Thu01172019

Last updateTue, 15 Jan 2019 8am

SP Smart Slider New

Sport News

ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 327 ක ඉලක්කයක්

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි. ජයග්‍රහණය සඳහා ලකුණු 327 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුථ 4 කට ලකුණු 53 ක් ලබා සිටියේය.

දෙවැනි ඉනිම වෙනුවෙන් එංගලන්තය සියලුදෙනා දැවී ලකුණු 230 ක් ලබා ගත් අතර පළමු ඉණිම සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 336 කි. ශ්‍රී ලංකාවට පළමු ඉණිම වෙනුවෙන් ලබා ගත හැකිවුයේ ලකුණු 240 ක් පමණි. පැවති තරග දෙකම ජයගත් එංගලන්තය මේ වන විට ටෙස්ට් තරගාවලිය ජය ගෙන තිබේ.

එංගලන්ත පළමු ඉනිමේ කඩුලු 2 ක් බිඳ වැටෙයි

සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රීි ලංකා පිල අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ දී අද ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. දිවා ආහාරය සදහා තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 102 ක් ලබා ගෙන සිටියේය

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය අදින් ඇරඹෙයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය අදින් ඇරඹෙයි. ඒ අනුව කණ්ඩායම් දෙක අතර පළමු විස්සයි විස්ස තරගය බ්‍රිස්බෙන්හිදී අද පැවැත්වීමට නියමිතයි. විස්ස විස්ස තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමට විරාත් කෝලී නායකත්වය සපයන අතර ආරොන් ෆින්ච් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය සපයයි. තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට අමතරව ටෙස්ට් තරග 4 කට සහ එක්දින තරග 3 කට ද ඉන්දියාව මෙහිදී සහභාගි වීමට නියමිතයි

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් පූර්ව තරග හෙට

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් පූර්ව තරග බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී හෙට ඇරඹේ. මූලික වටයෙන් කණ්ඩායම් හතරක් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා සිටී. සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිල. ඔස්ට්‍රේලියාව. ඉන්දියාව සහ එංගලන්තය එම කණ්ඩායම් හතරයි. බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඔස්ට්‍රේලියාව අතර තරගය ත් ඉන්දියාව සහ එංගලන්තය අතර දෙවන තරගයත් හෙට පැවැත්වේ.

 

ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ නවතම දර්ශකයේ ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන්

ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ නවතම  දර්ශකයට අනුව ඉන්දීය කණ්ඩායම පළමු ස්ථානයට පත්ව තිබේ.  දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව ඇති අතර එංගලන්ත කණ්ඩායම තුන්වන ස්ථානයේ පසුවෙයි.  ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ 6 වන ස්ථානයේයි.

Subcategories