Wed01162019

Last updateTue, 15 Jan 2019 8am

SP Smart Slider New

Sport News

අන්තර් ක්‍රිඩා සමාජ රග්බි තරගාවලියේ අපරාජිත කණ්ඩායම් දෙක අතර තරගය ඉරිදා

අන්තර් ක්‍රිඩා සමාජ රග්බි තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මහනුවර ක්‍රිඩා සමාජය සමත්ව සිටි.  ඔවුන් මෙන්ම හැව්ලොක් ක්‍රිඩා සමාජය ද මේ දක්වා තරගාවලියේ අපරාජිතව සිටි.  නාවික හමුදා කණ්ඩායම තුන්වැනි ස්ථානයේ පසුවෙයි.  අපරාජිතව සිටින මහනුවර හා හැව්ලොක් අතර තරගය ලබන ඉරිදා කොළඹදී පැවැත්වේ.  එය බොහෝ දෙනාගේ අවධානයට දැනටමත් ලක්වී ඇත.

ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ අවසන්පුර්ව වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්පුර්ව වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි.  මේ අනුව ඒ කොටසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවද බී කොටසින් බංග්ලාදේශය සහ පාකිස්තානයද අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා තිබේ.

නැගි එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය කොළඹදී අද

නැගි එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී අද පැවැත්වේ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ඒ-කොටසින් තරගවදි. ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව යන රටවල් ද එම කොටසට ඇතුලත් වෙයි.

සමබර කණ්ඩායමක් සමග හොඳ තරගයක් ලබාදීමට සුදානම් බව නැගිඑන ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ජාත්‍යන්තර තරගවලට සහභාගිවු ක්‍රිඩකයෝ රැසක්ද මෙම සංචිතයට ඇතුලත් වෙති. පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව තරගාවලියේ සම සත්කාරකත්වය දරයි

ලසිත් මාලිංග යළිත් අයි. පී. එල් පිටියට පැමිණෙන ලකුණු

ඉන්දීය ප්‍රිමියර්ලිග් ක්‍රිකට් තරගාවලියේ ලබන වසරේ තරගාවලිය සදහා ග්ලේන් මැක්ස්වෙල් සහ ආරොන් ෆින්ච් එක් නොවන බව වාර්තාවෙයි. ලබන වසරේ මුල් භාගයේදී ඕස්ට්‍රේලියානු පිල තරගමාලා රැසකටම සහභාගීවීම ඊට හේතුවයි. ඉන්දීය රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමකින් යුත් ක්‍රිඩක ලයිස්තුවට ලසිත් මාළිංග සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව සිටිති.

ඉකුත් තරගවාරයේදී මාළිංග පුහුණු උපදේශකවරයෙකු ලෙස ක්‍රියාකළත් මෙවර ඔහු තරග අතරට පිවිසිමේ වැඩි ඉඩක් පෙන්නුම් කරන බව වාර්තාවෙයි. මේ අතර දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ නම දිල්ලි කැපිටල් ලෙස වෙනස් කර ඇත.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන නැගි එන ක්‍රිකට් තරගාවලිය අද සිට

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන නැගි එන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය තරගාවලියේ සත්කාරකත්වය දරයි. ඒ සහ බී ලෙස කාණ්ඩ දෙකක් යටතේ රටවල් අටක් එහිදී තරගවදි. පාකිස්ථානය සහ හොංකොං කණ්ඩායම ද බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය ද බී-කාණ්ඩය යටතේ අද පාකිස්ථානයේදී තරග වදි. ඒ-කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව. ඉන්දියාව. ඇෆ්ගනිස්ථානය සහ ඕමානය තරගවැදීමට නියමිතයි. තරගාවලියේ අවසන් මහා තරගය එලඹෙන 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී පැවැත්වේ.

Subcategories