Thu10172019

Last updateTue, 18 Jun 2019 8am

Sport News

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග හෙට සිට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග හෙටත් අනිද්දාත් පැවැත්වේ.  තරගාවලියේ තුන්වන ස්ථානය සදහා වන තරගය ලබන සෙනසුරාදා පැවැත්වේ.  අවසන් මහ තරගය පැවැත්වෙන්නේ ලබන ඉරිදායි.  ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රුසියාවේදී ආරම්භ වුයේ පසුගිය මස 14 වැනිදාය.  වසර හතරකට වරක් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලොව ජනප්‍රියතම ක්‍රිඩා ඉසව්වක් ලෙස සැලකේ.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරග අද සිට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරග අද ඇරඹේ.  උරුගුවේ හා ප්‍රංශය අතර සහ බ්‍රසීලය හා බෙල්ජියම අතර තරග අද පැවැත්වේ. අර්ධ අවසන් පුර්ව වටයේ තරග අදත් හෙටත් පැවැත්වීමෙන් පසුව අවසන් පුර්ව වටයේ තරග ලබන 10 හා 11 යන දිනවල පැවැත්වීමට නියමිතයි.  තරගාවලියේ තෙවන ස්ථානය සදහා වන තරගය ලබන 14 වැනිදා පැවැත්වීමෙන් පසුව අවසන් මහා තරගය ලබන 15 වැනිදා පැවැත්වේ.

රුසියාව හා ක්‍රොයේෂියාව ලෝක කුසලාන පාන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ස්පාඤ්ඤය සමග ඊයේ පැවති තරගය ජයගත් රුසියාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි. කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් ලබාගැනීම හේතුවෙන් ජය පැරදුම තීරණය කිරීමට අමතර කාලයක් ලබාදීමට විනිසුරුවරු තීරණය කළහ. එහිදීද ගෝලයක් ලබාගැනීමට කණ්ඩායම් දෙකම අපොහොසත් වූ බැවින් දඩුවම් පහර මගින් තරගයේ ජය තීරණය කෙරිණි.

Read more...

තරග සංචාරයකට සහභාගිවීම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

තරග සංචාරයකට සහභාගිවීම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද පසවරුවේ දිවයිනට පැමිණියේය.  ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග දෙකක්. එක්දින ජාත්‍යන්තර තරග 5 ක්. සහ පන්දුවාර විස්සේ තරගයක් පැවැත්වෙයි.  ප්‍රථම ටෙස්ට් තරගය ලබන 12 වැනිදා ගාල්ලේදි ඇරඹෙයි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 කණ්ඩායමේ තරග අද සිට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේ තරග අද ඇරඹේ.  එහිදී ප්‍රංශය ආජන්ටිනාව සමග තරග වදින අතර උරුගුවේ කණ්ඩායම පෘතුගාලය සමග තරග වදි.  පලමු වටයේදී කැපිපෙනෙන දක්ෂතා පෙන්වමින් සහභාගිවු තරග තුනම ජය ගැනීමට උරුගුවේ පිල සමත් විය.

Subcategories