Wed05272020

Last updateSat, 22 Feb 2020 6pm

Sport News

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතුවලට සහායවීමට උපදේශක කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතුවලට සහායවීම සදහා උපදේශක කමිටුවක් පත් කෙරේ. මෙම කමිටුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිලවරණය දක්වා ක්‍රියාත්මක වේ. ෆයිසර් මුස්තාපා ඇමතිවරයාගේ උපදෙස් මත කමිටුව පත්කර ඇත. ජනාධිපති නිතිඥ ඩිනාල් ෆිලිප්ස් . සමන්ත රාජපක්ෂ. මොහොමඩ් භිෂාම් ජමල්ඩීන් . රනිල් පතිරණ. ලසන්ත වික්‍රමසිංහ උපදේශක කමිටුවේ සාමාජිකයෝ වෙති

එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන බදාදා

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී ලබන බදාදා පැවැත්වේ. තරගාවලියේ තරග එකට බිංදුවක් ලෙසඑ ංගලන්තය ඉදිරියෙන් සිටි.

ප්‍රථම තරගය පරාජයට පත්වුවද ඉදිරි තරග ජය ලබා තරගාවලියට අවතීර්ණවීමේ හැකියාව ශ්‍රී ලංකා පිලට ඇතැයි කණ්ඩායම් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි.

පසුගිය තරගාවලි කිහිපයකදී ශ්‍රී ලංකාව එවැනි දස්කම් දක්වා තිබේ. දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්ව සිටින බැවින් සුරංග ලක්මාල් ඉදිරි ටෙස්ට් තරග දෙක සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්ත්වයක.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ පැවැත්වෙන එංගලන්ත ශ්‍රි ලංකා පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. දෙවන ඉනිම සදහා පන්දුවට පහර දෙන ශ්‍රි ලංකා කණ්ඩායම දිවාභෝජනය සදහා තරගය නතර කරන විට කඩුලු 03 ක් දැවි ලකුණු 98 ක් ලබා සිටියේය. කෞෂාල් සිල්වා ලකුණු 30 කට.ත්. දිමුත් කරුණාරත්න ලකුණු 26 කටත් දවාලිමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වුහ . ජයග්‍රහණය සදහා ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 462 ක ඉලක්කයක් එල්ල වී තිබෙ.්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතුවලට සහායවීමට උපදේශක කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතුවලට සහායවීම සදහා උපදේශක කමිටුවක් පත් කෙරේ. මෙම කමිටුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිලවරණය දක්වා ක්‍රියාත්මක වේ. ෆයිසර් මුස්තාපා ඇමතිවරයාගේ උපදෙස් මත කමිටුව පත්කර ඇත.

ජනාධිපති නිතිඥ ඩිනාල් ෆිලිප්ස් . සමන්ත රාජපක්ෂ. මොහොමඩ් භිෂාම් ජමල්ඩීන් . රනිල් පතිරණ. ලසන්ත වික්‍රමසිංහ උපදේශක කමිටුවේ සාමාජිකයෝ වෙති.

ආසියානු පාපන්දු සම්මේලන ව්‍යවස්ථා සංශෝධනයේදී මෙරට බළධාරීන් රට ගැන අමතක කොට ක්‍රියා කර ඇත

ආසියානු පාපන්දු සම්මේලනය සිදු කළ ව්‍යවස්ථා සංශෝධනයේදී ශ්‍රීි ලංකා පාපන්දු බලධාරීන් කටයුතු කර ඇත්තේ රට ගැන අමතක කොට බව හිටපු පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගු මහතා පවසයි.

ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමේ දී රටට මුල්තැන ලබ ාදිය යුතුය. තීන්දු තීරණ ගත යුත්තේ රටේ අභිවෘද්ධිය උදෙසා පමණි. ආසියානු පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව වෙනුවෙන් පුද්ගල අවශ්‍යතා මත තීන්දු තීරණ නොගෙන ක්‍රියා කළ යුතුව තිබු බව ඔහු පෙන්වා දෙයි. ආසියානු පාපන්දු ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රීී ලංකාව එකග වීම රටේ විදේශ ප්‍රතිපත්තියට පටහැනි බවද හිටපු සභාපතිවරයා කියයි.

Subcategories