‍රසීලය සමත් විය. පවුලින්හෝ සහ තියාගෝ සිල්වා බ්‍රසීලය වෙනුවෙන් ගෝල රැස් කලහ. ස්වීඩනය සහ කොස්ටරීකා රාජ්‍ය අතර තරගය ගෝල දෙකට දෙකක් ලෙස සම විය. දකුණු කොරියාව සහ ජර්මනිය අතර තරගයෙන් දෙකට බින්දුවක ජයක් දකුණූ කොරියාවට හිමිවිය. කිම් යොන්ග් ග්වෝන් සහ සොන් හෙවුන්ග් මින් දකුණු කොරියාව වෙනුවෙන් ගෝල රැස් කලහ. පරාජයත් සමග තරගාවලියෙන් ඉවත්වීමට ජර්මනියට සිදුවීම විශේෂත්වයයි. පළමු වටයේදීම පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට ජර්මනිය සිදුවන්නේ වසර අසූවකට පසුවය. පසුගිය පාපන්දු ලෝක කුසලානය ජය ගත්තේ ජර්මනියයි. මෙක්සිකෝව සහ ස්වීඩනය අතර තරගය ගෝල 3 ට බින්දුවක් ලෙස ජය ගැනීමට ස්වීඩනය සමත් විය. ඕගස්ටින්සන්. ග්රැන්ක්වීස්ට් සහ ඇල්වරේස් ස්වීඩනය වෙනුවෙන් ගෝල රැස් කළහ.

ඒ අනුව ඒ කාණ්ඩයෙන් මීලග වටය සදහා දකුණූ 9 ක් සහ හයක් ලබාගත් උරුගුවේ සහ රුසියා කණ්ඩායම් සුදුසුකම් ලබා ඇත. බී ඛාණ්ඩය යටතේ ලකුණූ පහ බැගින් ලබා ගත් ස්පාඥ්ඥය සහ පෘතුගාලය ඊලග වටයට සුදුසුකම් ලබා තිබේ. සී බාණ්ඩයෙන් ඉදිරියට යන්නේ ප්‍රංශය සහ ඩෙන්මාර්කයයි. ලකුණූ හතක් සහ පහක් වශයෙන් එම කණ්ඩායම් ජයග්‍රහණය කර ඇත. ඩී කාණ්ඩය යටතේ ක්‍රොඒශියාව සහ ආජන්ටිනාව පෙරමුණේ සිටී. ඒ ලකුණු 9 ක් සහ 4 ක් ලබමිනි.

ඊ ඛාන්ඩයෙන් බ්‍රසීලය සහ ස්විස්ටර්ලන්තය ඊලග වටයට සුදුසුකම් ලබා ඇත. ඒ ලකුණු 7 ක් සහ පහක් ලබා ගිනිමිනි. එෆ් ඛාණ්ඩයෙන් ලකුණු හය බැගින් ලබා ගත් ස්වීඩනය සහ මෙක්සිකෝව ඊලග වටයට සුදුසුකම් ලබා ඇත. ජී සහ එච් කාණ්ඩ යටතේ තරග 4 ක් අද පැවැත්වේ

දකුණු අප්‍රිකාණු ක්‍රිකට් පිල ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් සමග තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා වඩාත්ම දායකත්වයක් දැක්වු ක්‍රිඩකයා ලෙස දිල්රුවන් පෙරේරා හැදින්විය හැකියැයි විචාරකයෝ කියති. ඔහු 7 වන පිතිකරුවා ලෙස පැමිණ පන්දු 68 ක් තුළ නොදැවී ලකුණු 23 ක් රැස් කරමින් ඉනීම ආරක්‍ෂා කරමින් අනෙක් පිතිකරුවාට සහාය ලබාදීමට සමත්විය. මේ නිසා කුසල් මෙන්ඩිස්ගේ දැවීයාමෙන් පසු කුසල් පෙරේරා පැමිණ නොදැවී ලකුණු 28 ක් රැස් කරමින් තරගයේ ජයග්‍රහනය කරා ගෙන ගියේය. දිල්රුවන් ප්‍රථම ඉනිමේදීද නොදැවී ඉනීම නිමාවන තෙක් සිටියේය.තරගාවලියේ දක්‍ෂතම පන්දු යවන්නන් දෙදෙනෙකු දක්නට ලැබුණ අතර බටහිර කොදෙව් පිලේ සුලයිමන් ගේබ්‍රියල් කඩුලු 20 ක් ලබා ප්‍රථම ස්ථානයේ සිටින අතර ළහිරු කුමාර කඩුලු 15 ක් බිද හෙලා දෙවන ස්ථානයේ සිටී. ශ්‍රී ලංකාවේ වේගවත්ම පන්දු යවන්නා බවට ළහිරු කුමාර පත්ව සිටින බව පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා කියයි.
මෙම තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාව සමග තරග මාලාවකට එක්වෙයි. එහි පළමු පුහුණු තරගය ලබන 07 වැනිදා කොළඹදී පැවැත්වේ.

Subcategories