Thu09202018

Last updateMon, 30 Jul 2018 10am

Sport News

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාගේ අභියාචනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හමුවේ සලකා බැලීම අද


ශ්‍රිී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය කමිටු සභාපති මයිකල් බ්ලොෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවෙයි. තමා වරදකරු කරමින් ලබාදුන් තීන්දුවට එරෙහිව දිනේෂ් චන්දිමාල් ඊයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අභියාචනයක් ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා-බටහිර ඉන්දිය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට එල්ලවී තිබු චෝදනාවලට ඔහු වරදකරු බව තීරණය කෙරින. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කලේ චන්දිමාල්ට එක් තරගයක තහනමක් පැනවීමට හා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තරග මුදල සියයට 100 ක දඩ මුදලක් ලෙස නියම කිරීමට තීරණය කර ඇති බවයි.

ක්‍රිඩා ගුරුවරුන් හාරදහසකට ආසන්න පිරිසක් ඉදිරි සති තුනේදී පාසල්වලට

ඉදිරි සති තුනේදී ක්‍රිඩා ගුරුවරුන් 3850 දෙනෙකු බදවා ගන්නා බව ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.  ජාතික හා දිස්ත්‍රික් මට්ටමින් ඔවුන් තෝරා ගැනුණි. ක්‍රිඩාවෙන් දක්‍ෂතා දැක්වු අය මේ සදහා තෝරාගෙන තිබේ.  ඊයේ කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව කිීවේය.  සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය ලබන 24 වැනිදා සිට බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රිඩාංගනයේදී ඇරඹෙයි.  ඒ පිළිබඳව දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි. තරගාවලිය සදහා ක්‍රිඩක ක්‍රිඩිකාවෝ අටදහසක් පමණ සහභාගී වෙති කි‍්‍රඩා උලෙල සදහා මයිලෝ අනුග‍්‍රහය දක්වන අකර එම ආයතනයේ උප සභාපති බන්දුල එගොඩගේ අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රිඩා උපදේශක සුනිල් ජයවීර මහතාද මෙහිදි අදහස් දැක්වීය.

එංගලන්ත ක්‍රිකට් සංචිතයට සොහොයුරන් දෙපලක්

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව සමග ඉදිරියේදි පැවැත්වෙන ඕවර් විස්සයි විස්ස තරගාවලියට නම්කළ එංගලන්ත සංචිතයට සෑම් සහ ටොම් කරන් නම්කර තිබේ.  මෙම ශත වර්ෂයේ එංගලන්ත පිල වෙනුවෙන් නම් කළ ප්‍රථම සොහොයුරන් දෙපොල ඔවුහු වෙති.  ඔවුන් දෙදෙනාම අන්තර් ජාතික ප්‍රිමියලීග් තරගාවලි සඳහා එක්වුවත් මෙතෙක් එංගලන්ත කණ්ඩායමට කැඳවා නොතිබුනි.

ශ්‍රි ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට තරග තහනමක්

පන්දුව පඑඳු කිරීමේ චෝදනාවට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ටෙස්ට් තරග තහනමක් පනවයි. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තෙවන තරගය ඔහුට අහිමි වී තිබේ. ඊට අමතරව දෙවන ටෙස්ට් තරගයේදී ඔහුට හිමිවිය යුතු මුදල සම්පූර්ණයෙන් කපා හැරේ. කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන තරගයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවේ හැඩය වෙනස් කළ බවට චෝදනා එල්ල විය. ඒ සම්බන්ධයෙන් කොදෙව් කණ්ඩායමට දඩුවම් ලකුණු 5 ක් එකතු වූ අතර නායක චන්දිමාල්ට එරෙහිව චෝදනා ගොණු කෙරිණි. කණ්ඩායම් දෙක අතර තෙවන ටෙස්ට් තරගය ලබන සෙනසුරාදා ආරම්භ වෙයි.

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. ජයග්‍රහණය සදහා කොදෙව් පිලට ලකුණු 296 ක ඉලක්කයක් එල්ල විය. තරගය නතර කරන විට කොදෙව් පිල කඩුඵ 5 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියේය. සුරංග ලක්මාල් සහ කසුන් රාජිත කඩුඵ දෙක බැගින් දවාලීමට සමත්වූහ .

Subcategories