Mon06172019

Last updateMon, 17 Jun 2019 1pm

Sport News

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට කඩුඑ 7 ත ජයක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ පැවැත්විණි. එහි පළමු තරගය කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායමට එරෙහිව කඩුඑ 7 කින් ජයගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට හැකි විය. විශාකපට්නම්හිදී පැවති අනෙත් තරගය දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම පරදවා ලකුණු 80 කින් ජය ගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත් විය.

Read more...

ඉන්ෆො ක්‍රිකට් චැම්පියන්ස් - 2016 තරගාවලිය කොළඹ ශාලිකා ක්‍රීඩාංගණයේදී ජුනි 9 වැනිදා

ඉන්ෆො ක්‍රිකට් චැම්පියන්ස් -  2016 තරගාවලිය කොළඹ ශාලිකා ක්‍රීඩාංගණයේදී ජුනි 9 වැනිදා ආරම්භ වේ. දින දෙකක් පැවැත්වෙන තරගාවලිය රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය ආයතන අතර සුහදතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් සංවිධාන කර ඇත. ජනමාධ්‍ය ආයතන 30 ක් පමණ ඊට සහභාගිවීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි.

වයස අවුරුදු 19 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදි හෙට

වයස අවුරුදු  19 න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය  කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදි හෙට ඇරඹේ.  මේ සදහා දකුණු  පළාත් සහ වයඹ පළාත්  කණ්ඩායම් සුදුසුකම් ලබා සිටිති

Read more...

සමාජ සේවා ක්‍රිඩා උළෙල පැලවත්ත බුද්ධදාස ක්‍රිඩාංගනයේදී අද .

සමාජ සේවා ක්‍රීඩා උළෙල පැලවත්ත බුද්ධදාස ක්‍රිඩාංගනයේදී අද පැවැත්වේ. ආබාධ සහිත වූවන් වෙනුවෙන් වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානවල අභ්‍යාසලාබීහූ පන්සියයකය අධික පිරිසක් ඊට එක්වෙති. ඩයලොග් සමාගම මීට අනුග්‍රාහකත්වය ලබා දෙයි .

මහේල සතු එංගලන්ත කණ්ඩායමේ තරග උපක්‍රම පිළිබඳ දැනුම ප්‍රයෝජනයට ගන්නා බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

මහේල සතු එංගලන්ත කණ්ඩායමේ තරග උපක්‍රම පිළිබඳ දැනුම ප්‍රයෝජනයට ගන්නා බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි.  දෙරට අතර ටෙස්ට්. තරගාවලියක්  ලබන  19 වැනිදා ආරම්භවේ පසුගිය පන්දු වාර විස්සයි  විස්ස ලෝක කුසලාන තරගාවලියේදි  මහේල ජයවර්ධන  එංගලන්තයේ කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස කටයුතු කළේය.

Read more...

Subcategories