Sat09222018

Last updateMon, 30 Jul 2018 10am

Sport News

ශ්‍රි ලංකා බටහිර ඉන්දිය කොදෙව් තුන්වන ටෙස්ට් තරගයේදි කුසල් ජනිත් පෙරේරා අනතුරකට ලක්වෙයි

ක්‍රිඩක කුසල් ජනිත් පෙරේරා අනතුරකට ලක්වෙයි.  ශ්‍රි ලංකා බටහිර ඉන්දිය කොදෙව් තුන්වන  ටෙස්ට් ක්‍රිකට් තරගයේ පන්දු රකිමින් සිටියදි  ඔහු  එම අනතුරට ලක්විය  පන්දුවක් රැක ගැනිමට ගත් උත්සාහයකදී ඔහු ක්‍රිඩාපිටියේ  හතරේ සිමාව ආසන්නයේ තිබු දැන්විම් පුවරුවක ගැටී තිබෙ.  කුසල් ජනිත් පෙරේරා මේ වනවිට රෝහල් ගත කර ඇතැයි  වාර්තා වේ

බාබඩෝස් හි කෙන්සින්ටන් ඕවල් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන සංචාරක ශ්‍රි ලංකාව හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය නිමාවන විට  දෙවන ඉනිම සදහා පන්දුවට දෙන ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 05 ක් දැවි ලකුණු  81 ක් ලබා සිටියේය.  ශ්‍රි ලංකාව පලමු ඉනිම සදහා ලකුණු 154 ක් ලබා ගත්තේය .  බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම පලමු ඉනිම සදහා ලකුණු  204 ක්  ද  දෙවැනි ඉනිම සදහා ලකුණු   93 ක්ද ලබාගත්තේය

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 4 ක් අද

.ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 4 ක් අද පැවැත්වෙයි.  උරුගුවේ සහ සත්කාරක රුසියාව සමාරා හිදි අද තරගවදින්නේ ඒ කොටසිනි.  ඊජිප්තුව සහ සෞදිඅරාබිය  වොල්ගෝ ග්‍රූන්ඩ්හිදි තරග බිමට පිවිසෙයි.  එම තරග දෙකම ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.30 ට ඇරඹෙයි.  ඉරානය සහ පෘතුගාලය අතර තරගයද ස්පාඤ්ඤය සහ මොරොක්කෝව අතර තරගයද අද පැවැත්වීමට නියමිතයි.  බී කොටසින් පැවැත්වෙන මෙම තරග ආරම්භ වන්නේ රාත්‍රි 11.30 ටයි.  උරුගුවේ . රුසියාව. ප්‍රංශය. ක්‍රෝඒෂියාව. බෙල්ජියම සහ එංගලන්තය  යන කණ්ඩායම් දැනටමත් තරගාවලියේ ඉදිරියෙන් සිටිති

ශ්‍රි ලංකා බටහිර ඉන්දිය කොදෙව් 3 වන ටෙස්ට් තරගය අද

ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර 3 වන ටෙස්ට් තරගය ශ්‍රි ලංකා වේලාවෙන් අද රාත්‍රි 11 30 ට ආරම්භවෙයි.  එය දිවා රාත්‍රි තරගයකි. ශ්‍රි ලංකා කණ්ඩායම සුරංග ලක්මාල් මෙහෙය වන අතර කොදෙව් පිලේ නායකත්වය දරන්නේ ජේසන් වෝල්ඩය. මෙතෙක් පැවති තරග දෙකෙන් එක් තරගයක් ජයගෙන කොදෙව් පිල මේ වන විට ඉදිරියෙන් සිටි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් සාර්ථක ආරම්භයක්

ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර බ්‍රිජ්ටවුන් හි පැවැත්වෙන 3 වැනි ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ දිනය නිමා වන විට සිය ප්‍රථම ඉනිම සදහා පන්දුවට පහර දෙන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු 05 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියේය. සුරංග ලක්මාල් හා කසුන් රජිත කඩුලු 2 බැගින් බිද හෙඵහ.

ශ්‍රි ලංකා බටහිර ඉන්දිය කොදෙව් දෙවැනි දිවාරාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රි ලංකා වේලාවෙන් අද රාත්‍රි 11.00 ට

රෝස පැහැති පන්දුව භාවිත කරමින් පැවැත්වෙන 10 වැනි දිවා රාත්‍රි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා-බටහිර ඉන්දිය කොදෙව් අතර අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 11.30 ට ඇරඹේ.  ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගය මෙයයි.  බටහිර ඉන්දිය කොදෙව් දුපත් හි පැවැත්වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගය ද මෙය වේ.

Subcategories