Fri10182019

Last updateTue, 18 Jun 2019 8am

Sport News

ශ්‍රී ලංකා-එංගලන්ත විස්සයි විස්සේ ක්‍රිකට් තරගය අද

ශ්‍රි ලංකාවත් එංගලන්තයත් අතර එකම ඔව්ර් විස්සයි විස්සේ  ක්‍රිකට් තරගය ආර්. ප්‍රේමදාස  ක්‍රිඩාංගනයේදි  අද පැවැත්වේ.  එය දිවා රාත්‍රි තරගයකි. රාත්‍රි  7.00 ට එය ඇරඹේ.   ශ්‍රි ලංකා පිලේ  නායකයා ලෙස තිසර පෙරේරා කටයුතු කරයි. මෙම තරගයෙන් පසු  දෙරට අතර  ටෙස්ට් තරගාවලිය ආරම්භ විමට නියමිතයි.

ශ්‍රිී ලංකාවත් සමග ප්‍රථම එක්දින ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 5 ක ජයක්

ශ්‍රිී ලංකාවත් දකුණු අප්‍රිකාවත් අතර පැවති ප්‍රථම එක්දින ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 5 ක ජයක් හිමි විය. තරගයේ ජයග්‍රහණය සදහා දකුණු අප්‍රිකානු පිලට ලකුණු 194 ක ඉලක්කයක් එල්ල විය. එම පිල ඕවර් 31 කදී කඩුලු 5 කට ලකුනු 196 ක් රැස් කරමින් තරගය ජය ගත්තේය. ජේ පී ඩුමිනි නොදැවී ලකුණු 53 ක් රැස් කළේය. අකිල ධනංජය කඩුලු 3 ක් බිඳ හෙලීය. ශ්‍රීී ලංකාව ඕවර් 34 යි පන්දු 3 කදි සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 193 ක් පමණි. කුසල් ජනිත් පෙරේරා ලකුණු 81 ක් රැස් කළේය. මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායකයා වුයේ ඇන්ජෙලෝ මැතිව්ස්ය. මැතිව්ස් නායකත්වය ලබා දුන් සියවැනි එක්දින තරගය මෙය විය. මීට වසර 14 කට පෙර දකුණු අප්‍රිකානු පිල දඹුල්ලේ දී පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ අතර එම තරගයේදී එක්දින වරම් හිමි කර ගත් ජේ පී ඩුමිනි අද තරගය ජයග්‍රහණය කිරිමට ඔවුනට දායකත්වය ලබා දුන්නේය

ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගෙය්දී බෙල්ජියම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය සමත් වෙයි. තරගය ඊයේ රාත්‍රියේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැවති මෙම තරගය ගෝල එකට බින්දුවක් වශයෙන් නිමාවට පත් විය. ප්‍රංශ කණ්ඩායමේ සැමුවෙල් උම්ටිටි තරගයේ පණස් එක්වන විනාඩියේදී ගෝලයක් වාර්තා කළේය. මෙම ජයග්‍රහණයත් සමග ප්‍රංශය සිය ලෝක පාපන්දු තරගාවලි ඉතිහාසයේ තෙවන වරටත් අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබුවේය. ඒ අනුව අද පැවැත්වෙන ක්‍රොයේෂියාව සහ එංගලන්තය අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග ප්‍රංශය අවසන් මහා තරගයේදී සටන්වැදීමට නියමිතයි. අවසන් මහා තරගය ඉරිදා රුසියාවේ මොස්කව් නුවරදී පැවැත් වේ.

අනූ හය වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන මස 3 වන දා ඇරඹේ

96 වන ජාතික මලල ක්‍රිඩා ශූරතාවලිය ලබන මස 3. 4. සහ 5 දිනවලදී කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදී පැවැත්වේ. මෙවර ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 750 දෙනෙක් ඊට සහභාගී වෙති. ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ක්‍රිඩා උළෙලට ක්‍රිඩක ක්‍රිඩිකාවන් තෝරාගැනීමද මෙහිදී සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊයේ සදහන් කළේය. මෙම ශූරතාවලියට ටෙලිකොම් ආයතනය අනුග්‍රහය දක්වයි. අදාළ චෙක්පත් භාරදීමද ඊයේ සිදුකෙරිණ

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද ඇරඹේ

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද ඇරඹේ.  බෙල්ජියම සහ ප්‍රංශය අතර තරගය රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හිදි ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රි 11.30 ට ආරම්භ වෙයි.  65 දහසකට අධික පිරිසකට තරගය නැරඹිමේ අවස්ථාව සලසා තිබේ.  මේවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ප්‍රංශය අපරාධිතව තරගබිමට පිවිසෙයි.  තරගාවලියේ අවසන්පුර්ව වටයට ප්‍රංශය පැමිණි 06 වන අවස්ථාව මෙයයි.  මෙවර තරගාවලියේ පෙරලිකාර කණ්ඩායමක් ලෙස බෙල්ජියම අද තරගබිමට පිවිසෙයි.  අද පැවැත්වෙන තරගයෙන් ජයගතහොත් බෙල්ජියම ප්‍රථම වතාවට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් වටයට සුදුසුකම් ලබයි.  දැනටමත් තරගාවලියේදී ගෝල 04 ක් ලබා සිටින බෙල්ජියම් කණ්ඩායමේ රොමේලු ලුකාලු කෙරෙහි දැඩි අවධානයක් යොමුවී තිබේ.  ලෝක කුසලාන පාපන්දු  තරගාවලියේ තුන්වන ස්ථානය සදහා වන තරගය ලබන සෙනසුරාදා පැවැත්වේ.  අවසන් මහ තරගය පැවැත්වෙන්නේ ලබන ඉරිදායි.  ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රුසියාවේදී ආරම්භ වුයේ පසුගිය මස 14 වැනිදාය.  වසර හතරකට වරක් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලොව ජනප්‍රියතම ක්‍රිඩා ඉසව්වක් ලෙස සැලකේ.

Subcategories